Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 26:21 - Sinhala Revised Old Version

21 මක්නිසාද මෙන්න, ස්වාමීන්වහන්සේ, පොළෝ වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම්කරන්ට තමන්ගේ ස්ථානයෙන් නික්මී එනසේක. පොළොවද එහි මැරුම්කෑවුන් තවත් වසා නොගෙන එහි වැගිරෙවු ලේ ප්‍රකාශකරනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ලෝ වැසි සියලු දෙනාට ඔවුන්ගේ පව් නිසා දඬුවම් කරන පිණිස සමිඳාණෝ වඩින සේක; රහසින් කරන ලද මිනීමැරුම් එළි කරනු ලබන්නේ ය. පොළොව, මැරුම් කෑ අය තවත් නොසඟවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ලෝ වැසි සියලු දෙනාට ඔවුන්ගේ පව් නිසා දඬුවම් කරන පිණිස සමිඳාණෝ වඩින සේක; රහසින් කරන ලද මිනීමැරුම් එළි කරනු ලබන්නේ ය. පොළොව, මැරුම් කෑ අය තවත් නොසඟවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 26:21
28 හුවමාරු යොමු  

එම්බා පොළොව, මාගේ ලේ වසා නොගන්න, නැවතීමේ ඉඩමක්ද මාගේ මොරගැසීමට නොතිබේවා.


අහස ඔහුගේ අයුතුකම් එළිදරව් කරන්නේය. පොළොවද ඔහුට විරුද්ධව නැගිටින්නේය.


පළිගැනීමේ දවසේදීත් දුරින් එන විනාශයේදීත් නුඹලා කුමක් කරන්නහුද? උපකාර ලැබීම පිණිස නුඹලා කා ළඟට පලායන්නහුද? නුඹලාගේ තේජස කොතැන තබා යන්නහුද?


මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම නිසාත් දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම නිසාත් දඬුවම්කරන්නෙමි; උඩඟු අයගේ අහංකාරය නවත්වා, බලාත්කාරකරන්නන්ගේ ආඩම්බරය පහත්කරන්නෙමි.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම අව්වෙහි ඇති තද උෂ්ණය මෙන්ද ගොයම් කපන කාලයෙහි පිනි වලාකුළක් මෙන්ද මාගේ වාසස්ථානයෙහි නිශ්චලව බලාසිටින්නෙමියි කීසේක.


සේනාවල ස්වාමීන්වහන්සේ මාගේ කනට එළිදරව් කරමින් කියනසේක්: නුඹලා නසිනතුරුම සැබවින් මේ අපරාධය නුඹලාගෙන් පහකරනු නොලබන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේකැයි වදාළසේක.


සේනාවල ස්වාමීන්වහන්සේ වෙතින් ගර්ජනාවක්ද පොළෝකම්පාවක්ද මහත් ඝෝෂාවක්ද සුළිහුළඟක්ද කුණාටුවක්ද විනාශකරන ගිනිදළුවක්ද ඈ පිටට පැමිණෙන්නේය.


බලව, ඒක මා ඉදිරියෙහි ලියා තිබේ. මම විපාක දෙනතුරු නිශ්ශබ්දව නොසිටිමි.


එසේය, නුඹලාගේ අයුතුකම්ද කඳු උඩ සුවඳ දුම් ඔප්පුකොට හෙල් උඩ මට අපහාස කළාවූ නුඹලාගේ පියවරුන්ගේ අයුතුකම්ද නිසා ඔවුන්ගේ ළයට ප්‍රතිඵල දෙන්නෙමි, ඔවුන්ගේ පළමු ක්‍රියාවල් ඔවුන්ගේ ළයට මැනදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඝෝෂා හඬක් නුවරින් පැමිණෙන්නේය, දේව මාළිගාවෙන් හඬක් පැමිණෙන්නේය; එය වනාහි තමන්ගේ සතුරන්ට ප්‍රතිඵලදෙන ස්වාමීන්වහන්සේගේ හඬය.


උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම් මා විසින් මාගේ ශුද්ධස්ථානයෙන් දුරුව යන හැටියට ඉශ්‍රායෙල් වංශය මෙහි කරන මහත් පිළිකුල්කම් නුඹට පෙනෙන්නේද? එහෙත් නුඹ තව මහත් පිළිකුල් දේ නැවතත් දකින්නෙහියයි මට කීසේක.


අඥානයෙනි, පිට පැත්ත සෑදූ තැනන්වහන්සේ ඇතුල් පැත්තත් නොසෑදූසේක්ද?


මෙසේ ආබෙල්ගේ ලේ පටන් පූජාසනයටත් ශුද්ධස්ථානයටත් අතරෙහි මරන ලද සෙකරියාගේ ලේ දක්වා,


ඔවුන් ශුද්ධවන්තයන්ගේද අනාගතවක්තෘවරුන්ගේද ලේ වැගිරෙවු බැවින් ඔබ ඔවුන්ට බොන්ට ලේ දුන්සේක. ඒක ඔවුන්ට සුදුසුයයි කියනවා මට ඇසුණේය.


ප්‍රොපේතවරුන්ගේද ශුද්ධවන්තයන්ගේද පොළොවේ මරනලද සියල්ලන්ගේද ලේ ඈ තුළ සම්බවුණේයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්