Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 30:14 - Sinhala New Revised Version 2018

14 “නුඹලාගේ සියලු ප්‍රේමවන්තයෝ නුඹලා අමතක කළහ. ඔව්හු තවත් නුඹලා ගැන නොසලකති. නුඹලාගේ අයුතුකම් බරපතල නිසා ද පාප ක්‍රියා බහුල නිසා ද කිසි දයාවක් නැති ව සතුරකුට පහර දෙන පරිදි මම කෲර ලෙස නුඹලාට පහර දිනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 “නුඹලාගේ සියලු ප්‍රේමවන්තයෝ නුඹලා අමතක කළහ. ඔව්හු තවත් නුඹලා ගැන නොසලකති. නුඹලාගේ අයුතුකම් බරපතල නිසා ද පාප ක්‍රියා බහුල නිසා ද කිසි දයාවක් නැති ව සතුරකුට පහර දෙන පරිදි මම කෲර ලෙස නුඹලාට පහර දිනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 නුඹේ සියලුම ප්‍රේමවන්තයෝ නුඹ මතකනැතිකළෝය; ඔවුන් නුඹ ගැන විභාගකරන්නේ නැත. නුඹේ අයුතුකමේ මහත්කම නිසාද නුඹේ පව් වැඩිවූ නිසාද සතුරෙකුගේ පහරවලින්, කෲර කෙනෙකුගේ දඬුවමකින් නුඹට පහරදුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 30:14
38 හුවමාරු යොමු  

ඈ රාත්‍රියෙහි අතිශයෙන් වැලපෙයි. කඳුළු ඇගේ දෙකපොල දිගේ ගලා යයි, ඇගේ පෙම්වතුන් අතර ඇය සනසන්නට කිසිවෙක් නැත. ඇගේ සියලු මිතුරෝ ද්‍රෝහිකම් කර, ඇගේ සතුරන් වී සිටිති.


මේ නිසා කැළෑවෙන් එන සිංහයෙක් ඔවුන් මරන්නේ ය; සැන්දෑ කාලයෙහි එන වෘකයෙක් ඔවුන් නාස්ති කරන්නේ ය; දිවියෙක් ඔවුන්ගේ නගර ළඟ රැක ඉන්නේ ය; එයින් පිටත යන සියල්ලෝ ඉරාදමනු ලබන්නෝ ය. මන්ද, ඔවුන්ගේ වැරදි බහුල වී ඇත; ඔවුන්ගේ මිසදිටුකම වැඩි වී ඇත.


ඔබ මට කෲරතර ලෙස ක්‍රියා කරන සේක; ඔබේ මුළු බලය යොදා මට පීඩා කරන සේක.


ජෙරුසලමේ ජනයෙනි, ඔබේ සියලු ම පෙම්වතුන් පරාජය වී සිටින නිසා ලෙබනොන් කන්දට නැඟී ගොස් මොරගසන්න. බාෂාන් දේශයට ගොස් හඬන්න; අබාරිම් කඳු වැටියෙන් මොරහඬ දෙන්න.


“නුඹලාගේ තුවාළ ගැන කොඳුරන්නේ කුමට ද? නුඹලාගේ වේදනාව සුව කළ නොහැකි ය. මා නුඹලාට මෙසේ දඬුවම් කෙළේ, නුඹලාගේ අපරාධයේ බරපතලකම නිසාත්, පාප ක්‍රියා බහුල නිසාත් ය.


ඔබේ මූලිකයෝ සුළඟට ගසාගෙන යන්නෝ ය. ඔබේ පෙම්වත්හු හිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නෝ ය. එවිට ඔබේ සියලු නපුරුකම් ගැන ඔබ ලජ්ජාවටත්, නින්දාවටත් පැමිණෙන්නෙහි ය.


පාළුවට ගිය ජෙරුසලම, නුඹ රතු වස්ත්‍ර පැළඳගත්තත්, ස්වර්ණාභරණවලින් සැරසුණත්, නුඹේ ඇස්වල අඳුන් ගාගත්තත්, නුඹේ අලංකාර වීම නිෂ්ඵල වන්නේ ය. නුඹේ ප්‍රේම වන්තයෝ නුඹ ප්‍රතික්ෂේප කරති; ඔව්හු නුඹේ ප්‍රාණය හානි කරන්නට සොයති.


නුඹලා මාර්ග වෙනස් කරගනිමින් වගකීමෙන් තොර ව තැනින් තැන යන එන රඟ! අසිරියාව මඟින් නුඹලා ලජ්ජාවට පත් වූවාක් මෙන් මිසරය මඟින් ද නුඹලා ලජ්ජාවට පත් වන්නහු ය.


එතුමන් සිය කෝපාග්නිය දල්වා මා සතුරෙකු ලෙස ගණන් ගනු ඇත.


මම එප්‍රායිම්ට සිංහයෙකු මෙන් ද ජුදාට සිංහ නාම්බෙකු මෙන් ද වන්නෙමි. මම, මම ම ඔවුන් පිටට කඩාපැන ඔවුන් ඉරාදමා ඇදගෙන යන්නෙමි. කිසිවෙකුට ඔවුන් ගැළවිය නොහැකි ය.


ඔවුන්ගේ මව වෙසඟනකි; ඔවුන් වැදූ තැනැත්තී විලිබිය නැත්තියකි. ඈ මෙසේ කියයි: ‘මාගේ පෙම්වතුන් පසුපස මම යමි; ඔව්හු මට කෑම හා බීම ද ලොම් හා හණ ද මාගේ තෙල් හා පානය ද දෙති.’


එබැවින් එම්බා ඔහොලීබා! මහෝත්තම ස්වාමීන් වූ දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෙන්න, නුඹේ සිතෙන් නුඹ පිළිකුල් කළ නුඹේ ප්‍රේමවන්තයන් මම නුඹට විරුද්ධ ව පොළඹවා, ඔවුන් නුඹට විරුද්ධ ව හාත්පසින් පමුණුවන්නෙමි.


එබැවින් ඇගේ පෙම්වතුන් වන ඈ ආලය කළ අසිරියන්වරුන් අතට මම ඇය පාවා දිනිමි.


මාගේ පෙම්වතුන්ට අඬගැසීමි, එහෙත්, ඔව්හු මා රැවටුවෝ ය. මාගේ පූජකයෝ ද මාගේ නායකයෝ ද තමන්ගේ ප්‍රාණ රැකගන්න පිණිස තමන්ට කෑම සොයන අතර නුවර තුළ නැසී ගියෝ ය.


බලන්න, ජුදාහි රජුගේ ගෙදර ඉතිරි ව සිටින සියලු ස්ත්‍රීහු බබිලෝනියේ රජුගේ අධිපතීන් වෙත ගෙනයනු ලබති. ඔව්හු කතා කරමින්, ‘ඔබේ හිතමිතුරෝ ඔබ රවටා ඔබෙන් ජය ගත්තෝ ය. ඔබේ පාද දැන් මඩෙහි එරී ඇති බැවින් ඔබේ මිතුරන් ඔබ කෙරෙන් වෙන් ව ගොස් ඇතැ’යි ද කියති.”


ඔව්හු දුනු හා හෙල්ල දරති; ඔව්හු කෲර ය, නිර්දය වෙති. ඔවුන්ගේ හඬ සමුද්‍ර ඝෝෂාව වැනි ය. එම්බා සියොන් පුරඟන, නුඹට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔව්හු සියලුදෙන එක් කෙනෙකු මෙන් පේළි ගැසී අශ්වයන් පිට නැඟී එති.”


එතුමාණන් කෝපයෙන් මා කැබලි කොට, ඉරා දමනු ඇත. එතුමාණන් දත්මිටි කා, තියුණු ලෙස මා දෙස රවා බලනු ඇත.


ඇතැම් අනුවණයෝ තමන්ගේ අපරාධ නිසාත්, අයුතුකම් නිසාත් පීඩා විඳිති.


නුඹලා මොරගසන විට නුඹලා රැස්කරගත් ඒ දේව රූප නුඹලාට පිහිට වේ වා! ඔව්හු සුළඟට ගසාගෙන යනු ලබති. හුස්මකින් පහ ව යන්නෝ ය. එහෙත්, මා කෙරෙහි විශ්වාස කරන අය දේශය අත් කරගෙන, මාගේ ශුද්ධ කන්ද උරුම කරගන්නෝ ය.”


“ජෙරමියා, ඔබ සෙනඟට මෙසේ කියන්න: ‘රෑ දාවල් දෙක්හි මාගේ ඇස්වලින් කඳුළු නොනැවතී ගලායන්නේ ය. මන්ද, මාගේ සෙනඟ බරපතල තුවාළයකින් ද ඉතා දරුණු පහරකින් ද පීඩිත ව සිටිති.


ඉශ්රායෙල් සෙනඟ ද ජුදාවේ සෙනඟ ද ඔවුන්ගේ ඉතිහාසයේ පටන්ගැන්මේ සිට ම කෙළේ, මා ඇස් හමුයෙහි නපුරු දේ පමණකි. එසේ ය, ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් කෙළේ, මා ප්‍රකෝප කරවන දේ පමණක් ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


එසේ ඔබේ දුෂ්ටකම් ද ඔබ කළ පිළිකුල් ක්‍රියා ද සමිඳාණන් වහන්සේට තවත් ඉවසන්නට නොහැකි විය. එබැවින් ඔබේ දේශය අද තිබෙන හැටියට වැසියෙකු නැති ව, පාළු වී, සාප ලද්දක් ව තිබේ;


ඔව්හු දුනු ද හෙල්ල ද දරන්නෝ ය. ඔව්හු කෲර ය, නපුරු ය; ඔවුන්ගේ හඬ මුහුදු ඝෝෂාව හා සමාන ය. ඔව්හු අසුන් පිට නැඟී එති. එම්බා බබිලෝනිය! ඔව්හු එකෙකු මෙන් නුඹට විරුද්ධ ව යුද්ධ කරන්නට පෙළගැසී සිටිති.


නුඹ සමඟ ගිවිසුම් කරගත් අය නුඹ රවටා, දේශ සීමාව දක්වා නුඹ පන්නාදමා ඇත. නුඹ සමඟ සාමදානයෙන් සිටි අය දැන් නුඹ පරාජය කර ඇත. නුඹේ හිත-මිතුරන් නුඹට උගුල් අටවා, ‘ඔහුට ඒ ගැන තේරුමක් නැතැ’යි කියනු ඇත.”


මම උත්තමයන් වෙත ගොස් ඔවුන්ට කතා කරන්නෙමි. මන්ද, ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාර්ගය ද තමන්ගේ දෙවියන් වහන්සේගේ ආඥා ද දනිති.” එහෙත්, ඔව්හු සියල්ලෝ ම සමිඳාණන් වහන්සේගේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කර උන් වහන්සේට කීකරු වීමට අකමැති වූ හ.


මේ නගරයට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරු අවුත් එය ගිනි ලන්නෝ ය. ඒ සමඟ ම මා කෝප කරන පිණිස යම් ගෙවල පියසි උඩ බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරුවන්නටත් යෙදුණේ ද, ඒ ගෙවලුත් දවා දමන්නෝ ය.


මාගේ නාමයෙන් හැඳින්වෙන මාලිගාව කෙලෙසන පිණිස ඔව්හු පිළිකුල් ලෙස හැසුරුණෝ ය.


ඔව්හු තමන්ගේ දූ පුතුන් මොලෙක් දෙවියා ඉදිරියෙහි දවා කැප කරන්නට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි බාල් දෙවියාට ගිරිකුළු දේවාල ගොඩනැඟුවෝ ය. ඔවුන් ඒ දේ කෙළේ, මාගේ අණට විරුද්ධ ව ය. එබඳු පිළිකුල් මඟින් ඔවුන් පාපයට පෙළඹවීමට මට අදහසක් පහළ වුණේ වත් මා ඔවුන්ට අණ කළේ වත් නැත.


සමිඳාණන් සිය උදහසින් සියොන් පුරඟන පිට අඳුර ගෙනා හැටි! එතුමාණෝ ඉශ්රායෙල්ගේ තේජෝමහිමය ස්වර්ගයෙන් පොළොවට හෙඵෑ සේක. තමන් උදහස් දවසේ දී සියොන් තමන් පාපුටුව බව සිහි නොකළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්