Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 3:9 - Sinhala New Revised Version 2018

9 බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 ඔන්න යුදෙව්වන් නො වන නමුත් තමන් යුදෙව්වන්ය කියා ගන්නා සාතන්ගේ සිනගෝගයේ බොරුකරුවන් අවුත්, ඔබේ දෙපා මුල වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ වග ඔවුන්ට දැන ගන්නටත් සලසන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 බලව, යුදෙව්වරුව නොසිට තුමූ යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම නුඹට ප්‍රේමකළ බව දැනගන්ටත් සලස්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 3:9
13 හුවමාරු යොමු  

ඔබ විඳින බලවත් පීඩාව ද දිළිඳුකම ද මම දනිමි. එහෙත් ඔබ ධනවත් ය. ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරුන් යයි කියාගන්නා, සාතන්ගේ හවුලක් වන අයගේ අපවාද මම දනිමි.


නුඹට පීඩා කළ අයගේ පුත්‍රයන් දණින් වැටී නුඹ වෙත පැමිණෙනු ඇත. නුඹ හෙළා දැක්ක සියල්ලන් ද නුඹේ පාමුල වැඳ වැටෙනු ඇත. ඔවුන් නුඹට, ‘සමිඳුන්ගේ නගරය’ කියාත්, ‘සියොන් නම් ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නුවර ය’ කියාත් කියනු ඇත.


රජවරු නුඹ ඇතිදැඩි කරන පියවරුන් මෙන් වෙති. බිසෝවරු නුඹේ කිරි මවුවරුන් මෙන් වෙති. ඔව්හු මුණින්තලා වී නුඹට වැඳ නුඹේ පාදවල ධූලි ලෙව කන්නෝ ය. එවිට මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය. මා කෙරෙහි විශ්වාස කරන අයගේ බලාපොරොත්තු කඩ නොවන්නේ ය.”


සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත. උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය. ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී, ‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක. එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය.


නුඹලා මාගේ ඇස් හමුයෙහි වටිනා වස්තුවක් වන බැවින් ද ගරු කටයුතු ව සිටින බැවින් ද මා නුඹලාට පෙම් කරන බැවින් ද නුඹලා මුදන පිණිස දේශයන් හා එහි වැසියන් මම වන්දියක් වශයෙන් දෙන්නෙමි.


එවිට ඔබේ මේ නිලධාරීහු සියලු දෙනා මා වෙත අවුත් මා හමුවෙහි වැඳ වැටී, ‘නුඹ, නුඹේ පිරිවර සමඟ පලා යනු’යි කියනු ඇත. ඉන්පසු මම නික්ම යන්නෙමි”යි කී ය. මෙසේ කී පසු මෝසෙස් උදහසින් දිළිහෙමින් පාරාවෝ වෙතින් නික්ම ගියේ ය.


තවද, නුඹේ වංශයෙන් ඉතුරු වන හැම දෙනා රිදී කාසියක් ද රොටියක් ද ලබාගන්න පිණිස රජු වෙත පැමිණ ඔහු ඉදිරියේ වැඳ වැටී, අනේ රොටි කෑල්ලක් කන පිණිස පූජක තනතුරට මා පත් කළ මැනවැ’යි කියනු ඇත.”


මෙසේ කෙළේ, මා ඔවුන් තුළ ද ඔබ මා තුළ ද සිටීමෙන්, ඔවුන් සම්පූර්ණ ලෙස ඒකත්වයට පැමිණෙන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ද, ඔබ මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ටත් ප්‍රේම කළ බව ද ලෝකයා දැනගන්නා පිණිසත් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්