Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 14:10 - Sinhala New Revised Version 2018

10 “අට වන දින ඔහු කැළැල් රහිත බැටළු වස්සන් දෙදෙනකු ද කැළැල් රහිත අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක ද තෙල් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද ධාන්‍ය පූජාවක් වශයෙන් ගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 “අට වන දින ඔහු කැළැල් රහිත බැටළු වස්සන් දෙදෙනකු ද කැළැල් රහිත අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක ද තෙල් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද ධාන්‍ය පූජාවක් වශයෙන් ගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 අටවෙනි දවසේදී ඔහු කැලලක් නැති බැටළු වස්සන් දෙදෙනෙක්ද කැලලක් නැති අවුරුද්දක බැටළු වැස්සියෙක්ද තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 14:10
26 හුවමාරු යොමු  

“යමෙක් සමිඳාණන් වහන්සේට ධාන්‍ය පූජාවක් ඔප්පු කරන්නේ නම්, ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතු ය. තවද, එහි තෙල් වත් කොට එය මත තුවරලා ද දැමිය යුතු ය.


එය කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔහුට අණ දී, “ඔබ ගොස් පූජකයාට පෙනී, ඔබේ පවිත්‍ර වීම සඳහා ඔවුන්ට සාක්ෂියක් වන පිණිස මෝසෙස් අණ කළ දේවල් ඔප්පු කරන්නැ”යි වදාළ සේක.


“යන්න, පූජකයා ඉදිරියෙහි පෙනී සිටින්න; මෝසෙස්ගේ නියමය පරිදි පවිත්‍රවීමේ සහතිකයක් ලෙස පූජා ඔප්පු කරන්න” කියා ඔහු වහා පිටත් කර යැවූ සේක.


ජේසුස් වහන්සේ කතා කොට, “මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස වග බලා ගන්න; එහෙත් යන්න, පූජකයාට පෙනී, මෝසෙස් අණ කළ පඬුර සහතිකයක් පිණිස ඔප්පු කරන්නැ”යි ඔහුට වදාළ සේක.


යමෙකුගේ දිළිඳුකම නිසා වඩා යමක් ගෙනෙන්නට ඔහුට නොහැකි නම්, ඔහු පූජකවරයා වෙත ගෙන ආ යුතු ඒ වන්දි ගෙවීමේ පූජාව සඳහා එක බැටළු වස්සෙකු හා ධාන්‍ය පූජාව සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් කිලෝග්‍රෑම් එකක් ඇතුළු තව තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ගෙනා යුතු ය.


ඉන්පසු ඔහු තෙල් ටිකක් ගෙන තම වමතේ අල්ලට වත් කර,


එවිට පූජකවරයා බැටළු වස්සෙකු ගෙන ඔහු උදෙසා වන්දි ගෙවීමේ පූජාවක් පිණිස තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් සමඟ ඌ පුද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කොට පිළිගැන්විය යුතු ය.


කැළලක් වත් පලුද්දක් වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනි ක්‍රිස්තුන් වහන්සේගේ අගනා ලෙය කරණකොටගෙන බව ඔබ දන්නහු ය.


ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.


මන්ද, දෙවියන් වහන්සේ දෙන ආහාරය වනාහි, ස්වර්ගයෙන් පහළ වී ලෝකයට ජීවනය දෙන ආහාර ය”යි වදාළ සේක.


පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, “මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ!


ධාන්‍ය පූජාව වශයෙන් තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ද පිදිය යුතු ය. ගොන් වස්සෙකු සඳහා සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද බැටළු වස්සෙකු සඳහා පිටි කිලෝග්‍රෑම් දෙකක් ද,


නොකැළැල් අවුරුද්දක් වයසැති, පිරිමි බැටළු පැටවෙකු දවන යාග පූජාවක් සඳහා ද, කැළැල් නැති අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක පාප පූජාවක් සඳහා ද, නොකැළැල් බැටළු වස්සෙකු සහභාගිකමේ පූජාවක් සඳහා ද පඬුරු කොට ඔප්පු කළ යුතු ය.


ඒ සමඟ ම තෙලින් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ධාන්‍ය පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වන ලෙස ගින්නෙන් දවා උන් වහන්සේට පූජා කළ යුතු ය. තවද, මුද්‍රික පානය ලීටර එකක් ගෙන එය ද පානීය පූජාවක් ලෙස ඔප්පු කළ යුතු ය.


අට වන දින මෝසෙස්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද කැඳවී ය.


තවද, ඔහු පාප පූජාව සඳහා බැටළුවෙකු ගෙනෙන්නේ නම්, ඌ නොකැළැල් බැටළුදෙනක විය යුතු ය.


නුඹ ධාන්‍ය පූජාව වශයෙන් පුදන සෑම පූජාවක් ම ලුණු දමා රසවත් කළ යුතු වේ. එසේ කළ යුත්තේ, ලුණු, නුඹ ද සමිඳාණන් වහන්සේ ද අතර ගිවිසුමේ ලකුණක් වනු පිණිස ය. නුඹේ සෑම ධාන්‍ය පූජාවක් සමඟ ම ලුණු ද පුද කළ යුතු ය.


“සමිඳාණන් වහන්සේ වෙත ගෙනෙන කිසි ම ධාන්‍ය පූජාවක් මුහුන් දමා නොසෑදිය යුතු ය. නුඹ සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන කිසි ම පූජාවක මුහුන් හෝ මී පැණි හෝ නොදැමිය යුතු ය.


“තවද, යමෙක් දවන යාගය සඳහා පට්ටියෙන් ගත් බැටළුවෙකු හෝ එළුවෙකු හෝ පූජාව වශයෙන් ගෙනෙන්නේ නම්, ඌ ද නොකැළැල් පිරිමි සතෙකු විය යුතු ය.


එක බැටළු පැටවෙකු සමඟ පිරිසිදු තෙල් ලීටර් එකක් සමඟ ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ද පානීය පූජාවක් සඳහා මිදිරස ලීටර් එකක් ද ඔප්පු කළ යුතු ය.


ඉන්පසු රෝගියාගේ පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කරන පූජකවරයා රෝගියාත්, පෙර කී පඬුරුත් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියට ගෙන යා යුතු ය.


ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.


ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්