Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 11:24 - Sinhala New Revised Version 2018

24 “පහත දක්වන සතුන් නිසා නුඹලා අපවිත්‍ර වන්නහු ය; උන්ගේ මළකුණු ස්පර්ශ කරන කවරෙක් නමුත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 “පහත දක්වන සතුන් නිසා නුඹලා අපවිත්‍ර වන්නහු ය; උන්ගේ මළකුණු ස්පර්ශ කරන කවරෙක් නමුත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 නුඹලා මුන්ගෙන් අපවිත්‍රවන්නහුය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 11:24
36 හුවමාරු යොමු  

සව් බලැති දෙවි සමිඳාණෝ මට කතා කොට, “ජීවිතාන්තය දක්වා නුඹේ මේ අපරාධ කමා නොකරන බව සව් බලැති දෙවි සමිඳාණන් වන මම නුඹලාට කියමි”යි වදාළ සේක.


එහෙත්, පා හතරින් යන, පියාපත් සහිත අන් සියලු සතුන් නුඹලාට පිළිකුල් විය යුතු ය.


තවද, යමෙකු උන්ගේ මළකුණු උසුලාගෙන ගියොත්, ඔහු සිය වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.


බඩගා යන සතුන් අතර මොවුහු නුඹලාට අපවිත්‍ර ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ.


ඉහත දැක්වූ සතුන්ගේ මස් නොකෑ යුතු ය. උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතු ය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.


තවද, යමෙකු ඒ ගේ වසා තිබෙන කාලය තුළ එහි ඇතුළු වුවහොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සලකනු ලැබේ.


එවැන්නෙකු වාඩිගත් ආසනයක් යමෙකු ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර ය. යමෙකු එවැන්නෙකු වාඩිගත් යමක් උස්සාගෙන ගියොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.


මෝචනය ඇති කෙනෙකු වතුරෙන් අත් නොසෝදා, වෙන කෙනෙකු ස්පර්ශ කළොත්, ඒ තැනැත්තා තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.


පූජකවරයා එක පඬුරක් පාප පූජාවක් සඳහා ද අනික දවන යාග පූජාවක් සඳහා ද ඔප්පු කළ යුතු ය. මෙලෙස ඔහු ඔප්පු කරමින් ඒ තැනැත්තාගේ මෝචනය උදෙසා පවිත්‍ර වීමේ පිළිවෙත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉටු කළ යුතු ය.


යමෙකු ඇගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු වේ. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.


යමෙකු ඈ වාඩි වූ අසුනක් ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.


යමෙකු ඇගේ යහන වේවා, ඈ වාඩි වූ ඕනෑ ම දෙයක් වේවා, ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.


යමෙක් ඒ බඩු භාණ්ඩ ස්පර්ශ කරන්නේ ද ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.


යමෙකු එවැන්නෙකුගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.


එවැන්නෙකු වාඩි වූ අසුනක යමෙකු වාඩි වුණොත්, මොහු තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කළ යුතු ය. මොහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.


යමෙකු එවැන්නෙකුගේ ඇඟ ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍රය යයි සැලකෙනු ඇත.


එවැන්නෙකු පවිත්‍ර යයි සැලකෙන යමෙකුට කෙළ ගැසුවොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.


පාපයන් දරාගෙන අශාශෙල් වෙත පාළුකරයට ගිය එළුවා දක්කාගෙන ගිය තැනැත්තා ද තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කොට කඳවුරට පැමිණිය යුතු ය.


එලෙස පුළුස්සන්නා ද තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කොට කඳවුරට පැමිණිය යුතු ය.”


“ආරොන්ගේ පෙළපතින් පැවතෙන යමෙකුට බෝවෙන චර්ම රෝගය හෝ ධාතු මෝචනය හෝ තිබේ නම්, ඔහු පවිත්‍ර වන තෙක් ශුද්ධ පූජාවලින් නොවැළඳිය යුතු ය.


මළසිරුරක් නිසා අපවිත්‍ර වූ යමක් ස්පර්ශ කරන කෙනෙක් හෝ ධාතු මෝචනය ඇති කෙනෙක් හෝ අපවිත්‍ර බඩගා යන සතෙකු වත්, යම් කිසි අපවිත්‍රකමක් ඇති මිනිසෙකු වත් ස්පර්ශ කරන කෙනෙක් හෝ අපවිත්‍ර වන්නේ ය.


මෙසේ ස්පර්ශ කිරීමෙන් අපවිත්‍ර වූ පූජකයෙකු සවස දක්වා අපවිත්‍ර යයි සැලකේ. ඔහු ජලස්නානය කරන්නට පෙර ශුද්ධ පූජාවලින් කිසිවක් නොවැළඳිය යුතු ය.


යමෙකු නොදැනුවත්කමින් ආගමික පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සැලකෙන හීලෑ සතෙකුගේ, වන සතෙකුගේ හෝ බඩගා යන අපවිත්‍ර සතෙකුගේ මළකඳක් ස්පර්ශ කළොත්, ඔහු එය දැනගත් කල අපවිත්‍ර වී වරදකරුවෙක් වන්නේ ය.


තවද, යමෙකු මනුෂ්‍යයෙකුගේ හෝ මෘගයෙකුගේ හෝ ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමක් හෝ පිළිකුල් අපවිත්‍ර දෙයක් හෝ ස්පර්ශ කොට, සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ මාංස වැළඳුවහොත්, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.”


ඉන්පසු පූජකවරයා තම ඇඳුම් සෝදා, ජලස්නානය කොට, කඳවුර තුළට ආ යුතු ය. එහෙත්, ඔහු හවස දක්වා අපවිත්‍ර යැයි සැලකේ.


මුළා නොවන්න, “නරක ආශ්‍රයෙන් හොඳ චරිත වැනසේ.”


එබැවින්: “ඔවුන් අතරෙන් නික්මවිත්, වෙන් වී සිටින්න. අපවිත්‍ර කිසිවක් ස්පර්ශ නොකරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “එවිට මම ඔබ පිළිගෙන,


අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවී, ඒවා එළිකරන්න.


ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරී, ලෝකයේ භූතාධිපතීන්ගෙන් ජය ගත්තහු නම් තව ම ලෝකයට අයිති වූවන් මෙන් ජීවත් වෙමින්,


එසේ නොවූයේ නම්, ලෝකය මැවීමේ පටන් නොයෙක් වර, උන් වහන්සේට වද වේදනා විඳීම අවශ්‍ය වනු ඇත. එහෙත් උන් වහන්සේ තමන් ම පූජා කිරීමෙන් පාපය දුරු කරන පිණිස මේ යුගාන්තයේ දී සදහට ම එක වරක් ප්‍රකාශ වූ සේක.


එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්