යෙසායා 58:14 - Sinhala New Revised Version 2018 මට සේවය කිරීමෙන් ඇති වන ප්‍රීතිය නුඹලා භුක්ති විඳින්නහු ය. ලොවෙහි උසස් ම ගෞරවය නුඹලාට අත් කර දෙන්නෙමි. නුඹලාගේ පිය වූ ජාකොබ්ට උරුමයක් වශයෙන් දුන් දේශය නුඹලා භුක්ති විඳින්නහු ය. මෙසේ වදාරන්නේ සමිඳුන් වන මම ය.” Sinhala New Revised Version මට සේවය කිරීමෙන් ඇති වන ප්‍රීතිය නුඹලා භුක්ති විඳින්නහු ය. ලොවෙහි උසස් ම ගෞරවය නුඹලාට අත් කර දෙන්නෙමි. නුඹලාගේ පිය වූ ජාකොබ්ට උරුමයක් වශයෙන් දුන් දේශය නුඹලා භුක්ති විඳින්නහු ය. මෙසේ වදාරන්නේ සමිඳුන් වන මම ය.” Sinhala Revised Old Version නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙහිය; මමද පොළොවේ උසස්ථාන මතුයෙහි නැගීයන්ට නුඹට සලස්වා, නුඹේ පියවූ යාකොබ්ගේ උරුමයෙන් නුඹ පෝෂණයකරන්නෙමි. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මුඛය ඒක වදාළේය. |
ඔහු සව් බලැති දෙවි තුමන් කෙරෙහි ප්‍රීති වන්නේ ද? එතුමන්ට නිරතුරු යැදුම් පුදනු ඇද් ද?
ඔවුන්ගේ දේශය උරුමකොට සිය සෙනඟට දුන් තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
ඔව්හු ඔබේ මැදුරෙහි සව්සිරි සැපතින් මොනවට සතුටු වෙති; ගලා යන ඔබේ ප්‍රීති ගංගාවෙන් ඔබ ඔවුන්ට බොන්න දෙන සේක.
නුඹලාට ජය අත් වී ශක්තිමත් බලකොටුවක සිටින්නන් සේ සුරක්ෂිත වන්නහු ය. කෑමට ආහාර ද බීමට වතුර ද නුඹලාට ඇති වන්නේ ය.
සමිඳුන්ගේ පොත කියවා බලන්න; එහි සඳහන් වී ඇති සතුන්ගෙන් එකෙක් වත් මෙහි අඩු නොවන්නේ ය. හැම එකෙකුට ම ගෑණු සතෙක් ද වන්නේ ය. එය නියම කළේ සමිඳාණෝ ම ය. සමිඳාණෝ ම ඔවුන් එක් රැස් කරන සේක.
සමිඳුන්ගේ තේජාලංකාරය එවිට එළිදරව් වන්නේ ය. සකල මිනිස් වර්ගයා එය නරඹන්නෝ ය. මෙසේ වදාළේ සමිඳාණෝ ම ය.”
මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.
“ඉශ්රායෙලය, නුඹ මාගේ දරුවා වශයෙන් පිළිගෙන, ලොවේ ඇති ඉතා ම අලංකාර, ප්‍රියංකර දේශය නුඹට උරුම කොට දෙන්නෙමි. නුඹ මට ‘පියාණෙනි’යි අමතමින් මා වෙතින් ඉවත් ව නොයනු ඇතැ යි මම සිතුවෙමි.
දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඉශ්රායෙල්ගේ සතුරෝ නුඹලා ගැන කතා කොට, ඔහෝ! පුරාණ උස් ස්ථාන අපට උරුමයක් වී තිබේ යයි කියති.
ඔවුන්ට කිසිවෙකුගෙන් බියක් නැත. එකිනෙකා තම තමාගේ මිදි වැල යට ද අත්තික්කා ගස යට ද යෙහෙන් වාසය කරනු ඇත.” සව් බලැති සමිඳාණෝ මෙය වදාළ සේක.
එතුමාණෝ මිහි පිට ගිරිකුළු මත ඔවුන් ගෙන ගිය සේක. ගොඩ මඬ අස්වැන්නෙන් ඔවුන් පෝෂණය කළ සේක. පර්වතයෙන් මී පැණි ද ගිනිගලෙන් තෙල් ද ඔවුන්ට පෙවූ සේක.
එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ඔබේ වාසනාවක මහත! සමිඳු මිදූ සෙනඟකි, ඔබ. ඔබ හා සමාන කිසිවෙක් නැත. ඔබට ආධාර වන පලිහ, ඔබට ජයසිරි දෙන කඩුව, සමිඳාණෝ ය. ඔබේ සතුරෝ වැටී කමාව ඉල්ලා එන්නෝ ය. ඔබ ඔවුන්ගේ ගිරිකුළු දේවාල පයින් පාගා පොඩි කරදමන්නහු ය.”
ඔබ උන් වහන්සේ නුදුටු නමුත් උන් වහන්සේට ප්‍රේම කරන්නහු ය. දැන් ඔබ උන් වහන්සේ නොදකින නමුත්, උන් වහන්සේ අදහා,