ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 26:21 - Sinhala New Revised Version 2018

ලෝ වැසි සියලු දෙනාට ඔවුන්ගේ පව් නිසා දඬුවම් කරන පිණිස සමිඳාණෝ වඩින සේක; රහසින් කරන ලද මිනීමැරුම් එළි කරනු ලබන්නේ ය. පොළොව, මැරුම් කෑ අය තවත් නොසඟවන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ලෝ වැසි සියලු දෙනාට ඔවුන්ගේ පව් නිසා දඬුවම් කරන පිණිස සමිඳාණෝ වඩින සේක; රහසින් කරන ලද මිනීමැරුම් එළි කරනු ලබන්නේ ය. පොළොව, මැරුම් කෑ අය තවත් නොසඟවන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද මෙන්න, ස්වාමීන්වහන්සේ, පොළෝ වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම්කරන්ට තමන්ගේ ස්ථානයෙන් නික්මී එනසේක. පොළොවද එහි මැරුම්කෑවුන් තවත් වසා නොගෙන එහි වැගිරෙවු ලේ ප්‍රකාශකරනවා ඇත.

පරිච්ඡේදය බලන්න



යෙසායා 26:21
28 හුවමාරු යොමු  

එම්බා මිහිකත! මට කර ඇති අපරාධ පස් යට නොසඟවන්න. මාගේ අඳෝනාව අවසන් නො වේ වා!


අහස් තලය ඔහුගේ පාප දෝස අනාවරණය කරයි; මිහි තලය ඔහු වරදට පත් කරයි.


දෙවිඳුන් නුඹලාට දඬුවම් කරන විට නුඹලා කුමක් කරන්නහු ද? දුර බැහැර රටකින් නුඹලා පිට විනාශය පැමුණුණ විට නුඹලා කුමක් කරන්නහු ද? උපකාර ලබාගන්න පිණිස කා වෙත යන්නහු ද? නුඹලාගේ වස්තුව කොතැන සඟවන්නහු ද?


මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම් නිසාත්, දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම් නිසාත් දඬුවම් කරමි. උඩඟු අයගේ අහංකාරය නවත්වා, බලහත්කාරකම් කරන්නන්ගේ ආඩම්බරය පහකරන්නෙමි.


සමිඳුන් මට කතා කොට මෙසේ වදාළ සේක: “දාවල් ග්‍රීෂ්ම වේලාවේ පායන හිරු මෙන් සන්සුන් ව ද ගොයම් කපන කාලයේ උණුසුම් රැයේ පිනි වලාකුළක් මෙන් නිශ්චල ව ද මම ස්වර්ගයේ සිට බලන්නෙමි.


සව් බලැති දෙවි සමිඳාණෝ මට කතා කොට, “ජීවිතාන්තය දක්වා නුඹේ මේ අපරාධ කමා නොකරන බව සව් බලැති දෙවි සමිඳාණන් වන මම නුඹලාට කියමි”යි වදාළ සේක.


සව් බලැති සමිඳාණෝ ගර්ජනාවෙන් ද මහත් ශබ්දයකින් ද සුළි සුළඟකින් ද කුණාටුවකින් ද විනාශකාරී ගින්නකින් ද ප්‍රකාශ වන සේක.


ඔවුන්ට දෙන දඬුවම් මා දැනට ම කෙටුම්පත් කර ඇත. ඔවුන් කර ඇති දේ ගැන නිහඬ ව නොසිටියෙමි.


ඔවුන්ගේත්, ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේත් අයුතුකම්වලට මම ප්‍රතිවිපාක දෙන්නෙමි. ඔවුන් කඳු උඩ සුවඳ දුම් පූජා ඔප්පු කර, මට අපහාස කර ඇත. ඒ නිසා මම නිසි ලෙස මැන ඔවුන්ට දඬුවම් දෙන්නෙමි.”


අන්න, සවන් දෙන්න; ඝෝෂාව නුවරින් පැමිණෙන්නේ ය. දේව මාලිගාවෙන් හඬක් නික්මෙන්නේ ය. ඒ වනාහි, සමිඳුන් සතුරන්ට දඬුවම් දීමේ හඬ ය.”


උන් වහන්සේ ද කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම්, මාගේ ශුද්ධස්ථානයෙන් මා පලවා හරින පිණිස ඉශ්රායෙල් සෙනඟ මෙහි කරන මහා පිළිකුල්කම් නුඹට පෙනෙන්නේ නැද් ද? මීටත් වඩා පිළිකුල් දෙයක් නැවතත් නුඹ දකින්නෙහි ය”යි මට වදාළ සේක.


අඥානයෙනි, පිටපැත්ත මැවූ තැනැන් වහන්සේ ඇතුළු පැත්තත් නොමැවූ සේක් ද?


මෙ‍සේ ආබෙල්ගේ මරණයේ පටන්, පූජාසනය හා ශුද්ධස්ථානය අතර මරන ලද සෙකරියස්ගේ මරණය දක්වා,


ඔවුන් සැදැහැවතුන්ගේ ද දිවැසිවරයන්ගේ ද ලේ වැගිරෙව් බැවින්, ඔබ ඔවුන්ට ලේ බොන්නට දුන් සේක. ඔවුන්ට ලැබිය යුතු විපාකය මේ ය”යි කියනු මට ඇසිණි.


දිවැසිවරයන්ගේ ද සැදැහැවතුන්ගේ ද මිහි පිට මරනු ලැබූ සියල්ලන්ගේ ද ලේ, ඈ තුළ දක්නා ලදී.”