Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 19:16 - Sinhala New Revised Version 2018

16 එලෙස ම යමෙකු එළිමහනේ කඩුවකින් මරාදැමූ කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ මිනිසෙකුගේ ඇටකටුවක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළොත් ඔහු දින හතකට අපවිත්‍ර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එලෙස ම යමෙකු එළිමහනේ කඩුවකින් මරාදැමූ කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ මිනිසෙකුගේ ඇටකටුවක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළොත් ඔහු දින හතකට අපවිත්‍ර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 කඩුවෙන් මැරුම්කෑ කෙනෙකුටවත් මළකඳකවත් මිනී ඇටයකවත් මිනී වළකවත් එළිමහනේදී ස්පර්ශවන තැනැත්තේ සත් දවසක් අපවිත්‍ර වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 19:16
12 හුවමාරු යොමු  

“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ හුණු ගා සුදු කළ සොහොන්වලට සමාන ය. ඒවා පිටතින් ශෝභන ව පෙනෙතත් ඇතුළත මළවුන්ගේ ඇටකටුවලින් ද සියලු ආකාර කැලිකසළින් ද පිරී තිබේ.


තවද, යමෙකු මැරූ අය ද මැරුම්කෑ කෙනෙකු ස්පර්ශ කළ අය ද හත් දිනක් කඳවුරෙන් බැහැර සිටිය යුතු ය. තුන් වන දින සහ සත් වන දින ඔබ ද සිරකරුවන් ද පවිත්‍ර විය යුතු ය.


ඔබට වන විපතක මහත! ඔබ නොපෙනෙන සොහොන් ගෙවලට සමාන ය; ඒ මත ඇවිදින අය, නොදැන එසේ කරති.”


“ ‘යමෙකුගේ මෘත ශරීරය ස්පර්ශ කරන තැනැත්තා සත් දිනක් අපවිත්‍ර ව සිටියි.


වැස්මක් නැති ව, ඇර තිබූ භාජන සියල්ල අපවිත්‍ර ය.


යන්න, බබිලෝනියෙන් පිට වී යන්න, අපිරිසිදු දේකට අත නොපාන්න. නොනැවතී පිට වී යන්න, සමිඳුන්ගේ භාණ්ඩ උසුලාගෙන යන නුඹලා පිරිසිදු වන්න.


සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරුන්ට කතා කොට මෙසේ කියන ලෙස වදාළ සේක: “පහත දක්වන අවස්ථාවල හැර කිසි ම පූජකයෙකු තම සෙනඟගේ මළසිරුරක් සමීපයට යාමෙන්, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර නොවිය යුතු ය.


“බෝවෙන සෑම චර්ම රෝගයක් ඇති සෑම කෙනෙකු ම, ධාතු මෝචනය ඇති සෑම කෙනෙකු ම, මෘත ශරීරයක් නිසා කෙලෙසුණ සෑම කෙනෙකු ම කඳවුරින් පිටතට දැමිය යුතු ය කියා ඉශ්රායෙල් ජනයාට අණ කරන්න.


මේ කාලය තුළ දී ඔහු කිසි ම කෙනෙකුගේ මළකඳක් සමීපයට නොපැමිණිය යුතු ය.


මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වූ මිනිසුන් සමහරෙක් එහි සිටියෝ ය. ඔවුන්ට එදින පාස්කුව පැවැත්වීමට නොහැකි වූ බැවින්, ඔව්හු එදින ම මෝසෙස් හා ආරොන් වෙතට පැමිණ


යමෙකු අපවිත්‍ර වුවහොත් ඔහු පිරිසිදු වීමට ඔහුට සත් දවසක් වත් ගත විය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්