Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 62:4 - Sinhala New Revised Version 2018

4 නුඹ, ‘අත්හරින ලද්දා’ කියා ද නුඹේ දේශය ‘අත්හරින ලද භාර්යාවක’ කියා ද තවත් නොකියනු ලබන්නේ ය. ‘මාගේ ප්‍රීතිය’ යන අරුත ඇති ‘හෙප්ශිබා’ නුඹේ අලුත් නම වන්නේ ය. සමිඳාණන් නුඹ කෙරෙහි ප්‍රසන්න බැවින්, නුඹේ දේශය ‘ප්‍රීති කරන ගීය’ යන අරුත ඇති ‘බෙයුලා’ කියා කියනු ලබන්නේ ය. එතුමාණෝ නුඹේ දේශය සරණ කොට ගන්න සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 නුඹ, ‘අත්හරින ලද්දා’ කියා ද නුඹේ දේශය ‘අත්හරින ලද භාර්යාවක’ කියා ද තවත් නොකියනු ලබන්නේ ය. ‘මාගේ ප්‍රීතිය’ යන අරුත ඇති ‘හෙප්ශිබා’ නුඹේ අලුත් නම වන්නේ ය. සමිඳාණන් නුඹ කෙරෙහි ප්‍රසන්න බැවින්, නුඹේ දේශය ‘ප්‍රීති කරන ගීය’ යන අරුත ඇති ‘බෙයුලා’ කියා කියනු ලබන්නේ ය. එතුමාණෝ නුඹේ දේශය සරණ කොට ගන්න සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 නුඹ අත්හරිනලද්දීයයි තවත් කියනු නොලබන්නෙහිය, නුඹේ දේශයට පාළුයයි තවත් නොකියන්නෝය. නුඹ ‍හෙප්ශීබා කියාද නුඹේ දේශය‍ බෙයුලා කියාද කියනු ලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රසන්නය, නුඹේ දේශයද සරණපාවාගනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 62:4
32 හුවමාරු යොමු  

ඔබේ දෙවි සමිඳාණෝ ඔබ සමඟ ය; ඔබට ජය අත් කර දෙන සෙබළාණෝ ය. එතුමාණෝ ඔබ ගැන ප්‍රිය මනාප වන සේක; සිය පෙමින් ඔබට නව ජීවනයක් දෙන සේක; ඔබ ගැන සොම්නස් සිතින් ගී ගයන සේක;


ඔව්හු ‘ශුද්ධ සෙනඟ’ කියාත්, ‘සමිඳුන්ගේ මුදාගත් ජනතාව’ කියාත් කියනු ලබන්නෝ ය. ‘දෙවිඳුන්ගේ තෝරාගත් නගරය’ කියාත් කියනු ලබන්නේ ය.


එසේ ය, ඔවුන්ට යහපත කිරීම මට ඉමහත් ප්‍රීතියක් වනු ඇත. සැබැවින් මාගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද මේ දේශයෙහි ඔවුන් ස්ථීර ලෙස පදිංචි කරවන්නෙමි.


වරක් ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ ව නොසිටියහ; දැන් ඔබ උන් වහන්සේගේ සෙනඟ ව සිටින්නහු ය. වරක් ඔබ දයාව නොලැබ සිටියහු ය; දැන් ඔබ දයාව ලැබ සිටින්නහු ය.


මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.


සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක. දීනයන් ජය සිරියෙන් සරසන සේක.


“මා කෙරෙන් වෙන් ව ගිය දරුවෙනි, මා නුඹලාගේ ස්වාමීන් වන බැවින් මා වෙත හැරී එන්න. මම නගරයකින් එක් කෙනෙකු ද වංශයකින් දෙදෙනෙකු ද නුඹලා අතරෙන් පිළිගෙන සියොන් කන්දට පමුණුවන්නෙමි.


“දරුවන් නොලැබූ වඳ ස්ත්‍රියක වැනි ජෙරුසලම, ගී ගයන්න. ප්‍රසව වේදනාව නොවින්ද නුඹ ගී හඬ නඟා මොරගසන්න. මන්ද, විවාහක ස්ත්‍රියගේ දරුවන්ට වඩා, අත්හරිනු ලැබූ ගැහැණියක වැනි නුඹට දරු සම්පත් බොහෝ වෙති”යි සමිඳාණෝ වදාරන සේක.


එපා කරන ලද, ද්වේෂයට භාජනය වූ, පාළු වූ, නුවරක් වූ නමුත්, මම නුඹ උතුම්, අලංකාර, සදහට ම ප්‍රීතිය ඇති ස්ථානයක් කරන්නෙමි.


තරුණයෙකු කන්‍යාවක සරණ කොට ගන්න සේ නුඹේ පුත්‍රයෝ නුඹ සරණ කොට ගන්නෝ ය. මනාලයා මනාලිය කෙරෙහි ප්‍රීති වන්නාක් මෙන් නුඹේ දෙවිඳාණෝ නුඹ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.


නිර්මල කන්‍යාවක වැනි ඔබ, ක්‍රිස්තුන් වහන්සේ වන එක ම ස්වාමියා හට සරණ පාවා දීම පිණිස මා ගිවිසුම් දුන් බැවින්, මම දිව්‍යමය හිතවත්කමකින් ඔබ ගැන හිතවත් වෙමි.


එහෙත්, ජෙරුසලම් වැසියෝ, “සමිඳාණෝ අප අත්හළ සේක; අප මතක නැති කළ සේකැ”යි කී හ.


තවද, තමාගේ ස්වාමි පුරුෂයාට සරසන ලද මනාලියක මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නගරය වන අලුත් ජෙරුසලම, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු දිටිමි.


මනාලිය අයිති මනාලයාට ය, මනාලයා ළඟ සිට සවන් දෙන ඔහුගේ මිත්‍රයා, මනාලයාගේ කටහඬ අසා අතිශයින් ප්‍රමුදිත වෙයි. මේ මාගේ ප්‍රීතිය පිරී ඇත්තේ එබැවිනි.


ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, “මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ.


නුඹේ දේශ සීමා තුළ බලහත්කාරකම ද නාස්තිය හා විනාශය ද ගැන තවත් අසන්න නොලැබෙන්නේ ය. නුඹේ පවුරුවලට ‘ගැළවීම’ කියා ද නුඹේ දොරටුවලට ‘ප්‍රශංසාව’ කියා ද නුඹ කියන්නෙහි ය.


එම්බා ජෙරුසලම! ජාතීන් නුඹේ දැහැමි බවත්, සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනු ඇත. සමිඳුන්ගේ ම මුඛයෙන් පැවසෙන අලුත් නමක් නුඹට දෙනු ලබන්නේ ය.


මම ජෙරුසලම කෙරෙහිත්, මාගේ සෙනඟ කෙරෙහිත් ප්‍රසන්න වෙමි. ඇඬීමේ ශබ්දයක් වත්, පීඩිත වේදනාවේ ශබ්දයක් වත් එහි තවත් නොඇසෙන්නේ ය.


මා විසින් ඔවුන්ට කරනු ලබන සියලු යහපත ගැන අසන පොළොවේ සියලු ජාතීන් අතරේ, මේ නගරය මට ප්‍රීතියක් ද ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන්නේ ය; මා ඊට කර දෙන සියලු යහපත හා සමගිය නිසා ඔව්හු බිය වී වෙවුළන්නෝ ය.”


එවිට නුඹලාගේ දේශය යහපත් දේශයක් වන බැවින් සියලු ජාතීන් නුඹලා වාසනාවන්තය යි කියනු ඇත.


දෙවි සමිඳාණන් වහන්සේ ඔබ කරන සියලු වැඩකටයුතු ද බහුල ව සඵලවත් කරන සේක. ඔබට සෙත සලසමින්, ඔබේ දරුසම්පත ද ගවසම්පත ද භවභෝග ද වර්ධනය කරන සේක. උන් වහන්සේ ඔබේ පියවරුන් ගැන ප්‍රීති ප්‍රමෝද වූවාක් මෙන් ම ඔබට සෙත සලසන පිණිස ඔබ ගැන ද නැවත ප්‍රීති ප්‍රමෝද වන සේක.


මිහි මත වසන බැතිමත්හු උතුම් වන්නෝ ය; ඔවුන් පිළිබඳ විපුල සතුටක් මට ඇත්තේ ය.


මිනිසුන් ද කතා කොට, ‘පාළු වී තිබුණ දේශය ඒදන් උයන මෙන් වී තිබේ; නාස්ති ව, පාළු ව, ජරාවාස ව තිබුණු නගර බලකොටු වී වැසියන්ගෙන් ගහණ ව තිබේ ය’යි කියන්නෝ ය.


ඒ කාලයේ දී මම මාගේ සෙනඟගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. මම අහසින් පොළොවට වැසි වස්වන්නෙමි.


ධාන්‍ය ද මිදි ද ඔලීව ද පොළොවේ හටගන්නේ ය. එවිට ඉශ්රායෙල් සරුසාර වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්