එවිට මම පිළිතුරු දෙමින්, “අහෝ දෙවි ස්වාමීන් වහන්ස! මම කවදාවත් මාව ම අපවිත්‍ර කර නොගතිමි. මාගේ බාල වයසේ පටන් මේ දක්වා කුණප වත්, මෘගයන් විසින් ඉරාදැමුණු සතෙකු වත් නොකෑවෙමි. පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නො වේ වා”යි කීමි.
ලෙවී කථාව 11:39 - Sinhala New Revised Version 2018 “නුඹලාට කෑමට අවසර ඇති යම් මෘගයෙකු මළ පසු යමෙකු උගේ මළකුණ ස්පර්ශ කළොත්, සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටියි. Sinhala New Revised Version “නුඹලාට කෑමට අවසර ඇති යම් මෘගයෙකු මළ පසු යමෙකු උගේ මළකුණ ස්පර්ශ කළොත්, සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටියි. Sinhala Revised Old Version නුඹලා කෑමට ගන්න මෘගයින්ගෙන් එකෙක් මැරුණොත් උගේ මළකුණේ ස්පර්ශවන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටී. |
එවිට මම පිළිතුරු දෙමින්, “අහෝ දෙවි ස්වාමීන් වහන්ස! මම කවදාවත් මාව ම අපවිත්‍ර කර නොගතිමි. මාගේ බාල වයසේ පටන් මේ දක්වා කුණප වත්, මෘගයන් විසින් ඉරාදැමුණු සතෙකු වත් නොකෑවෙමි. පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නො වේ වා”යි කීමි.
“පහත දක්වන සතුන් නිසා නුඹලා අපවිත්‍ර වන්නහු ය; උන්ගේ මළකුණු ස්පර්ශ කරන කවරෙක් නමුත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.
යමෙකු උන්ගේ මළකුණු උසුලාගෙන ගියොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වේ. නුඹලා උන් අපවිත්‍ර සතුන් ලෙස සැලකිය යුතු ය.
බඩගා යන සතුන් අතර මොවුහු නුඹලාට අපවිත්‍ර ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ.
එහෙත්, ඒ බීජ පිට වතුර වත් කළ පසු උන්ගේ මළකුණුවලින් කිසිවක් ඒවා පිට වැටුණොත් ඒවා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.
යමෙකු ඒ මළ සතාගේ මස් කෑවොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටියි. තවද, යමෙකු උගේ මළකුණ උසුලාගෙන ගියොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටිනු ඇත.
තවද, යමෙකු ඒ ගේ වසා තිබෙන කාලය තුළ එහි ඇතුළු වුවහොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සලකනු ලැබේ.
පූජකවරයා එක පඬුරක් පාප පූජාවක් සඳහා ද අනික දවන යාග පූජාවක් සඳහා ද ඔප්පු කළ යුතු ය. මෙලෙස ඔහු ඔප්පු කරමින් ඒ තැනැත්තාගේ මෝචනය උදෙසා පවිත්‍ර වීමේ පිළිවෙත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉටු කළ යුතු ය.
යමෙකු එවැන්නෙකුගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.
යමෙකු එවැන්නෙකුගේ ඇඟ ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍රය යයි සැලකෙනු ඇත.
පාපයන් දරාගෙන අශාශෙල් වෙත පාළුකරයට ගිය එළුවා දක්කාගෙන ගිය තැනැත්තා ද තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කොට කඳවුරට පැමිණිය යුතු ය.
‘ඉශ්රායෙල් ජාතිකයෙක් හෝ විදේශිකයෙක් හෝ වේවා, ඉබේ ම මැරුණු හෝ වන සතුන් විසින් මරාදමනු ලැබූ හෝ මෘගයෙකුගේ මාංස කෑවොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ය. ඉන්පසු පවිත්‍ර යයි සැලකෙනු ඇත.
“ආරොන්ගේ පෙළපතින් පැවතෙන යමෙකුට බෝවෙන චර්ම රෝගය හෝ ධාතු මෝචනය හෝ තිබේ නම්, ඔහු පවිත්‍ර වන තෙක් ශුද්ධ පූජාවලින් නොවැළඳිය යුතු ය.
මෙසේ ස්පර්ශ කිරීමෙන් අපවිත්‍ර වූ පූජකයෙකු සවස දක්වා අපවිත්‍ර යයි සැලකේ. ඔහු ජලස්නානය කරන්නට පෙර ශුද්ධ පූජාවලින් කිසිවක් නොවැළඳිය යුතු ය.
ඉබේ ම මැරුණු හෝ වන මෘගයෙකු විසින් මරන ලද හෝ සතෙකුගේ මස් ඔහු නොවැළඳිය යුතු ය. එවැන්නකින් ඔහු අපවිත්‍ර වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.
එලෙස ම යමෙකු එළිමහනේ කඩුවකින් මරාදැමූ කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ මිනිසෙකුගේ ඇටකටුවක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළොත් ඔහු දින හතකට අපවිත්‍ර ය.
ඉන්පසු පූජකවරයා තම ඇඳුම් සෝදා, ජලස්නානය කොට, කඳවුර තුළට ආ යුතු ය. එහෙත්, ඔහු හවස දක්වා අපවිත්‍ර යැයි සැලකේ.