ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 54:1 - Sinhala New Revised Version 2018

“දරුවන් නොලැබූ වඳ ස්ත්‍රියක වැනි ජෙරුසලම, ගී ගයන්න. ප්‍රසව වේදනාව නොවින්ද නුඹ ගී හඬ නඟා මොරගසන්න. මන්ද, විවාහක ස්ත්‍රියගේ දරුවන්ට වඩා, අත්හරිනු ලැබූ ගැහැණියක වැනි නුඹට දරු සම්පත් බොහෝ වෙති”යි සමිඳාණෝ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“දරුවන් නොලැබූ වඳ ස්ත්‍රියක වැනි ජෙරුසලම, ගී ගයන්න. ප්‍රසව වේදනාව නොවින්ද නුඹ ගී හඬ නඟා මොරගසන්න. මන්ද, විවාහක ස්ත්‍රියගේ දරුවන්ට වඩා, අත්හරිනු ලැබූ ගැහැණියක වැනි නුඹට දරු සම්පත් බොහෝ වෙති”යි සමිඳාණෝ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දරුවන් බිහිනොකළ වඳ තැනැත්තිය, ගීකියන්න; විළිරුජාව නොවින්ද තැනැත්තිය, ගී හඬනගා ශබ්ද පවත්වන්න. මක්නිසාද පුරුෂයෙක් ඇති තැනැත්තීගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ තැනැත්තීගේ දරුවෝ බොහෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න



යෙසායා 54:1
21 හුවමාරු යොමු  

සාරා ද කතා කරමින්, “දෙවියන් වහන්සේ මා හිනැස්සූ සේක. මේ ගැන අසන සියල්ලන් මා සමඟ සිනාසෙනු ඇත.


එතුමාණෝ වඳ ස්ත්‍රිය දරුවන් ඇති ප්‍රීතිමත් මවක කරන සේක; ඈට නිවෙසක් දෙන සේක. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.


අපට කුඩා සහෝදරියක් සිටින්නී ය; තවමත් ඇයට පියයුරු නැත. අපේ සහෝදරීට මංගල යෝජනාවක් කරන දවසේ දී අපි ඈ ගැන කුමක් කරමු ද?


සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”


ඉතිරි වන අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය. බටහිර සිටින අය සමිඳුන්ගේ මහිමතාව ප්‍රකාශ කරති.


ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.


සගලෝ ගී ගයා වා! පොළොව ප්‍රීති වේ වා! කඳු ප්‍රීතියෙන් පිනා යේ වා! මන්ද, සමිඳාණෝ සිය සෙනඟ සනසන සේක; දුක් විඳින සෙනඟට අනුකම්පා කරන සේක.


විනාශ කරන ලද නුඹේ දේශය නටබුන් වී පාළු වී ඇතත්, දැන් එහි පදිංචියට පැමිණෙන අයට එහි ඉඩ මදි වන්නේ ය. නුඹ විනාශ කර දැමූ අය නුඹෙන් ඉවත් කරනු ලබන්නෝ ය.


පිටුවහල් ව සිටි කාලයේ දී උපන් අය ‘මේ දේශය අපට ජීවත් වීමට මදි ය. අපට වාසය කිරීමට තව ඉඩකඩ වුවමනා ය’යි නුඹට යම් දවසක දී කියනු ඇත.


නුඹ, ‘අත්හරින ලද්දා’ කියා ද නුඹේ දේශය ‘අත්හරින ලද භාර්යාවක’ කියා ද තවත් නොකියනු ලබන්නේ ය. ‘මාගේ ප්‍රීතිය’ යන අරුත ඇති ‘හෙප්ශිබා’ නුඹේ අලුත් නම වන්නේ ය. සමිඳාණන් නුඹ කෙරෙහි ප්‍රසන්න බැවින්, නුඹේ දේශය ‘ප්‍රීති කරන ගීය’ යන අරුත ඇති ‘බෙයුලා’ කියා කියනු ලබන්නේ ය. එතුමාණෝ නුඹේ දේශය සරණ කොට ගන්න සේක.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ ශුද්ධ නගරය වනාහි, ප්‍රසව වේදනාව ඇති වන්න පෙර පිරිමි දරුවෙකු බිහි කළ මාතාවක වැනි ය.


සියොන් පුරඟන, සොම්නසින් ගී ගයන්න; ජෙරුසලම් වැසියෙනි, කෑමොරගසන්න; ඉශ්රායෙල් ජනයෙනි, ප්‍රීති ප්‍රමෝද වන්න.


සියොන් පුරඟන, ප්‍රීති ප්‍රමෝද වන්න; ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නඟන්න. ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක. එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක. යටහත් සිතින් කොටළුවෙකු පිට නැඟ, එසේ ය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැඟ පැමිණෙන සේක.


ඒ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත: “දරුවන් නොලැබූ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න, ප්‍රසව වේදනා නොවිඳින ස්ත්‍රිය, ප්‍රීතියෙන් මොරදෙන්න. මන්ද, පුරුෂයා ඇති ස්ත්‍රියට වඩා හැරදමනු ලැබූ ස්ත්‍රියට දරුවෝ බොහෝ ය.”


කා බී තර වී සිටි අය කුලී වැඩ කරති; සාගින්නෙන් පෙළී සිටි අයට සාගින්නක් තවත් නැත. වඳ ස්ත්‍රියට දරුවන් සත්දෙනෙක් ඇත. බොහෝ දරුවන් ලැබූ ස්ත්‍රියට දැන් එකෙක් වත් නැත.