යෙසායා 63:17 - Sinhala New Revised Version 2018 සමිඳුනි, ඔබේ මාර්ගවලින් අප මුළාව යන්නත්, ඔබ කෙරෙහි බිය නොවන සේ අපේ සිත් දැඩි වන්නත් හරින්නේ කුමක් නිසා ද? ඔබේ සේවකයන් නිසාත්, ඔබේ උරුමයට අයිති ගෝත්‍ර නිසාත් අප වෙත හැරී එනු මැනව. Sinhala New Revised Version සමිඳුනි, ඔබේ මාර්ගවලින් අප මුළාව යන්නත්, ඔබ කෙරෙහි බිය නොවන සේ අපේ සිත් දැඩි වන්නත් හරින්නේ කුමක් නිසා ද? ඔබේ සේවකයන් නිසාත්, ඔබේ උරුමයට අයිති ගෝත්‍ර නිසාත් අප වෙත හැරී එනු මැනව. Sinhala Revised Old Version ස්වාමීන්වහන්ස, ඔබගේ මාර්ගවලින් අප මුළාවයන්ටත් ඔබ කෙරෙහි භය නොවන සේ අපේ සිත් දැඩිවෙන්ටත් හරින්නේ මක්නිසාද? ඔබගේ උරුම-ගෝත්‍ර වන ඔබගේ මෙහෙකරුවන් නිසා හැරී අව මැනව. |
මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව.
අහෝ සව් බලැති දෙවිඳුනි! අප වෙත හැරුණ මැනව. සගලොව සිට නෙත් යොමා බලා මේ මිදිවැල වන අප රැකගත මැනව.
සමිඳුනි, මෙපමණ දිගු කලක් ඈත් වී නොසිට ඔබ අප වෙත පෙරළා පැමිණිය මැනව. ඔබේ දාසයන්ට අනුකම්පා කළ මැනව.
මෝසෙස් හා ආරොන් පාරාවෝ ඉදිරියෙහි මේ සියලු හාස්කම් පෑ හ. සමිඳාණන් වහන්සේ ද පාරාවෝගේ සිත දැඩි කළ සේක. ඔහු ඉශ්රායෙල් ජනතාවට තම රටින් නික්ම යෑමට අවසර නුදුන්නේ ය.
උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹ මිසරයට ආපසු ගිය විට, මා නුඹට ඉටු කරන්න බලය දුන් ඒ සියලු හාස්කම් පාරාවෝ ඉදිරියෙහි පෑ යුතු ය. එහෙත්, මම ඔහුගේ හිත දැඩි කරමි. සෙනඟට පිට වී යාමට ඔහු ඉඩ නොදෙනු ඇත.
සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට ආශීර්වාද කොට, “මාගේ සෙනඟ වන මිසරයටත්, මාගේ මැවිල්ල වන අසිරියාවටත්, මාගේ තෝරාගත් සෙනඟ වන ඉශ්රායෙල්ටත් මම ආශීර්වාද කරන්නෙමි”යි කියන සේක.
සමිඳාණෝ මෙසේ වදාළ සේක: “මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත. ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීතිරීති හා පාරම්පරික සම්ප්‍රදායයෝ පමණකි.
එබැවින් ඔවුන් නොපැතූ අරුමපුදුම දේ මම කරන්නෙමි; ඔවුන්ගේ ඥානවන්තයන්ගේ තේරුම්ගැනීමේ ශක්තිය නැති වී යන්නේ ය; ඔවුන්ගේ උගත්තු නූගත්තු වන්නෝ ය.”
සියල්ල ගසාගෙන යන ජලගැල්මක් මෙන් එතුමාණෝ තමන්ට පෙරටුවෙන් සුළඟක් එවන සේක. ඒ සුළඟින් ජාතීන් විනාශ වී ඔවුන්ගේ නපුරු උපායයෝ කෙළවර වන්නෝ ය.
මේ සෙනඟගේ සිත් අඳුරු වනු ඇත; කන් බිහිරි වනු ඇත, ඇස් අන්ධ වනු ඇත. ඒ නිසා ඔවුන්ට සුවය නොලැබෙන ලෙස ඔවුන්ගේ ඇස්වලින් ඔවුන්ට නොපෙනේ; කන්වලින් ඔවුන්ට නො ඇසේ; සිත්වලින් ඔවුන්ට නොවැටහේ.”
තවද දේවරූපවලට පුදන ලද ඔවුන්ගේ ම පඬුරුවලින් ඔවුන් දූෂණය වන්නට මම ඉඩ හැරියෙමි. ඔවුන් භීතියෙන් තැති ගන්වන පිණිස ඔවුන්ගේ කුලුඳුල් පුත්‍රයන් ගිනි පූජා කරන්න ඉඩ හැරියෙමි. එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස ය.
එවිට, “සියලු බලැති සමිඳාණන් වහන්ස, සැත්තෑ වසක් තුළ උන් වහන්සේගේ උදහසට ලක් වූ ජෙරුසලමට හා ජුදාහි නගරවලට තව කොපමණ කල් අනුකම්පා නොකර සිටින සේක් දැ”යි සමිඳාණන් වහන්සේගේ දූතයා ඇසී ය.
එය නැවතුණු සෑම විට ම ද, “ඉශ්රායෙල් ජනයාගේ පවුල් දස දහස් ගණන් වෙත, සමිඳුනි, ඔබ යළි වැඩම කළ මැනව” කියා යැදී ය.
“උන් වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධ කළ සේක. සිත් දැඩි කළ සේක, එසේ කෙළේ, ඔවුන් ඇසින් නොදැක, සිතින් තේරුම් නොගෙන, මාගෙන් සුවය ලැබීමට මා වෙත නොහැරෙන පිණිස ය.”
“එහෙත් හෙෂ්බොන්හි රජ වූ සීහොන් අපට දේශය මැදින් යන්නට අවසර නුදුන්නේ ය. එසේ නුදුන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු ඔබේ බලයට පාවා දෙනු පිණිස, උන් වහන්සේ ඔහුගේ සිත දැඩි ලෙස මුරණ්ඩු කළ නිසා විය හැක.
ඉශ්රායෙල්වරුන් සමඟ සටනට එළඹීමට ඔවුන්ගේ සිත් දැඩි කිරීම සමිඳාණන් වහන්සේ ම අදහස් කළ දෙයකි. මෙසේ කෙළේ, ඔවුන් කිසි දයාවක් නොලබා සහමුලින් ම විනාශකර දමනු ලබන පිණිස ය. මේ වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ දේ ය.