Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 23:16 - Sinhala Revised Old Version

16 එම්බා මතකනැතිවුණු වේශ්‍යාව, වීණාවක් ගෙන නුවර ඇවිද, නුඹ ගැන මතක්වෙන පිණිස මිහිරි ගී නාද කොට, බොහෝසේ ගී කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 “අමතක වී ගිය කාලකණ්ණි වෙසඟන, නුඹේ වීණාව රැගෙන නගරය තුළ සැරිසරන්න. නුඹේ පෙම්වතුන් ආපසු ඇදගන්න පිණිස බොහෝ මිහිරි ගී ගයන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 “අමතක වී ගිය කාලකණ්ණි වෙසඟන, නුඹේ වීණාව රැගෙන නගරය තුළ සැරිසරන්න. නුඹේ පෙම්වතුන් ආපසු ඇදගන්න පිණිස බොහෝ මිහිරි ගී ගයන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 23:16
6 හුවමාරු යොමු  

නුඹේ සියලුම ප්‍රේමවන්තයෝ නුඹ මතකනැතිකළෝය; ඔවුන් නුඹ ගැන විභාගකරන්නේ නැත. නුඹේ අයුතුකමේ මහත්කම නිසාද නුඹේ පව් වැඩිවූ නිසාද සතුරෙකුගේ පහරවලින්, කෲර කෙනෙකුගේ දඬුවමකින් නුඹට පහරදුනිමි.


තවද ඒ දවසෙහි එක රජෙකුගේ දවස් මෙන් තීර් අවුරුදු සැත්තෑවක් මතක නැතිවන්නේය. අවුරුදු සැත්තෑවකට පසුව වේශ්‍යාවගේ ගීතිකාව මෙන් තීර්ට සිදුවන්නේය.


තවද අවුරුදු සැත්තෑවකට පසුව ස්වාමීන්වහන්සේ තීර් දෙස බලනසේක, ඈද තමාගේ කුලියට හැරී ඇවිත්, පොළෝ මතුපිට ලෝකයේ සියලු රාජ්‍යවල් සමඟ ගනුදෙනුකරනවා ඇත.


නුඹේ ගීතිකාවල ඝෝෂාව නවත්වන්නෙමි; නුඹේ වීණාවල ශබ්දයද තවත් නොඇසෙන්නේය.


මෙසේ වෙන්නේ මන්ත්‍රකාරීවූ ඉතා ශෝභමාන වේශ්‍යාවීගේ වේශ්‍යාකම් රාශිය නිසාය; ඇගේ වේශ්‍යාකම්වලින් ඈ ජාතීන්ද ඇගේ මන්ත්‍රවලින් පවුල්ද විකුණන්නීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්