ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 33:20 - Sinhala New Revised Version 2018

අපේ ආගමික මංගල්‍යයන් පවත්වන ස්ථානයක් වන සියොන් දෙස බලන්න; ජෙරුසලම දෙස බලන්න. ජීවත් වීමට එය කොතරම් සුරක්ෂිත වාසභවනයක් වන්නේ ද? එය, කිසි කලක නොසෙල්වන, ඇබ ගලවනු නොලබන, ලණු නොකැඩෙන, කූඩාරමක් හා සමාන වන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අපේ ආගමික මංගල්‍යයන් පවත්වන ස්ථානයක් වන සියොන් දෙස බලන්න; ජෙරුසලම දෙස බලන්න. ජීවත් වීමට එය කොතරම් සුරක්ෂිත වාසභවනයක් වන්නේ ද? එය, කිසි කලක නොසෙල්වන, ඇබ ගලවනු නොලබන, ලණු නොකැඩෙන, කූඩාරමක් හා සමාන වන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අපේ මංගල්‍ය නගරය වන සියොන් බලන්න. යෙරුසලම නිශ්චල වාසස්ථානයක්ව අහක් නොවෙන කූඩාරමක්ව තිබෙනවා නුඹේ ඇස්වලින් දකිනවා ඇත. ඒකේ ඇණ කවදාවත් උගුලනු නොලබන්නේය; ඒකේ කිසි ලනුවක් කඩනු නොලබන්නේය.

පරිච්ඡේදය බලන්න



යෙසායා 33:20
18 හුවමාරු යොමු  

සමිඳාණෝ සියොන්හි සිට ඔබට ආශීර්වාද කරන සේක් වා! ඔබේ මුළු ජීවිත කාලයේ දී ජෙරුසලමේ සුබ සෙත ඔබට දක්නට ලැබේ වා!


දෙවි තුමාණෝ ඒ නුවර වැඩ වසන සේක. ඊට කිසි දා විපතක් නොවනු ඇත. දෙවි තුමාණෝ අලුයම් වේලෙහි ඊට පිහිට වන සේක.


ජාතීහු කෝලහල කළහ; රාජධානි බිඳ වැටිණි. දෙවි තුමාණෝ ගිගුරුම් දුන් සේක. මහ පොළොව දිය විණි.


දෙවිඳුන්ගේ සෙනඟගේ ගෙවල සාමයත්, ආරක්ෂාවත්, කරදරවලින් නිදහස්කමත් ඇති වන්නේ ය.


එතුමාණෝ ජාතීන්ට ස්ථාවරතාව දෙන සේක. එතුමාණෝ නිරන්තරයෙන් සිය සෙනඟ ආරක්ෂා කොට ප්‍රඥාවත්, දැනගැන්මත් ඔවුන්ට දෙන සේක. සමිඳුන්ට ගරුබිය දැක්වීම ඔව්හු උසස් වස්තුවක් සේ අගය කරති.


“අසිරියාවේ අධිරාජයා ගැන සමිඳාණන් වහන්සේ වදාරා ඇති දේ මෙසේ ය: ‘ඔහු මේ නුවරට ඇතුළු වන්නේ වත්, ඊගසක් ඊට විදින්නේ වත්, ඒ ඉදිරිපිට පලිහක් රැගෙන එන්නේ වත්, එය වටලෑම සඳහා පවුරු බඳින්නේ වත් නැත.


එවිට උන් වහන්සේ සියොන් කන්දට හා එහි සිටින සියල්ලන්ට ඉහළින් දවාලේ වලාකුළක් ද රාත්‍රියේ දුමාරයක් හා දීප්තිමත් ගින්නක් ද මවා එවන සේක. දෙවියන් වහන්සේගේ තේජාලංකාරය මුළු නගරය වසා ගෙන එය ආරක්ෂා කරන ආවරණයක් මෙන් වන්නේ ය.


“නුඹේ කූඩාරම පිහිටා ඇති ස්ථානය විශාල කරන්න. එහි සීමා පළල් කරන්න; පසු නොබසින්න; ලණු දික් කරගෙන ඇබ සවි කරන්න.


මෙය දුටු විට නුඹලාගේ සිත් ප්‍රීතියෙන් පිනා යන්නේ ය. එසේ නුඹලා සනීප ශක්තිය ලබන්නහු ය. එවිට සමිඳුන් වන මම මට කීකරු වන්නන්ට ආශීර්වාද කරන බවත්, මාගේ සතුරන්ට උදහස දක්වන බවත් නුඹලා දැනගන්නහු ය.”


වට ප්‍රමාණය මීටර් දහසක් වේ. ඒ දවසේ පටන් නුවර නාමය ‘සමිඳාණන් වහන්සේ එහි ය’ යන අරුත ඇති ජෙහෝවා-ෂාමා වන්නේ ය.”


“ජුදා දේශ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නුඹලා වෙන් කළ යුතු විශේෂ කොටස වන්නේ ය. එහි පළල කිලෝමීටර් දොළහමාරක් ද එහි දිග ගෝත්‍රයකට හිමි කොටසට සමාන වූ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ද වන්නේ ය. ශුද්ධස්ථානය එහි මැද වන්නේ ය.


මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.


ඔබේ ගෝත්‍ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය.


“දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී අවුරුද්දකට තුන්වරක් ඔබේ සියලු පිරිමින් උන් වහන්සේ ඉදිරියට විත් පෙනී සිටිය යුතු ය. ඒ තුන් වාරය නම් නුමුහුන් පූප මංගල්‍යය, අස්වැන්න මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය වේ. තවද උන් වහන්සේ ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටිය යුතු ය.


ජයග්‍රාහකයා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි. ඔහු එතැනින් කිසි කලෙක පිටත නොයන්නේ ය. මාගේ දෙවියන් වහන්සේගේ නාමය ද, මාගේ දෙවියන් වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින නව ජෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නගරයේ නාමය ද, මාගේ ම අලුත් නාමය ද ඔහු පිට කැටයම් කරන්නෙමි.