එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටී ය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන, සිය පුත්‍රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේ ය.
ලෙවී කථාව 1:3 - Sinhala New Revised Version 2018 ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය. Sinhala New Revised Version ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය. Sinhala Revised Old Version ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය. |
එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටී ය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන, සිය පුත්‍රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේ ය.
එවිට උන් වහන්සේ “නුඹ දැන්, නුඹේ පුත්‍රයා-නුඹ ප්‍රේම කරන නුඹේ එක ම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න, එහි ගොස්, මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නැ”යි වදාළ සේක.
එවිට ආබ්‍රහම්, “පුතා, දෙවියන් වහන්සේ ම පූජාව සඳහා බැටළු පැටවා දෙන සේකැ”යි පිළිතුරු දුනි. මෙලෙස දෙදෙනා ම ගමන් කළහ.
එවිට නෝවා සමිඳාණන් වහන්සේට පූජාසනයක් තනා, එක එක වර්ගයේ සියලු පවිත්‍ර සතුන්ගෙන් හා පක්ෂීන්ගෙන් එක එකා බැගින් පූජාසනය මත දවන පඬුරක් මෙන් පූජා කෙළේ ය.
සභාව ගෙනා දවන යාග පූජාවල ගණන ගොනුන් හැත්තෑවකුත්, බැටළුවන් සියයකුත්, බැටළු පැටවුන් දෙසියයකුත් ය. මේ සියල්ල ගෙනාවේ, සමිඳාණන් වහන්සේට දවන යාග පූජා පිණිස ය.
ඔව්හු මෝසෙස්ගේ පොතෙහි ලියා තිබෙන ලෙස සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස දවන යාග පූජාව සෙනඟගේ පුත්‍රයන්ගේ පිය වංශ බෙදීම්වල හැටියට දීමට වෙන් කළෝ ය. ගවයින්ටත් එසේ ම කළෝ ය.
ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය. අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.
නුඹලා ගන්න බැටළු පැටවා කැළැල් රහිත, අවුරුද්දක් වයසැති පිරිමි සතෙකු විය යුතු ය. තවද, බැටළුවන් හෝ එළුවන් හෝ අතරෙන් එවැනි එකෙකු තෝරාගත හැකි ය.
පසුව ඔහු ඉශ්රායෙල් ජනයා අතරෙන් තරුණයන් යැවී ය. ඔව්හු දවන යාග පූජා හා ගවයන් මරා, සහභාගිකමේ පූජා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළහ.
මෙසේ කළ පසු බැටළුවා මුළුමනින් ම පූජාසනය මත පිළිස්සිය යුතු වේ. එය මට පුද කරන දවන යාග පූජාවකි. ගින්නෙන් දැවූ, එය සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින සුමිහිරි පූජාවකි.
“ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟට ගෙනවුත්, ඔවුන්ට ස්නානය කිරීමට සලසන්න.
මෙය සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපයේ දොරටුව අසල, නුඹේ සෑම පෙළපතක් මඟින් ම නොකඩවා ඔප්පු කළ යුතු දවන යාග පූජාවක් විය යුතු ය. එහි දී මම නුඹලා හමු වෙමි; නුඹලා සමඟ කතා කරමි.
සෙනඟ ද පසු දින අලුයම නැඟිට, දවන යාග පූජා පුදා, සහභාගිකමේ පූජා ගෙනාහ. පසුව ඔව්හු කන්න බොන්න වාඩි වී විනෝදයට ලකලෑස්ති වූ හ.
තවද, එසේ දීමට සිය කැමැත්තෙන් එකඟ වූ සැම කෙනෙක් ම සම්මුඛ මණ්ඩපය සෑදීමට ද එහි සියලු සේවාවන් සඳහා ද ශුද්ධ වස්ත්‍ර සඳහා ද සමිඳාණන් වහන්සේ වෙත පඬුරු රැගෙන ආහ.
සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් සෑදීමට අණ කළ නන්වැදෑරුම් සේවාවන් සඳහා බඩු දීමට එකඟ වූ ඉශ්රායෙල් ජනයා අතර සිටි සෑම ස්ත්‍රියක් හා පුරුෂයෙක් ම සිය කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේ වෙත තම පඬුරු ගෙනාහ.
ඔබ සතු දෙයින් සමිඳාණන් වහන්සේට පඬුරක් වෙන් කළ යුතු ය. එසේ කිරීමට කැමැති සෑම කෙනෙකු ම තම පඬුර සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය. එය රන්, රිදී, ලෝකඩ ද
ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයේ වැඩ සඳහා, එය ඉදි කිරීමට ගෙනා පඬුරු සියල්ල ඔව්හු මෝසෙස්ගෙන් බාරගත්හ. ඉශ්රායෙල් ජනයා ද උදයක් උදයක් පාසා තම තමන්ගේ පඬුරු ඔහු වෙත ගෙනෙන්නට වූ හ.
ඔහු ෂිටිම් ලීයෙන් දවන යාග පුදන පූජාසනය සෑදී ය. එහි දිග මීටර් දෙකයි දශම දෙකක් ද පළල මීටර් දෙකයි දශම දෙකක් ද උස මීටර් එකයි දශම තුනක් ද වූ අතර එය චතුරස්‍රාකාර විය.
එතුමාණෝ මෙසේ වදාරන සේක: “නුඹලාගේ නිමක් නැති පූජාවලින් මට වැඩක් ඇද් ද? බැටළුවන් දවන පූජා ද තර සතුන්ගේ තෙල් ද මට තිත්ත වී ඇත. එළු, බැටළු, ගව ලේ මට රුස්සන්නේ නැත.
මක්නිසා ද, උස් වූ ඉශ්රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේ දී මුළු ඉශ්රායෙල් වංශය වසන දේශයෙහි සිටින ඔවුන් සියල්ලන් මට සේවය කරනු ඇතැ”යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. “එහි දී මම ඔවුන් පිළිගන්නෙමි. එහි දී මම නුඹලාගේ පඬුරු ද නුඹලා ඔප්පු කරන ඉස්තරම් දීමනා ද නුඹලාගේ ශුද්ධ පූජා සමඟ මට පුදන්න නියම කරන්නෙමි.
දොරටුවේ ශාලාවේ එක පැත්තක මේස දෙකක් ද අනික් පැත්තෙහි මේස දෙකක් ද තිබිණි. ඒවා තිබුණේ ඒ මත දවන පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද සඳහා සතුන් මරණ පිණිස ය.
“තවද, යමෙක් දවන යාගය සඳහා පට්ටියෙන් ගත් බැටළුවෙකු හෝ එළුවෙකු හෝ පූජාව වශයෙන් ගෙනෙන්නේ නම්, ඌ ද නොකැළැල් පිරිමි සතෙකු විය යුතු ය.
“අට වන දින ඔහු කැළැල් රහිත බැටළු වස්සන් දෙදෙනකු ද කැළැල් රහිත අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක ද තෙල් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද ධාන්‍ය පූජාවක් වශයෙන් ගත යුතු ය.
ඔහු එළුවන් දෙදෙනා ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්විය යුතු ය.
‘ඔබ ඔවුන්ට මෙසේ ද කියන්න, ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔබ අතර වසන විදේශිකයෙක් වේවා, දවන යාග පූජාවක් හෝ පඬුරක් හෝ සමිඳාණන් වහන්සේට පුදන්නේ නම්,
සමිඳාණන් වහන්සේට ඔප්පු කරනු පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩට එය ගෙනා යුතු ය. එසේ නොකළොත්, ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.
ධාන්‍ය පූජාව ඔප්පු කරන දින ම අවුරුද්දක් වයසැති කැළැල් රහිත බැටළු පැටියෙකු දවන යාග පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.
තවද, නුඹලා පූප සමඟ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් හත් දෙනෙකු ද එක ගොන් වස්සෙකු ද එළුවන් දෙදෙනකු ද ඔප්පු කළ යුතු ය. ඒවා දවන යාග පූජාවක් ලෙස ධාන්‍ය පූජාව සහ පානීය පූජාව සමඟ සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. මෙලෙස ගින්නෙන් දවා පුදන පූජාව උන් වහන්සේට සුමිහිරි සුවඳක් වනු ඇත.
“සහභාගිකමේ පූජාවක් වනු පිණිස යමෙකුගේ පූජාව ගව පට්ටියෙන් ගන්නේ නම්, එම සතා ගොනෙකු හෝ එළදෙනක වූවත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජා කළ යුත්තේ නොකැළැල් සතෙක් ය.
ප්‍රජා මූලිකයන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒ වස්සාගේ හිස පිට අත් තබා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතු ය.
තමා කළ පාපය දන්වනු ලැබූ කල, ඔහු තම පූජාව පිණිස එළුවන්ගෙන් නොකැළැල් පිරිමි සතෙකු ගෙනා යුතු ය.
“ආලේප ලත් පූජකවරයා සෙනඟ පිට වරද පමුණුවමින් පව් කෙළේ නම්, තමා කළ පාපය සඳහා පාප පූජාවක් වශයෙන් නොකැළැල් ගොන් වස්සෙකු සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.
“යමෙකු සමිඳාණන් වහන්සේට දිය යුතු ශුද්ධ දේවල් නොදී, නොදැනුවත්ව වැරැද්දක් කළොත්, ඒ වැරැද්ද වෙනුවට ඔහු සමිඳාණන් වහන්සේ වෙත රැළෙන් නොකැළැල් බැටළුවෙකු ගෙනා යුතු ය. වන්දි ගෙවීමේ පූජාවක් සඳහා ඌ තක්සේරු කළ යුත්තේ, ශුද්ධස්ථානයේ වලංගු කාසි අනුව රිදී කාසි මිලට එකඟ ව ය; මෙය වන්දි ගෙවීමේ පූජාවකි.
ඔහු වන්දි ගෙවීමේ පූජාවට තක්සේරු කළ ලෙස රැළෙන් එතරම් වටිනා, නොකැළැල් බැටළුවෙකු පූජකවරයා වෙත ගෙනා යුතු ය. පූජකවරයා ද ඒ තැනැත්තා නොදැනුවත්ව, අදහස් නොකර, කළ දෙයට කමාව අයැදින කල එය ඔහුට කමා කරනු ලැබේ.
“යමෙක් තැන්පත් මුදලක් ගැන හෝ ප්‍රවේසමට තබාගැනීමට දුන් දෙයක් ගැන හෝ යම් කෙනෙකු සතු දෙයක් උදුරාගැනීමෙන් හෝ තම අසල්වැසියා රැවටීමෙන් හෝ ඔහුට වංචා කිරීමෙන් හෝ පව් කරමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අපරාධයක් කරන්නේ නම්,
“එහෙත්, පූජා කරන සතා පුදන්නේ භාරයක් හෝ ස්වේච්ඡා පූජාවක් හෝ වශයෙන් නම්, ඔහු එය පුදන දවසේ දී වැළඳිය යුතු ය. ඉන් ඉතිරි කොටස පසුදින ද වළඳන්නට පුළුවන.
ඉන්පසු ඔහු දවන යාග පූජාව සඳහා බැටළුවා ගෙනා විට ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ උගේ හිස මත තම අත් තැබූ හ.
ඔහු සතාගේ අතුණු හා කකුල් වතුරෙන් සෝදා සතා මුළුමනින් ම පූජාසනය මත දැවී ය. එය වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට පුදන සුමිහිරි සුවඳක් සහිත දවන යාග පූජාවකි.
ඔහු ආරොන්ට කතා කොට, “පාප පූජාවක් සඳහා නොකැළැල් ගොන් වස්සෙකු ද දවන යාග පූජාවක් සඳහා නොකැළැල් බැටළුවෙකු ද ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කරන්න.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා කඩුව! පිබිද මාගේ එඬේරාට එනම්, සහකාර මිනිසාට පහර දෙන්න; එඬේරාට පහර දෙන්න. එවිට බැටළු රැළ විසිර යනු ඇත. මාගේ දුබල වූවන්ට මම පහර දෙන්නෙමි.
මා හට පූජා කරන්න පොරොන්දු වූ හොඳ සතුන් රැළේ සිටිය දී, වැදගැම්මක් නැති සතෙකු මට පූජා කරන ප්‍රයෝගකාරයාට වන විපතක මහත! මන්ද, මම ශ්‍රේෂ්ඨ රජෙක්මි. සියලු රටවල සෙනඟ මාගේ නාමයට ගරුබිය දක්වති”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
ගව පට්ටිවලින් හෝ එළු බැටළු පට්ටිවලින් හෝ ගත් සතෙකු සමිඳාණන් වහන්සේගේ මහිමයට ගින්නෙන් දවා, දවන යාග පූජාවක් වශයෙන් හෝ බාරයක් ඔප්පු කිරීමක් වශයෙන් හෝ ස්වේච්ඡා පූජාවක් වශයෙන් හෝ මංගල දිනක දී පුදන පූජාවක් වශයෙන් හෝ පුදන්නහු නම්, ඒවා සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.
දවන යාග පූජාවක් වශයෙන් හෝ බාරයක් ඔප්පු කිරීමක් හෝ සහභාගිකමේ පූජාවක් වශයෙන් හෝ ගොනෙකු සමිඳාණන් වහන්සේට ඔප්පු කරන කල
“ස්වාමීන් වන මා පහත දක්වන ව්‍යවස්ථානුකූල නීතිය පණවා ඇති බැවින් ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය කියන්න. ‘ඔවුන් ලප හෝ කැළැල් හෝ නැති, වියගහ නොදැරූ රතු වැස්සියක නුඹ වෙත ගෙනා යුතු ය.
දෙවිඳාණෝ බොරු කියන මිනිසෙක් නොවෙති; පසුබට වන මිනිස් පුතෙක් ද නොවෙති; එතුමාණෝ, තමන් කී දේ ඉටු නොකරන සේක් ද? පොරොන්දු වූ දේ, නොදෙන සේක් ද?
ඉන්පසු බාලාක් බාලාම්ට කතා කොට, “එන්න, කරුණාකර, මම ඔබ වෙනත් තැනකට ගෙන යමි. ඇතැම් විට එතැන සිටවත් මා වෙනුවෙන් මොවුන්ට සාප කිරීමට දෙවියන් වහන්සේ ඔබට අවසර දෙත හැකි ය”යි කී ය.
ඉන්පසු බාලාම්, බාලාක් අමතමින්, “ඔබ ඔබේ දවන යාග පූජාව ළඟ සිටින්න. මම යන්නෙමි. ඇතැම් විට සමිඳාණන් වහන්සේ මා හමුවීමට එනු ඇත. උන් වහන්සේ මට යමක් වදාරන සේක් ද, මම එය ඔබට දන්වන්නෙමි”යි පැවසී ය. මෙසේ පවසා, ඔහු ගිරිකුළකට නැංගේ ය.
බාලාම් කී පරිදි බාලාක් කළ පසු, ඔහු එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය.
“මාසය ආරම්භයේ දී නුඹලා සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ඔප්පු කළ යුතු වේ. එය නම්, ගොන් වස්සන් දෙදෙනෙක් ද, බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.
නුඹලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා දවන යාග පූජාවක් පිදිය යුතු ය. එය නම්, කැළැල් නැති ගොන් වස්සන් දෙන්නෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.
නිරන්තර දවන යාග පූජාවට ද කැළැල් නැති සතුන් විය යුතු ය. පුදන ධාන්‍ය පූජාවට අමතර ව පානීය පූජාව ද ඉහත කී පූජා ද ඔප්පු කළ යුතු ය.
තවද, සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් ගින්නෙන් දවා උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, කැළැල් නැති ගොන් වස්සන් දහතුන්දෙනෙක් ද, බැටළු වස්සන් දෙන්නෙක් හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දහහතරදෙනක් ද වෙති.
නුඹලා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් හා අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් හත්දෙනෙක් ද වෙති.
දේව දූතයා ඈට උත්තර දෙමින්, “ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක.
එහෙයින්, යළිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි. බැටළුවන්ට දොරටුව මම ය.
දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේ ය.
දීමට උද්‍යෝගිමත් බවක් ඇති නම් දෙවියන් වහන්සේ, යමෙකුගෙන් නැති දේ නොඉල්ලා, යමෙකුට ඇති පමණින් දෙන දීමනාව පිළිගන්නා සේක.
එක් එක්කෙනා අකමැත්තෙන් වත් බලකිරීම නිසා වත් නොව, සිය කැමැත්තෙන් තීරණය කරගත් ලෙස දිය යුතු ය. සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක.
එක ම ආත්මයාණන් වහන්සේ තුළ, ජුදෙව්වරුන් හා විජාතීන් යන දෙපක්ෂයට, පියාණන් වහන්සේ වෙතට පිවිසීමේ වරය ලැබිය හැක්කේ, ක්‍රිස්තුන් වහන්සේ නිසා ය.
එය තේජාන්විත සභාවක් වශයෙන් කැළලක් වත්, රැල්ලක් වත්, එබඳු කිසිවක් වත් නැති ව විශුද්ධ ව, නිකෙලෙස් ව, තමන්ට ම ප්‍රදානය කරගැනීමට ය.
තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය මත දවන යාග පූජා ද එනම්, දේව පූජාසනය මත ලේ වගුරුවා මාංස අනුභව කළ යුතු අනිකුත් පූජා ද ඔප්පු කළ යුතු ය. ඔබේ යාග පූජාවල ලේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට වත් කළ යුතු ය. මාංසය ඔබට අනුභව කරන්නට පුළුවන.
සතාගේ කැළලක් තිබේ නම්, ඌ කොර නම්, අන්ධ නම්, අන්කිසි නරක කැළලක් තිබේ නම්, ඒ සතා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය.
“කැළලක් හෝ විරූපී ලකුණක් හෝ ඇති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය. එවැන්නක් උන් වහන්සේට පිළිකුලකි.
අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය.
එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද?