Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 55:4 - Sinhala New Revised Version 2018

4 මාගේ හදවත ගැහි ගැහී ඇත්තේ ය; මරණ බිය මා ලුහුබැඳ එන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මාගේ හදවත ගැහි ගැහී ඇත්තේ ය; මරණ බිය මා ලුහුබැඳ එන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 මාගේ සිත මා තුළ තද වේදනා සහිත වෙයි. මරණ භීතිය මා පිට වැටී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 55:4
14 හුවමාරු යොමු  

මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය.


ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත්, යාච්ඤා ද කන්නලවු ද ඔප්පු කළ සේක. උන් වහන්සේගේ දේව ගරුබිය නිසා, දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක.


මාගේ සිත කරදරවලින් ගහණ වී ඇත්තේ ය. මාගේ ජීවිතය මිනී වළට ආසන්න ය,


නින්දාව නිසා මාගේ සිත බිඳී ගොස් මම ශෝකයෙන් පිරී සිටිමි. සනසන්නෙකු සෙවුවෙමි; එවැන්නෙක් නො වී ය. අස්වසන්නෙකු සෙවුවෙමි; කිසිවෙක් සම්බ නො වී ය.


මම මුළුමනින් ම කැළඹී සිටිමි; සමිඳුනි, ඔබ කොපමණ කල් පමා වන සේක් ද?


“දැන් මාගේ සිත කැළඹී ඇත; ඉදින් මම කුමක් කියම් ද? ‘පියාණෙනි, මේ මොහොතෙන් මා ගැළවුව මැනවැ’යි කියම් ද? නැත, මා මේ මොහොතට පැමිණියේ මේ උදෙසා ම ය.


ෂිමෙයි දෙස් තබමින්, “මිනීමරුව, දුර්ජනය, පලා යව, පලා යව.


මාගේ සතුරෝ, ‘ඔබේ දෙවියෝ කොහේ දැ’යි නිරතුරු කියමින්, කඩුපතින් ඇන මාගේ ඉල ඇට කඩන්නාක් මෙන් නිගා කරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්