ජනයෝ නුඹට මෙහෙකරත් වා! ජාතීහු නුඹට හිස නමත් වා! සොහොයුරන්ගේ අධිපති නුඹ වේ වා! නුඹේ මවගේ පුත්තු නුඹට හිස නමත් වා! නුඹට සාප කරන්නාට සාප වේ වා! නුඹට ආසිරි දෙන්නාට ආසිරි ලැබේ වා!”
යෙසායා 60:14 - Sinhala New Revised Version 2018 නුඹට පීඩා කළ අයගේ පුත්‍රයන් දණින් වැටී නුඹ වෙත පැමිණෙනු ඇත. නුඹ හෙළා දැක්ක සියල්ලන් ද නුඹේ පාමුල වැඳ වැටෙනු ඇත. ඔවුන් නුඹට, ‘සමිඳුන්ගේ නගරය’ කියාත්, ‘සියොන් නම් ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නුවර ය’ කියාත් කියනු ඇත. Sinhala New Revised Version නුඹට පීඩා කළ අයගේ පුත්‍රයන් දණින් වැටී නුඹ වෙත පැමිණෙනු ඇත. නුඹ හෙළා දැක්ක සියල්ලන් ද නුඹේ පාමුල වැඳ වැටෙනු ඇත. ඔවුන් නුඹට, ‘සමිඳුන්ගේ නගරය’ කියාත්, ‘සියොන් නම් ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නුවර ය’ කියාත් කියනු ඇත. Sinhala Revised Old Version නුඹට පීඩාකළ අයගේ පුත්‍රයන්ද නැමි නැමී නුඹ වෙතට එනවා ඇත; නුඹව සුළුකළ සියල්ලන්ද නුඹේ පාමුල වැඳවැටෙනවා ඇත; ඔවුන් නුඹට: ස්වාමීන්වහන්සේගේ නුවරය කියාත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ සියොන්ය කියාත් කියනවා ඇත. |
ජනයෝ නුඹට මෙහෙකරත් වා! ජාතීහු නුඹට හිස නමත් වා! සොහොයුරන්ගේ අධිපති නුඹ වේ වා! නුඹේ මවගේ පුත්තු නුඹට හිස නමත් වා! නුඹට සාප කරන්නාට සාප වේ වා! නුඹට ආසිරි දෙන්නාට ආසිරි ලැබේ වා!”
ජෝසෙප් රටේ අධිපති වූවාක් මෙන් ම, රටේ මිනිසුන් සියල්ලන්ට ම ධාන්‍ය විකුණුවේ ද ඔහු ය. ඔහුගේ සහෝදරයෝ පැමිණ, ඔහු ඉදිරියෙහි මුණින්තලා වී වැන්දා හ.
එක් ගංගාවක් ඇත. එහි දිය පාරවල් ගලා ගොස්, අපේ උතුම් දෙවිඳුන්ගේ ශුද්ධ මණ්ඩපය වන දෙව් නුවරට සතොස ගෙන දෙයි.
උතුරු දෙසින් වන, මහ රජුගේ නුවර වූ සියොන් කන්ද උස මහතින් මනරම් ය; මුළු පොළොවට පියකරු ය.
පෙර සිටියාක් මෙන් විනිශ්චයකාරයන් ද අනුශාසකයන් ද මම නුඹලාට නැවත දෙන්නෙමි. එවිට, ‘ජෙරුසලම ධර්මිෂ්ඨ නුවර ය, විශ්වාසවන්ත නුවර ය’යි කියනු ලැබේ.”
සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත. උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය. ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී, ‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක. එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය.
මාගේ මුවින් ගිලිහෙන කිසිදු වචනයක් වෙනස් නොවේ; එය සත්‍යයකි. ‘සියලු දණ හිස් මට නැමෙන බව, සියලු දිව් මා ගැන දිවුරන බව සහතික ලෙස දිවුරා කියමි.’
රජවරු නුඹ ඇතිදැඩි කරන පියවරුන් මෙන් වෙති. බිසෝවරු නුඹේ කිරි මවුවරුන් මෙන් වෙති. ඔව්හු මුණින්තලා වී නුඹට වැඳ නුඹේ පාදවල ධූලි ලෙව කන්නෝ ය. එවිට මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය. මා කෙරෙහි විශ්වාස කරන අයගේ බලාපොරොත්තු කඩ නොවන්නේ ය.”
ඔව්හු ‘ශුද්ධ සෙනඟ’ කියාත්, ‘සමිඳුන්ගේ මුදාගත් ජනතාව’ කියාත් කියනු ලබන්නෝ ය. ‘දෙවිඳුන්ගේ තෝරාගත් නගරය’ කියාත් කියනු ලබන්නේ ය.
සමිඳුනි, ඔබ වහන්සේ මාගේ බලය ද බලකොටුව ද විපත්ති දවසේ දී මාගේ රැකවරණය ද වන සේක. විජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙත අවුත් කතා කොට, “අපේ පියවරු වැඩකට නැති බොරු දෙවිවරුන්ට ගැති ව සිටියහ.
නුඹට විරුද්ධ ව විජාතීන්ගේ අපහාස කතා අසන්න මම තවත් ඉඩ නොදෙන්නෙමි. ජනයන්ගේ නින්දාව නුඹ තවත් විඳින්නේ වත් නුඹ තවත් නුඹේ ජාතිය පැකිළෙන්න සලස්වන්නේ වත් නැතැ යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”
මාගේ ශුද්ධ නාමය තවත් කෙලෙසන්න ඉඩනෑර, මම මාගේ ශුද්ධ නාමය මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙහි ප්‍රකාශ කරන්නෙමි. විජාතීන් ද සමිඳාණන් වහන්සේ වන මා ඉශ්රායෙල්වරුන් අතරෙහි ශුද්ධ ව සිටින බව දැනගනු ඇත.”
නුඹලාගේ දූ දරුවන් මම ජුදා වැසියන් අතට විකුණන්නෙමි. ජුදා වැසියන් ඔවුන් දුරබැහැර සේබියන්වරුන්ට විකුණනු ඇත. සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
ඒ කාලය පැමිණි විට නුඹට පීඩා කළ අයට මම දඬුවම් දෙන්නෙමි. කොරගසන අය මුදා හරින්නෙමි. වහල්කමට ගෙන ගිය අය රැස් කරන්නෙමි. ඔවුන් නින්දාව ලත් හැම රටවල ඔවුන්ට ප්‍රශංසාව හා කීර්තිය ලැබෙන්නට සලස්වන්නෙමි.
ඒ දවස්වල දී විදේශීහු දසදෙනෙක් ජුදෙව්වෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින බව අපි අසා ඇති බැවින් ඔබ සමඟ යන්න අපි කැමැත්තෙමු යි කියන්නෝ ය.”
එහෙත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දට ය; ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය වූ ස්වර්ගීය ජෙරුසලමට ය; කෝටි සංබ්‍යාත දේව දූත සේනාවන්ගෙන් යුත් මහා රැස්වීමට ය;
තවද, බැටළු පෝතකයාණන් ද, උන් වහන්සේ සමඟ එක් ලක්ෂ සතළිස් සාර දහස් දෙනෙකුන් ද සියොන් කන්ද මත සිටිනු දිටිමි. ඔවුන්ගේ නළල්වල උන් වහන්සේගේ නාමය ද, උන් වහන්සේගේ පියාණන්ගේ නාමය ද ලියා තිබිණි.
ජයග්‍රාහකයා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි. ඔහු එතැනින් කිසි කලෙක පිටත නොයන්නේ ය. මාගේ දෙවියන් වහන්සේගේ නාමය ද, මාගේ දෙවියන් වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින නව ජෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නගරයේ නාමය ද, මාගේ ම අලුත් නාමය ද ඔහු පිට කැටයම් කරන්නෙමි.
බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි.