Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 22:4 - Sinhala New Revised Version 2018

4 “ආරොන්ගේ පෙළපතින් පැවතෙන යමෙකුට බෝවෙන චර්ම රෝගය හෝ ධාතු මෝචනය හෝ තිබේ නම්, ඔහු පවිත්‍ර වන තෙක් ශුද්ධ පූජාවලින් නොවැළඳිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 “ආරොන්ගේ පෙළපතින් පැවතෙන යමෙකුට බෝවෙන චර්ම රෝගය හෝ ධාතු මෝචනය හෝ තිබේ නම්, ඔහු පවිත්‍ර වන තෙක් ශුද්ධ පූජාවලින් නොවැළඳිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ආරොන්ගේ වංශයෙන් කොයි පුරුෂයෙක් නුමුත් කුෂ්ඨ රෝගියෙක් හෝ යම් ප්‍රමේහයක් ඇත්තෙක් හෝ වන්නේද ඔහු පවිත්‍රවනතෙක් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය. මළවුන් කරණකොටගෙන අපවිත්‍රවී තිබෙන කිසි දෙයකට ස්පර්ශවන කෙනෙක්වත් ශුක්‍ර වැගිරීමක් ඇති කෙනෙක්වත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 22:4
18 හුවමාරු යොමු  

“නුඹලාට කෑමට අවසර ඇති යම් මෘගයෙකු මළ පසු යමෙකු උගේ මළකුණ ස්පර්ශ කළොත්, සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටියි.


පුරුෂ ධාතු වැටුණු සෑම වස්ත්‍රයක් ම, සෑම සම් පිළියක් ම වතුරෙන් සේදිය යුතු ය. ඒවා සවස දක්වා අපවිත්‍ර වනු ඇත.


ධාන්‍ය පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති ය. එය සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පිදූ පූජාවලින් අතිශුද්ධ කොටස වේ.


ධාන්‍ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ. එය සමිඳාණන් වහන්සේට පිදූ දවන පූජාවලින් අතිශුද්ධ කොටස වනු ඇත.


සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරුන්ට කතා කොට මෙසේ කියන ලෙස වදාළ සේක: “පහත දක්වන අවස්ථාවල හැර කිසි ම පූජකයෙකු තම සෙනඟගේ මළසිරුරක් සමීපයට යාමෙන්, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර නොවිය යුතු ය.


එහෙත්, එවැන්නෙකුට අතිශුද්ධ ද ශුද්ධ ද වන දේවලින් තම දෙවියන් වහන්සේට පුදන පූප වැළඳිය හැක.


නැවතත් හග්ගයි මෙසේ ඇසී ය: “මළමිනියක් ස්පර්ශ කිරීමෙන් අපවිත්‍ර වූ යම් කෙනෙකු ඒ ආහාර ස්පර්ශ කළොත් ඒවා අපවිත්‍ර වෙයි ද?” ඒ ප්‍රශ්නයට පූජකයෝ, “අපවිත්‍ර ය”යි පිළිතුරු දුන්හ.


“ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන ශුද්ධ පඬුරුවල විශේෂ කොටස් සියල්ල ම මම නුඹටත්, නුඹේ දරුදැරියන්ටත් සදහට ම වලංගු නියෝගයකින් ප්‍රදානය කෙළෙමි. මෙය වනාහි සමිඳාණන් වහන්සේ වන මම නුඹත්, නුඹේ පෙළපතත් සමඟ ගිවිසගත් සදහට ම වලංගු වන හෙවත් නොකැඩෙන ගිවිසුමක් ය.”


ගින්නෙන් නොදවා පුදන අතිශුද්ධ පූජාවලින් නුඹලාට හිමි කොටස මෙය වනු ඇත. ඔවුන් මට පූජා කරන සෑම ධාන්‍ය පූජාවක් ම, පාප පූජාවක් ම, වන්දි ගෙවීමේ පූජාවක් ම නුඹටත්, නුඹේ දරුවන්ටත් අතිශුද්ධ වනු ඇත.


“ ‘අපවිත්‍ර යමෙක් තමා ම පවිත්‍ර කර නොගනී නම්, එවැන්නෙක් ජනතාව වෙතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය කෙලෙසූ බැවිනි. අපවිත්‍ර වීම පහකරන ජලය ඔහුට ඉස නැත. ඔහු අපවිත්‍ර ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්