යෙසායා 23:12 - Sinhala New Revised Version 2018 “සීදොන් පුරංගනාවෙනි, නුඹේ ප්‍රීතිය දැන් ඉවර ය. නුඹේ සෙනඟ පීඩා කරනු ලබති. ඔවුන් සයිප්‍රසයට පලා ගියත් එහි දී ඔවුන්ට ආරක්ෂාවක් ඇති වන්නේ නැතැ”යි සමිඳාණෝ වදාරන සේක. Sinhala New Revised Version “සීදොන් පුරංගනාවෙනි, නුඹේ ප්‍රීතිය දැන් ඉවර ය. නුඹේ සෙනඟ පීඩා කරනු ලබති. ඔවුන් සයිප්‍රසයට පලා ගියත් එහි දී ඔවුන්ට ආරක්ෂාවක් ඇති වන්නේ නැතැ”යි සමිඳාණෝ වදාරන සේක. Sinhala Revised Old Version බලාත්කාරය වින්ද කන්‍යාව වන ශීදොන් දියණියෙනි, නුඹ තවත් ප්‍රීතිමත් නොවන්නෙහිය. පිටත්ව කිත්තිවරුන් ළඟට යන්න; එහිදීත් නුඹට නිවාඩුවක් නොලැබෙන්නේයයි උන්වහන්සේ කීසේක. |
සාබුලොන් වසන්නේ මූදුබඩ ය, ඔහුගේ වෙරළ නැව්වලට වරායකි, සීදොන් දක්වා, දේශ සීමා දික් වේ,
මෙය මීට බොහෝ ඈත කාලයක දී පිහිටුවන ලද ප්‍රීතිමත් නගරය විය හැකි ද? යටත් විජිත පිහිටුවන පිණිස මුහුදින් එතෙර පදිංචිකාරයන් යවන ලද්දේ මේ නගරයෙන් ද?
ඔහු ගැන සමිඳාණන් වහන්සේ වදාරන වචනය මෙසේ ය; “සියොන් කන්‍යා දියණිය, නුඹට අවඥාවෙන් සරදම් කරන්නී ය. ජෙරුසලම් දියණිය, නුඹට සමච්චල් කරමින් සිනාසෙන්නී ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කන්‍යාවක වැනි බබිලොන් දුව බැස අවුත් බිම දූවිල්ලේ හිඳගන්න. බබිලොන් අඟන! සිංහාසනයෙන් බැස අවුත් බිම හිඳගන්න. තවත් නුඹ ‘සුමුදු සුවිනීත ලතාවකැ’යි කියනු නොලබන්නෙහි ය.
බබිලොන් අඟන නිශ්ශබ්ද ව අන්ධකාරයට ඇතුළු වන්න. තවත් ‘නුඹ ජාතීන්ගේ රැජින ය’යි නොකියනු ලබන්නෙහි ය.
“ජෙරමියා, ඔබ සෙනඟට මෙසේ කියන්න: ‘රෑ දාවල් දෙක්හි මාගේ ඇස්වලින් කඳුළු නොනැවතී ගලායන්නේ ය. මන්ද, මාගේ සෙනඟ බරපතල තුවාළයකින් ද ඉතා දරුණු පහරකින් ද පීඩිත ව සිටිති.
බස්නාහිරින් පිහිටි සයිප්‍රසයට ගොස් බලා, නැත්නම්, නැගෙනහිරින් පිහිටි කේදාර්ට කෙනෙකු යවා, හොඳට සෝදිසි කර මෙවැන්නක් මීට පෙර වී තිබේ දැ යි කියා බලන්න.
එම්බා, මිසර වැසියෙනි, ගිලියද්ට ගොස්, ගුගුල් නම් ඖෂධය ලබාගන්න. නුඹ බොහෝ බෙහෙත් පාවිච්චි කිරීම නිෂ්ඵල ය. නුඹට සුවයක් නැත.
මට සිටි මාගේ සියලු බලවත් සෙබළුන් සමිඳාණෝ හෙළාදැමූ සේක. මාගේ යෞවනයන් වනසන පිණිස එතුමාණෝ මට විරුද්ධ ව සේනාවක් කැඳවූ සේක. මිදි යන්ත්‍රයක මිදි පොඩි කරන්නාක් මෙන් සමිඳාණෝ ජුදා සෙනඟ පොඩි කරදැමූ සේක.
පීඩාව නිසා ද අධික දාසකම නිසා ද ජුදා විප්‍රවාසයට ගොස් ඇත. ඈ විජාතීන් අතර දැන් වාසය කරයි. එහි ඈ කිසි සහනයක් නොලබයි. ඈ ලුහුබැඳ ගිය හැම දෙන ඇගේ විපතේ දී ඈ අසු කරගත්හ.
“ඉවත් වන්න, අපවිත්‍ර ය. ඉවත් වන්න, ඉවත් වන්න, අපට අත නො ගසන්නැ”යි ඔව්හු ඔවුන්ට මොරගසා කී හ. ඔවුන් පලා ගොස් ඔබමොබ ගිය විට, “ඔව්හු තවත් මෙහි නොසිටිති”යි විජාතීන් අතරේ කියන ලද්දේ ය.
බාෂාන්හි ආලෝන ලීවලින් නුඹේ හබල් සෑදූ හ. නුඹේ නැවේ තට්ටුව කිත්තිවරුන්ගේ ද්වීපවලින් ගෙනා තසූර් ලීවලින් සාදා ඇත් දත් ගිල්වූ හ.
කිත්තිම් දිසාවෙන් නැව් එනු ඇත. අසිරියාවට, බබිලෝනියට පහර දෙනු ඇත. එහෙත්, ඔව්හු ද විනාශයට පැමිණෙති.”
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන් මහ සීදොන් දක්වා ද මිස්රෙපොත්-මායිම් දක්වා ද නැගෙනහිර තිබෙන මිශ්පාහි මිටියාවත දක්වා ද එළවාගෙන ගොස් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොවන තුරු ඔවුන්ට පහර දුන්නෝ ය.
වීණා වාදකයන්ගේ ද ගන්ධර්වයන්ගේ ද නළාකාරයන්ගේ ද හොරණෑකාරයන්ගේ ද ගීත නාදය තී තුළ තවත් නොඇසේ; කොයි ආකාර කර්මාන්ත කාරයෙක් වත් තී තුළ තවත් දකිනු නොලැබේ. ඇඹරුම් ගලේ හඬ තී තුළ තවත් නොඇසේ.