රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,
යොෂුවා 19:51 - Sinhala New Revised Version 2018 පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පිය පෙළපත් ප්‍රජා මූලිකයන් ද ෂිලෝහි දී සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බෙදා දුන් උරුම මේවා ය. මෙසේ ඔව්හු දේශය බෙදා නිම කළෝ ය. Sinhala New Revised Version පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පිය පෙළපත් ප්‍රජා මූලිකයන් ද ෂිලෝහි දී සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බෙදා දුන් උරුම මේවා ය. මෙසේ ඔව්හු දේශය බෙදා නිම කළෝ ය. Sinhala Revised Old Version පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ද ෂීලෝහිදී සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පසඇට දමා බෙදාදුන් උරුමවල් මේවාය. මෙසේ ඔව්හු දේශය බෙදා නිමකළෝය. |
රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,
උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සැබැවින් ඔබ මාගේ කුසලානෙන් බොන්නහු ය. එහෙත් මාගේ දකුණු පසෙහි ද වම් පසෙහි ද හිඳගන්න දීම මා සතු දෙයක් නොවේ. මාගේ පියාණන් විසින් ඒවා යම් අය සඳහා නියම කරන ලද්දේ ද ඒවා අයිති ඔවුන්ට ය”යි වදාළ සේක.
එවිට රජ්ජුරුවන් වහන්සේ සිය දකුණු පසෙහි සිටින්නන්ට කතා කොට, ‘මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න.
මන්ද, ඔබ විසින් පුත්‍රයාණන්ට දෙන ලද සියල්ලන් හට සදාතන ජීවනය දෙන පිණිස, සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ආධිපත්‍යය ඔබ වහන්සේ පුත්‍රයාණන්ට දුන් සේක.
උන් වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කොට, අවුරුදු හාරසිය පණහක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන් සේක.
ඉශ්රායෙල් සෙනඟට කානාන් දේශයෙන් ලැබූ උරුම කොටස් මේවා ය. පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පවුල් ප්‍රධානීහු ද ඒවා ඔවුන්ට බෙදා දුන්නෝ ය.
ඉශ්රායෙල් ජනයාගේ මුළු සභාව ෂිලෝහි රැස් ව සම්මුඛ මණ්ඩපය එහි ඉදි කළෝ ය. මුළු දේශය දැන් ඔවුන්ට යටත් ව තිබුණේ ය.
ජෝෂුවා ඔවුන් උදෙසා ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහි දී ඉශ්රායෙල් ජනයාගේ කොට්ඨාශවල හැටියට දේශය බෙදා දුන්නේ ය.
තවද, ඔව්හු කතා කොට, “බෙතෙල්ට උතුරෙන් ද බෙතෙල් සිට ෂෙකෙම්ට යන මාවතට නැගෙනහිරෙන් ද ලෙබොනාට දකුණෙන් ද තිබෙන ෂිලෝහි දී අවුරුදු පතා සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පවත්වන්නේ යැ”යි පවසා,
ෂිලෝහි දූවරුන් නටන්නට පිටතට ආවොත්, ඔබ මිදිවතුවලින් නික්ම අවුත්, එකිනෙකා ෂිලෝහි දූවරුන්ගෙන් තම තමාට භාර්යාවක බැගින් අල්ලාගෙන බෙන්ජමින් රටට යන්න.
එල්කානා ෂිලෝහි දී සියලු බලැති සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්නත්, පූජා කරන්නත් අවුරුදු පතා ඔහුගේ නගරයෙන් නික්ම ගියේ ය. එහි සමිඳාණන් වහන්සේගේ පූජකයන් වූ හොප්නි සහ පිනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා සිටියහ.