එවිට ඔහු, “ඔබ සමිඳාණන් වහන්සේගේ අණට කීකරු නොවූ නිසා මා ළඟින් අහක් ව ගිය කෙණෙහි ම සිංහයෙක් ඔබ මරන්නේ ය”යි කීවේ ය. ඔහු අහක් ව ගිය කෙණෙහි ම සිංහයෙක් ඔහුට සම්බ වී ඔහු මැරුවේ ය.
යෙසායා 38:13 - Sinhala New Revised Version 2018 සිංහයෙකු මාගේ ඇටකටු බිඳින සේ මට දැනී, මම මුළු රෑ ම වේදනාවෙන් හැඬුවෙමි. දෙවිඳාණෝ මාගේ ජීවිතය එක දවසින් අවසාන කරන සේකැ යි මම සිතුවෙමි. Sinhala New Revised Version සිංහයෙකු මාගේ ඇටකටු බිඳින සේ මට දැනී, මම මුළු රෑ ම වේදනාවෙන් හැඬුවෙමි. දෙවිඳාණෝ මාගේ ජීවිතය එක දවසින් අවසාන කරන සේකැ යි මම සිතුවෙමි. Sinhala Revised Old Version උදය දක්වා මම කල්පනාකෙළෙමි; උන්වහන්සේ සිංහයෙකු මෙන් මාගේ සියලු ඇට බිඳිනසේක. එක දවසක් ඇතුළතදී ඔබ මා තීන්දු කරනසේක. |
එවිට ඔහු, “ඔබ සමිඳාණන් වහන්සේගේ අණට කීකරු නොවූ නිසා මා ළඟින් අහක් ව ගිය කෙණෙහි ම සිංහයෙක් ඔබ මරන්නේ ය”යි කීවේ ය. ඔහු අහක් ව ගිය කෙණෙහි ම සිංහයෙක් ඔහුට සම්බ වී ඔහු මැරුවේ ය.
දිවා රෑ දෙකේ දී ම ඔබ මට දඬුවම් කළ සේක; මාගේ ශක්තිය පහ ව ගියේ ය. ගිම්හානයේ දී නැති වන දියසීරාව මෙන් වියළී ගියේ ය.
මට පිටුපා යන්නෙනි, මෙය කල්පනාවට ගන්න; නැතහොත්, මම නුඹලා වනසන්නෙමි. නුඹලා ගළවන්නට කිසිවෙකු නොසිටිනු ඇත.
නැතහොත්, ගළවන්නට බැරි තැනකට සිංහයෙකු මෙන්, ඔවුන් මා ඩැහැගෙන යනු ඇත; එහිදී මා කැබලි කොට මරා දමනු ඇත.
සැඬ පහරකින් මෙන් ඔබ මිනිසුන් ගෙන යන සේක; ඔව්හු සිහිනයක් මෙන් පහ වී යති; උදේ දලු දැමූ තණ පත හා සමාන වන්නෝ ය.
මම එප්‍රායිම්ට සිංහයෙකු මෙන් ද ජුදාට සිංහ නාම්බෙකු මෙන් ද වන්නෙමි. මම, මම ම ඔවුන් පිටට කඩාපැන ඔවුන් ඉරාදමා ඇදගෙන යන්නෙමි. කිසිවෙකුට ඔවුන් ගැළවිය නොහැකි ය.