Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 30:6 - Sinhala New Revised Version 2018

6 දාවිත් දැන් තද අමාරුවකට පත් විය. මන්ද, සෙනඟ සියලු දෙනාගේ සිත් තම තමන්ගේ දරුදැරියන් ගැන ශෝක වූ බැවින් ඔව්හු දාවිත්ට ගල් ගසන්නට තර්ජනය කළහ. එහෙත්, දාවිත් සිය දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි තම ශක්තිය උපදවාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 දාවිත් දැන් තද අමාරුවකට පත් විය. මන්ද, සෙනඟ සියලු දෙනාගේ සිත් තම තමන්ගේ දරුදැරියන් ගැන ශෝක වූ බැවින් ඔව්හු දාවිත්ට ගල් ගසන්නට තර්ජනය කළහ. එහෙත්, දාවිත් සිය දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි තම ශක්තිය උපදවාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 30:6
51 හුවමාරු යොමු  

දෙවිඳුන් කෙරෙහි නොබිය ව මාගේ විශ්වාසය තබන්නෙමි; මිනිසා මට කුමන අනතුරක් කිරීමට සමත් වන්නේ ද?


මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.


මාගේ විපතේ දී සමිඳුන්ට අයැදීමි, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක. මා යාදිනි එතුමාණෝ වෙත නැඟිණි.


මසිත දුකින් පිරී ඇත; මාගේ විපත්වලින් මා මිදුව මැනව.


මෙසේ: “සමිඳාණන් වහන්සේ මාගේ සරණය ය, මම බිය නොවන්නෙමි. මිනිසා මට කුමක් කරයි ද?” කියා ධෛර්ය සම්පන්න ව කීමට අපට පිළිවන.


බලාපොරොත්තු රහිත තත්ත්වයක දී වුව ද ඔහු දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස කෙළේ ය. ඔහු බොහෝ ජාතීන්ගේ පියා වූයේ, “එබඳු මහා පෙළපතක් ඔබට ඇති වන්නේ ය” යන කීම පරිදි ය.


“මම බොහෝ පීඩා විඳිමි”යි කී අතර වුව ද මාගේ විශ්වාසය තිර ලෙස රැකගතිමි.


කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?


මෝසෙස් එවිට සමිඳාණන් වහන්සේට මොරගසමින්, “මේ සෙනඟට මා කුමක් කරන්න ද? ඔව්හු මට ගල් ගසන්නට සැරෙසති”යි කීවේ ය.


ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.


සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න.


අපි හැම අතින් ම මඩිනු ලැබුවත් කොටු වී නොසිටිමු. වියවුල් වුවත් බලාපොරොත්තු රහිත නොවෙමු;


හන්නාගේ සිත ශෝකයෙන් පිරී තිබිණි. ඈ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් අඬ අඬා සිටියා ය.


ඔව්හු උන් වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්හ. එහෙත් ජේසුස් වහන්සේ රහසිගත ව, දේව මාලිගාවෙන් පිට වී ගිය සේක.


එහෙත්, මුළු ජනතාව ගල් ගසා ඔවුන් මැරීමට ලකලෑස්ති වූ හ. එවිට මුළු ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපය මත සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය විය.


මසිදෝනියාවට සැපත් වූ විට පවා අපට කිසි සැනසිල්ලක් නො වී ය. හැම අතින් ම අපට කරදර ඇති විය. අප අවට කලකෝලාහල ද, අප සිත තුළ බියසැක ද තිබිණි.


සමිඳුන්ගේ නාමය මහ බලකොටුවකි; දැහැමියෝ එහි දුව ගොස් සුරැකෙති.


සමිඳුනි, ඔබ වහන්සේ මාගේ බලය ද බලකොටුව ද විපත්ති දවසේ දී මාගේ රැකවරණය ද වන සේක. විජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙත අවුත් කතා කොට, “අපේ පියවරු වැඩකට නැති බොරු දෙවිවරුන්ට ගැති ව සිටියහ.


එතුමාණන් මා මැරුවත් මට කමක් නැත. මට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව කියා පාන්නෙමි.


අපි පීඩා විඳිමු නම් එය විඳින්නේ ඔබගේ සැනසීම හා ගැළවීම පිණිස ය. අපි සැනසීම ලබමු නම් එය ලබන්නේ ඔබත් අප මෙන් ඉවසීමෙන් දුක් විඳින විට, සැනසීම ලබන පිණිස ය.


ඔහු සිය අවිශ්වාසය නිසා කිසි විටෙක දේව පොරොන්දුව සැක නොකොට ඇදහිල්ලෙහි බලවත් ව, උන් වහන්සේට ගෞරව කෙළේ ය.


“එසේ නම් ක්‍රිස්තුස් ය කියන ජේසුස්ට මා කුමක් කරන්න දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. “ඔහු කුරුසියේ ඇණ ගසන්නැ”යි සියල්ලෝ ම එක හඬින් කී හ.


පෙරටුව හා පසුව ගමන් කළ සමූහයෝ, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා! සමිඳුන්ගේ නමින් වඩිනා මෙතුමාණන් හට, ආසිරි වේ වා! ඉතා උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූ හ.


දුගී අසරණ අයට ඔබ රැකවරණය වූ සේක; කම්කටොලු ඇති කාලවල දී ඔවුන්ට බලකොටුවක් වූ සේක; කුණාටුවේ දී ආරක්ෂාවත්, තද ග්‍රීෂ්මයේ දී සෙවණත් ඔබ ඔවුන්ට දුන් සේක.


මාගේ සිතට සහනය ඇත්තේ දෙවියන් වහන්සේ තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.


ඔබේ දිය ඇලිවල ඝෝෂාවෙන් කැළඹී, මම ගැඹුරෙන් ගැඹුරට කිඳා බසිමි. ඔබේ රළ පතර මා වසාගෙන ඇත.


දාන්වරු ඔහුට පිළිතුරු දෙමින්, “තවත් කතා නොකරන්න, කතා කළොත්, රෞද්‍ර මිනිසුන් ඔබ වෙත එන්නට පුළුවන. එවිට ඔබේ ජීවිතය ද ඔබේ ගෙයි වැසියන්ගේ ජීවිත ද හානි වනු ඇතැ”යි කියා යන්නට ගියෝ ය.


ජාකොබ් අතිශයින් බියවී කැළඹිණි. ඔහු තමා කැටුව සිටි පිරිස ද එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද ඔටුවන් ද කණ්ඩායම් දෙකකට බෙදා,


ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.


හූෂයි තවදුරටත් කතා කරමින් මෙසේ කීවේ ය: “ඔබේ පියා හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත්, වනයේ පැටවුන් නැති වූ වැලහින්නක මෙන් කෝප වී සිටින බවත් ඔබ දන්නෙහි ය. ඔබේ පියා යුද්ධයෙහි දක්ෂයෙකි. ඔහු රාත්‍රියේ සෙනඟ සමඟ නවතින්නේ නැත.


ඈ වනාහි කන්දේ සිටි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට පැමිණ ඔහුගේ පාද අල්ලාගත්තා ය. එවිට ගෙහාසී ඈ අහක් කරනු පිණිස ළං විය. එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, “ඈට කරදර නොකරන්න; ඇගේ සිත ශෝකී ව ඇත. සමිඳාණන් වහන්සේ එය මට නොදන්වා මාගෙන් සැඟ වූ සේකැ”යි කී ය.


එවිට සාවුල්ගේ පුත් ජොනතන් හොරෙෂ්හි සිටි දාවිත් වෙත අවුත් දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ඔහු වෙත ඇතැ යි කියමින් ඔහු ධෛර්යවත් කෙළේ ය.


සමිඳාණෝ මාගේ පර්වතය ය; බලකොටුව ය; මිදුම්කාරයාණෝ ය. ඔබ මා දෙවිඳාණෝ ය; පර්වතය ය. මම ඔබ සරණකොට ගනිමි. ඔබ මට පලිහ ය; ගැළවීමේ බලය ය; උස් කොටු පවුර ය.


සමිඳුන් කෙරේ විශ්වාසය තබන සියල්ලෙනි, ශක්තිමත් වන්න; සිතින් ධෛර්යවත් වන්න.


මාගේ දෙවිඳුනි! දුෂ්ටයන්ගේ බලයෙන් මා මුදාගත මැනව; අපරාධකරුගේ ද දුදනාගේ ද ග්‍රහණයෙන් මා මිදුව මැනව!


මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ මාගේ බලාපොරොත්තුව වන සේක. සමිඳුනි, මාගේ තරුණ වියේ සිට මාගේ විශ්වාසය මම ඔබ තුළ තැබුවෙමි.


“මාගේ පීඩාවේ දී සමිඳුන්ට හඬගැසීමි, එතුමාණෝ මට පිළිතුරු දුන් සේක. පාතාල ගැබේ සිට කෑගැසීමි, ඔබ මාගේ හඬ ඇසූ සේක.


ඉශ්රායෙල්වරු ධෛර්ය වඩා, තමන් පළමු වන දවසෙහි පිළිවෙළින් සිටි ස්ථානයෙහි යළිත් යුද්ධය පිණිස සැරසී සිටියෝ ය.


එවිට සාමුවෙල් කතා කොට, “මා ආපසු කැඳවීමෙන් ඔබ මට කරදර කෙළේ මන්දැ”යි සාවුල්ගෙන් ඇසී ය. සාවුල් පිළිතුරු දෙමින්, “මම තද අමාරුවකට පත් ව සිටිමි; පිලිස්තිවරු මට විරුද්ධ ව යුද්ධ කරති; දෙවියන් වහන්සේ මා කෙරෙන් අහක් ව ගිය සේක; උන් වහන්සේ දැන් දිවැසිවරුන් ලවා වත්, ස්වප්නවලින් වත් මට පිළිතුරු දෙන්නේ නැත. එබැවින් මා කළ යුතු දේ ඔබ මට දන්වන පිණිස ඔබට අඬ ගැස්වීමි”යි කීවේ ය.


මා ඔබ යැදි දවසේ දී ඔබ මට පිළිතුරු දුන් සේක; මාගේ සිත සවි කොට, මට ධෛර්යය දුන් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්