රජ කෙනෙකුගේ ආයු කාලය වන අවුරුදු හැත්තෑවක් තුළ තීර් අමතක කරනු ලැබේ. ඒ කාලය අවසන් වූ විට තීර් මෙසේ ගයන වෙසඟනක මෙන් වන්නී ය:
යෙසායා 23:16 - Sinhala New Revised Version 2018 “අමතක වී ගිය කාලකණ්ණි වෙසඟන, නුඹේ වීණාව රැගෙන නගරය තුළ සැරිසරන්න. නුඹේ පෙම්වතුන් ආපසු ඇදගන්න පිණිස බොහෝ මිහිරි ගී ගයන්න.” Sinhala New Revised Version “අමතක වී ගිය කාලකණ්ණි වෙසඟන, නුඹේ වීණාව රැගෙන නගරය තුළ සැරිසරන්න. නුඹේ පෙම්වතුන් ආපසු ඇදගන්න පිණිස බොහෝ මිහිරි ගී ගයන්න.” Sinhala Revised Old Version එම්බා මතකනැතිවුණු වේශ්‍යාව, වීණාවක් ගෙන නුවර ඇවිද, නුඹ ගැන මතක්වෙන පිණිස මිහිරි ගී නාද කොට, බොහෝසේ ගී කියන්න. |
රජ කෙනෙකුගේ ආයු කාලය වන අවුරුදු හැත්තෑවක් තුළ තීර් අමතක කරනු ලැබේ. ඒ කාලය අවසන් වූ විට තීර් මෙසේ ගයන වෙසඟනක මෙන් වන්නී ය:
අවුරුදු හැත්තෑව ගත වූ පසු සමිඳාණන් වහන්සේ තීර් වැසියන්ට සිය පරණ වෙළෙඳාමට යන්න ඉඩ හරින සේක. ඈ ලෝකයේ රට රාජ්‍යයන් සමඟ ගනුදෙනු කරනු ඇත.
“නුඹලාගේ සියලු ප්‍රේමවන්තයෝ නුඹලා අමතක කළහ. ඔව්හු තවත් නුඹලා ගැන නොසලකති. නුඹලාගේ අයුතුකම් බරපතල නිසා ද පාප ක්‍රියා බහුල නිසා ද කිසි දයාවක් නැති ව සතුරකුට පහර දෙන පරිදි මම කෲර ලෙස නුඹලාට පහර දිනිමි.
නිනිවය නම් වෙසඟන ඇගේ දඬුවම් ලබන්නී ය. මායාකාරී ඈ ඉතා සුරූපී ය. ඈ ඇගේ වේශ්‍යාකමින් ජාතීන් ද මායම්වලින් ගෝත්‍ර ද වසඟ කරගත්තා ය.