තවද, හෝෂෙයාගේ නව වන අවුරුද්දේ අසිරියාවේ රජ සමාරිය අල්ලාගෙන ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන් ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නුවරවල ද පදිංචි කරවී ය.
යෙසායා 28:19 - Sinhala New Revised Version 2018 එයින් ඔබට නැවත නැවත, උදයක් උදයක් පාසා පහර වදින්නේ ය. රෑ දාවල් දෙක්හි එය විඳින්න ඔබට සිදු වන්නේ ය. මේ ගැන දෙවිඳුන්ගෙන් පණිවුඩයක් ලැබෙන සැම විට ම ඔබ භීතියෙන් ඇලළී යන්නහු ය. Sinhala New Revised Version එයින් ඔබට නැවත නැවත, උදයක් උදයක් පාසා පහර වදින්නේ ය. රෑ දාවල් දෙක්හි එය විඳින්න ඔබට සිදු වන්නේ ය. මේ ගැන දෙවිඳුන්ගෙන් පණිවුඩයක් ලැබෙන සැම විට ම ඔබ භීතියෙන් ඇලළී යන්නහු ය. Sinhala Revised Old Version එය එන එන විට නුඹලාව අල්ලාගන්නවා ඇත; මක්නිසාද උදයෙන් උදයද රෑ දාවල්ද එය එනවා ඇත. ඒ ආරංචිය තේරුම්ගැනීමම භීතියක්ව තිබෙයි. |
තවද, හෝෂෙයාගේ නව වන අවුරුද්දේ අසිරියාවේ රජ සමාරිය අල්ලාගෙන ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන් ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නුවරවල ද පදිංචි කරවී ය.
හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ සෙනකෙරිබ් ජුදාහි රජවරුන්ගේ නගරවලට විරුද්ධ ව අවුත් ඒවා අල්ලාගත්තේ ය.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බලන්න, අසන සියල්ලන්ගේ කන් දෙක රත් වන තරම් මම ජෙරුසලම සහ ජුදාවරුන් පිට විපත්ති පමුණුවන්නෙමි.
සමිඳාණන් වහන්සේ කල්දිවරුන්ගේ හමුදාවන් ද සිරියන්වරුන්ගේ හමුදාවන් ද මෝවබ්වරුන්ගේ හමුදාවන් ද අම්මොන්වරුන්ගේ හමුදාවන් ද ඔහුට විරුද්ධ ව එවූ සේක. තමන්ගේ මෙහෙකරු වූ දිවැසිවරුන් ලවා සමිඳාණන් වහන්සේ කියෙවූ වචනයේ හැටියට ජුදා නැති කරන පිණිස ඊට විරුද්ධ ව උන් වහන්සේ ඔවුන් එවූ සේක.
ඔවුන්ට එළිය දරුණු ලෙස බියකරු ය; රෑ අඳුරට ඔව්හු ප්‍රිය කරති.” ශෝපර් මෙසේ පිළිතුරු දුන්නේ ය:
අනේ! ලෙවියාතන් නම් තල්මහ දෙස බැලීමෙන් වැඩක් නැත. ඌ දුටු පමණින් මිනිසා ඇද වැටෙනු නියත ය.
සව් බලැති දෙවිඳුන්ගේ ඊතල මා තුළට වැදී ඇත; ඒවායේ වස විස මසිතට කා වැදී ගොස් ඇත. දෙවි තුමන්ගේ බියකරු ක්‍රියා මට එරෙහි ව පෙළගැසී ඇත.
යොවුන් වියේ පටන් පීඩිත ව කෙඳිරි ගාමින් මම මැරෙන්නට ආසන්න ව සිටියෙමි; ඔබෙන් පැමිණෙන දඬුවම්වල බරින් මම තැළී පොඩි වී සිටියෙමි.
එවිට හිල්කියාගේ පුත් එලියාකිම් ද ලේකම් ව සිටි ෂෙබ්නා ද ජෝවා ද තම තමන්ගේ ඇඳුම් ශෝකයෙන් ඉරාගෙන හෙසකියා රජු වෙත ගොස් රබ්-ෂාකේ කී දේ ඔහුට සැළ කළෝ ය.
ඔවුන් අතේ රජතුමා යෙසායා වෙත යැවූ පණිවුඩය මෙසේ ය: “අද දුක ද තර්ජනය ද අපහාසය ද ඇති දවසක් ය. අපි දරුවකු බිහි කරන්න සිටින නමුත්, එසේ කිරීමට නොහැකි තරමට දුර්වල වන ස්ත්‍රියක හා සමාන ය.
විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක.
“නුඹ මෙසේ කියන්න: ජුදාහි රජවරුනි, ජෙරුසලමේ වැසියෙනි, ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. අසන සියල්ලන්ගේ කන් දෙදරන තරමට මේ ස්ථානය පිට මම විපත්ති පමුණුවන්නෙමි.
“දේශය මුළුල්ලේ හොරණෑව පිඹ මොරගසා, ‘අපි එක්රැස් වී බලකොටු සහිත නගරවලට යමු’ කියා ජුදාව පුරා පතුරුවන්න; ජෙරුසලමේ ප්‍රකාශ කරන්න.
සමිඳාණන් වහන්සේ කතා කොට, “ඒ දවසේ දී රජුගේ සිත ද අධිපතීන්ගේ සිත් ද අධෛර්ය වන්නේ ය; පූජකයෝ බියපත් වන්නෝ ය. දිවැසිවරු ත්‍රස්ත වන්නෝ ය”යි වදාළ සේක.
ජෙරුසලම් වැසියෝ මෙසේ කියති: “ඒ පුවත අප අසා ඇත; අපේ අත් දුර්වල වී තිබේ; ස්ත්‍රියට ඇති වන විළිරුජාව සේ දුක් වේදනාව අප පිට පැමිණ ඇත.
මංගල්‍යයකට සෙනඟ රැස් කරන්නාක් මෙන් මට විරුද්ධ ව හැම අතින් ම සතුරන් රැස් කළ සේක. සමිඳුන්ගේ උදහසේ දවසේ දී කිසිවෙක් ගැළවී ඉතිරි නො වී ය. මා සුව සේ උපදවා, ඇතිදැඩි කළ සියලු දෙන සතුරන් විසින් විනාශ කරනු ලැබූ හ.
මේ සියල්ල අසා මම කැළඹෙමි. මාගේ තොල් බියෙන් වෙවුලයි. මාගේ ඇටකටු දිරා යයි. මාගේ දෙකකුලේ වාරුව නැති වී යයි. එහෙත්, අපට විරුද්ධ ව ආක්‍රමණය කරන අයට දෙවියන් වහන්සේ දඬුවම් කරන කාලය පැමිණෙන තෙක් මම නිශ්චල ව බලා සිටිමි.
සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට මෙසේ වදාළ සේක: “මෙන්න, මම ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව කරන්නට යන දේ; ඒ ගැන අසන සියල්ලන්ගේ කන් දෙක ලෙල දෙන්නේ ය.