ආබ්‍රම් ද සමිඳාණන් වහන්සේ අදහා ගත්තේ ය. ඒ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් උන් වහන්සේ පිළිගත් සේක.
රෝම 4:20 - Sinhala New Revised Version 2018 ඔහු සිය අවිශ්වාසය නිසා කිසි විටෙක දේව පොරොන්දුව සැක නොකොට ඇදහිල්ලෙහි බලවත් ව, උන් වහන්සේට ගෞරව කෙළේ ය. Sinhala New Revised Version ඔහු සිය අවිශ්වාසය නිසා කිසි විටෙක දේව පොරොන්දුව සැක නොකොට ඇදහිල්ලෙහි බලවත් ව, උන් වහන්සේට ගෞරව කෙළේ ය. සිංහල කාලීන පරිවර්තනය දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැන අවිශ්වාසයකින්, ඔහු තමා තුළ දෙගිඩියාවක් ඇති කර නො ගෙන, තම ඇදහිල්ලෙහි බලවත් වෙමින්, දෙවියන්වහන්සේට මහිමය දුන්නේ, Sinhala Revised Old Version එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරවකරමින්, |
ආබ්‍රම් ද සමිඳාණන් වහන්සේ අදහා ගත්තේ ය. ඒ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් උන් වහන්සේ පිළිගත් සේක.
ඒ අධිපතියා ඔහුට උත්තර දෙමින්, “බලන්න, සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් එබඳු දෙයක් සිදු විය හැකි දැ”යි කීවේ ය. එලිෂා කතා කොට, “ඔබ එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි කී ය.
එවිට තම අතට රජු හේත්තු වී සිටි නිලධාරියා දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් මෙය සිදු විය හැකි දැ”යි කී ය. “එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි ඔහු පැවසී ය.
බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න; “බිය නොවී දිරි ගන්න; දෙවිඳාණෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පළිගන්න පිණිසත් වඩින සේක.”
ඉශ්රායෙල් සමාරිය නම් නගරයට වඩා බලවත් නොවේ; සමාරිය පෙකා රජුට වඩා බලවත් නොවේ. නුඹේ විශ්වාසය ස්ථිර නොවේ නම්, නුඹේ පැවැත්ම ස්ථිර වන්නේ නැත.”
එහෙත්, සෙරුබ්බාබෙල් ධෛර්යවත් වන්න. සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. අහෝ! උත්තම පූජක ජෝෂුවා, ජෙහෝශාදාක්ගේ පුත්‍රය, ධෛර්යවත් වන්න. දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වන්න. වැඩ පටන් ගන්න; මම නුඹලා සමඟ සිටිමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
ජුදෙව් ජනයෙනි, ඉශ්රායෙල් ජනයෙනි, කලින් නුඹලා ජාතීන් අතරේ සාපයක් ව සිටි නමුත්, ආශීර්වාදයක් වන ලෙස මම නුඹලා මුදන්නෙමි. බිය නොවන්න. ධෛර්යවත් වන්න.”
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ මාලිගාව යළි ගොඩනඟන පිණිස අත්තිවාරම දැමූ දා සිට දිවැසිවරයා කී මේ වචන දැනුත් අසන නුඹලා ධෛර්යවත් වන්න.
එවිට සෙකරියස්, දේව දූතයා අමතමින්, “මා මෙය දැනගන්නේ කෙසේ ද? මම මහල්ලෙක්මි; මාගේ භාර්යාව ද වයස්ගත ව සිටී ය”යි කී ය.
සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේ ම යයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්ත ය”යි කීවා ය.
එහෙයින් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම් ද අන්තරා ද අගහිඟකම් ද පීඩා ද විපත්ති ද මම සතුටින් පිළිගනිමි. මක්නිසා ද යත්, දුර්වල ව සිටිය දී ම මම ශක්තිසම්පන්න ව සිටිමි.
දාවිත් දැන් තද අමාරුවකට පත් විය. මන්ද, සෙනඟ සියලු දෙනාගේ සිත් තම තමන්ගේ දරුදැරියන් ගැන ශෝක වූ බැවින් ඔව්හු දාවිත්ට ගල් ගසන්නට තර්ජනය කළහ. එහෙත්, දාවිත් සිය දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි තම ශක්තිය උපදවාගත්තේ ය.