මම දැහැමිකම නමැති වස්ත්‍රයෙන් සැරසී, රන් සළුවක් ද මකුටයක් ද මෙන් යුක්තිය පැළඳගත්තෙමි.
යෙසායා 28:5 - Sinhala New Revised Version 2018 සව් බලැති සමිඳුන් ඉතිරි ව සිටින තමන්ගේ සෙනඟට තේජාලංකාර මල් කිරුළක් ද දීප්තිමත් කිරීටයක් ද මෙන් වන කාලයක් පැමිණෙන්නේ ය. Sinhala New Revised Version සව් බලැති සමිඳුන් ඉතිරි ව සිටින තමන්ගේ සෙනඟට තේජාලංකාර මල් කිරුළක් ද දීප්තිමත් කිරීටයක් ද මෙන් වන කාලයක් පැමිණෙන්නේ ය. Sinhala Revised Old Version ඒ දවසෙහි සේනාවල ස්වාමීන්වහන්සේ තමන්ගේ ඉතිරි සෙනඟට අලංකාර ඔටුන්නක්ද දීප්තිමත් කිරීටයක්ද, |
මම දැහැමිකම නමැති වස්ත්‍රයෙන් සැරසී, රන් සළුවක් ද මකුටයක් ද මෙන් යුක්තිය පැළඳගත්තෙමි.
ඉශ්රායෙල් සෙනඟට මිසරයෙන් පිට වන්න මඟ සැලසුණාක් මෙන් අසිරියාවේ ඉතිරි පිරිසටත් ඒ රටෙන් පිට වන්න මහා මාවත් ඇති වන්නේ ය.
පොළොවේ සීමාන්තවලින් ධර්මිෂ්ඨ දේශය වන ඉශ්රායෙල් සම්බන්ධයෙන් නඟන ප්‍රශංසා ගී අපට ඇසෙන්නේ ය. එහෙත්, මම කතා කොට, “මට බලාපොරොත්තුවක් නැත; මම ක්ෂය වෙමි; ද්‍රෝහියෝ මා පාවා දෙති. ඔවුන්ගේ ද්‍රෝහිකම දෙගුණ තෙගුණ වේ ය”යි කියමි.
ජෙරුසලමේ ඉතිරි ව සිටින අය එනම්, විනාශ නොවී ජීවත් ව සිටින පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ අය, ‘ශුද්ධවන්තයෝ යැ’යි කියනු ලබන්නෝ ය.
නුඹලා ඒවා පොළන්නහු ය. එවිට ඒවා, සුළඟට ගසාගෙන යන්නේ ය. සුළි සුළඟින් විසිරී යන්නේ ය. එහෙත්, මම නුඹලාගේ දෙවිඳාණන් වන බැවින් නුඹලා ප්‍රීති වන්නහු ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් වන මට නුඹලා ප්‍රශංසා කරන්නහු ය.
මින්පසු, දවල් කාලේ හිරු තවත් ඔබේ එළිය නොවන්නේ ය; රෑ කාලේ සඳ, එළිය දෙන්න ඔබ කෙරේ නොබබළන්නේ ය; සමිඳාණෝ ඔබේ සදාතන ආලෝකය වන සේක. ඔබේ දෙවිඳාණෝ ඔබේ තේජාලංකාරය වන සේක.
නුඹ සමිඳුන්ගේ අතෙහි අලංකාර ඔටුන්නක් ද නුඹේ දෙවිඳුන්ගේ අතෙහි රාජ කිරීටයක් ද මෙන් වන්නෙහි ය.
එවිට ජුදාහි ගෝත්‍ර තම තමන් කතා කර ගනිමින්, ‘සියලු බලැති සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ වසන සිය සෙනඟට ශක්තිය දෙන සේකැ’යි කියනු ඇත.
දැනට අප විඳින තාවකාලික සුළු දුක, එය මුළුමනින් ම ඉක්මවා යන සදාතන තේජස් සම්භාරයකට මඟ පාදයි.