Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 18:22 - Sinhala New Revised Version 2018

22 වීණා වාදකයන්ගේ ද ගන්ධර්වයන්ගේ ද නළාකාරයන්ගේ ද හොරණෑකාරයන්ගේ ද ගීත නාදය තී තුළ තවත් නොඇසේ; කොයි ආකාර කර්මාන්ත කාරයෙක් වත් තී තුළ තවත් දකිනු නොලැබේ. ඇඹරුම් ගලේ හඬ තී තුළ තවත් නොඇසේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 වීණා වාදකයන්ගේ ද ගන්ධර්වයන්ගේ ද නළාකාරයන්ගේ ද හොරණෑකාරයන්ගේ ද ගීත නාදය තී තුළ තවත් නොඇසේ; කොයි ආකාර කර්මාන්ත කාරයෙක් වත් තී තුළ තවත් දකිනු නොලැබේ. ඇඹරුම් ගලේ හඬ තී තුළ තවත් නොඇසේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 වීණා වයන්නන්ගේ, සංගීතඥයින්ගේ නළා වයන්නන්ගේ හා හොරණෑ වාදකයින්ගේ සංගීත නාද, තවදුරටත් නුඹ තුළ ඇසෙන්නේ නැත. කවර වෘත්තියක හෝ කර්මාන්තකරුවකු, තවදුරටත් නුඹ තුළ සම්භ වන්නේ නැත. ඇඹරුම් ගලක හඬ, තවදුරටත් නුඹ තුළ ඇසෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 වීණාකාරයන්ගේද තූර්යනාද පවත්වන්නන්ගේද නළාකාරයන්ගේද හොරණෑ කාරයන්ගේද හඬ නුඹ තුළ තවත් නොඇසෙන්නේය; කොයි ආකාර කර්මාන්තකාරයෙක්වත් නුඹ තුළ තවත් සම්බ නොවන්නේය; ඇඹරුම් ගලේ හඬ නුඹ තුළ තවත් නොඇසෙන්නේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 18:22
10 හුවමාරු යොමු  

නුඹේ ගීතිකාවල ඝෝෂාව නවත්වන්නෙමි; නුඹේ වීණාවල ශබ්දය ද තවත් නොඇසෙන්නේ ය.


ඇරත් මම ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදයේ හඬ ද මනාලයා හා මනාලියගේ හඬ ද ඇඹරුම් ගල්වල ශබ්දය සහ පහනේ එළිය ද ඔවුන් අතරෙන් නැති කරන්නෙමි.


ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන, සියලු බලැති ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. ඔවුන්ගේ ඇස් හමුයෙහි ම, ඔවුන් ජීවත් ව සිටින කාලයේ දී ම ප්‍රීති ප්‍රමෝද නාදය ද මනාලයා සහ මනාලියගේ හඬ ද මේ ස්ථානයෙන් මම තුරන් කරන්නෙමි.


එවිට මම ජුදා නගරවලිනුත්, ජෙරුසලමේ වීදිවලිනුත් ප්‍රීති ප්‍රමෝද හඬ ද මනාල මනාලියන්ගේ කටහඬ ද නතර කරන්නෙමි. දේශය පාළුකරයක් වන්නේ ය.


වීදියේ දොරවල් වසනු ලබන්නේ ය. ඇඹරීමේ ශබ්දය හීන වන්නේ ය. කුරුල්ලාගේ හඬට ද ඔහු අවදි වන්නේ ය. ගායිකාවන්ගේ ගී හඬ දුබල වන්නේ ය.


ප්‍රීති ප්‍රමෝද ශබ්ද ද මනාල මනාලියන්ගේ ප්‍රිය තෙපුල් ද මාගේ දේව මාලිගාවට තුති පඬුරු රැගෙන එන ගායකයින්ගේ ගී හඬ ද ඇසෙන්නේ ය. ඔවුන් මෙසේ ගයනු ඇත; ‘සව් බලැති සමිඳුන්ට තුති පුදන්න; එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ පෙම සදාකාලික ය.’ කලින් තිබූ ලෙස මේ දේශය මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


“සීදොන් පුරංගනාවෙනි, නුඹේ ප්‍රීතිය දැන් ඉවර ය. නුඹේ සෙනඟ පීඩා කරනු ලබති. ඔවුන් සයිප්‍රසයට පලා ගියත් එහි දී ඔවුන්ට ආරක්ෂාවක් ඇති වන්නේ නැතැ”යි සමිඳාණෝ වදාරන සේක.


ජේසුස් වහන්සේ ප්‍රධානියාගේ ගෙට ඇතුළු වී,


එවන් රැයක, වෙන දරු උපතක් සිදු නො වේ වා! සතොස වඩන කිසි හඬකුත් නො වේ වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්