“නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියා වන හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පියා වූ දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දිටිමි. බලන්න, මම නුඹ සුවපත් කරන්නෙමි. තුන් වන දින නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන්නෙහි ය.
යෙසායා 19:22 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මිසරයේ සෙනඟට දඬුවම් දෙන සේක; දඬුවම් කර සුව කරන සේක. ඔවුන් සමිඳාණන් වහන්සේ වෙත හැරෙනු ඇත. උන් වහන්සේ ද ඔවුන්ගේ කන්නලවු පිළිගෙන ඔවුන් සුවපත් කරනු ඇත. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මිසරයේ සෙනඟට දඬුවම් දෙන සේක; දඬුවම් කර සුව කරන සේක. ඔවුන් සමිඳාණන් වහන්සේ වෙත හැරෙනු ඇත. උන් වහන්සේ ද ඔවුන්ගේ කන්නලවු පිළිගෙන ඔවුන් සුවපත් කරනු ඇත. Sinhala Revised Old Version මෙසේ ස්වාමීන්වහන්සේ මිසරයට පහරදෙනසේක, පහරදී සුවකරනසේක; ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හැරෙනවා ඇත, උන්වහන්සේද ඔවුන්ගේ කන්නලව්ව පිළිගෙන, ඔවුන් සුවපත්කරනවා ඇත. |
“නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියා වන හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පියා වූ දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දිටිමි. බලන්න, මම නුඹ සුවපත් කරන්නෙමි. තුන් වන දින නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන්නෙහි ය.
තුවාළ කරන්නේත් එතුමාණෝ ය; තුවාළ බඳින්නේත් එතුමාණෝ ය; වේදනාව ඇති වන්නේත් එතුමන්ගේ අතින් ය; සුවය ලැබෙන්නේත් එතුමන්ගේ ම අතින් ය.
තවද, උන් ඔබේ ඇඟටත්, ඔබේ ජනතාවගේ හා සියලු නිලධාරීන්ගේ ඇඟටත් පනිනු ඇත’ කියා කියන්නැ”යි වදාළ සේක.
ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.
ඒ දවස පැමිණි විට අසිරියාවේ හා මිසරයේ වහල්කමට ගෙන යන ලද සියලු ඉශ්රායෙල් සෙනඟ ආපසු ගෙනෙනු ලබන පිණිස හොරණෑවක් පිඹිනු ලබන්නේ ය. ඔවුන් ජෙරුසලමට අවුත් උන් වහන්සේගේ මේ ශුද්ධ කන්දේ දී උන් වහන්සේට නමස්කාර කරනු ඇත.
සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට පහර දීමෙන් ඇතිකළ තුවාළ බැඳ සුව කරන දවසේ දී හඳ එළිය ඉර එළිය මෙන් ද, ඉර එළිය සත් ගුණයකින් වැඩි වී සත් දවසක එළිය එක් වූවාක් මෙන් ද බැබළෙන්නේ ය.
සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත. උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය. ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී, ‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක. එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය.
දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී, අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා, සමිඳුන් වෙත ඇදී ඒවා! එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා; එතුමන් ඔහුට බොහෝ සේ කමා කරනු ඇත.
ඔවුන් ක්‍රියා කර ඇති අන්දම මම දිටිමි. එහෙත්, මම ඔවුන්ට සුවය දෙමි. මම ඔවුන්ට මඟපෙන්වා, පිහිට වී, ශෝක වන්නන් සිනා රැල්ලෙන් සනසන්නෙමි.
මේ සෙනඟගේ සිත් අඳුරු වනු ඇත; කන් බිහිරි වනු ඇත, ඇස් අන්ධ වනු ඇත. ඒ නිසා ඔවුන්ට සුවය නොලැබෙන ලෙස ඔවුන්ගේ ඇස්වලින් ඔවුන්ට නොපෙනේ; කන්වලින් ඔවුන්ට නො ඇසේ; සිත්වලින් ඔවුන්ට නොවැටහේ.”
“එහෙත් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. සතළිස් අවුරුද්දකට පසු, විජාතීන් අතර විසිර ගිය මිසරවරුන් අතරෙන් මම ඔවුන් රැස් කරන්නෙමි.
ඉශ්රායෙල් ජනයෙනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්න. ඔබේ අයුතුකම් නිසා ඔබ වැටී සිටින්නහු ය.
“මාගේ සෙනඟ තමන්ගේ වරද පිළිගෙන මා සොයා එන තුරු මම ඔවුන් අත්හැර මාගේ වාසභවනයට යන්නෙමි. සමහර විට ඔවුන් දුක් විඳින විට ඕනෑකමින් මා සොයා එනු ඇත.”
දෙදිනකට පසු උන් වහන්සේ අප ප්‍රාණවත් කරන සේක; තුන් වන දා අප නැඟුටුවන සේක. එවිට අපි උන් වහන්සේ ඉදිරියෙහි ජීවත් වන්නෙමු.
බලන්න, මම, මම පමණක්, දෙවියන් වහන්සේ වෙමි. මා හැර අන් දෙවි කෙනෙක් නැත. දිවි දෙන්නෙත්, දිවි නසන්නෙත් මම ය. තුවාළ කරන්නෙත්, සුව කරන්නෙත් මම ය, මා අතින් යමෙකු ගළවන්නට හැකි කිසිවෙක් නැත.
දඬුවමක් ලබන කල එය දුකට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් නොපෙනේ. එහෙත් එයින් හික්මුණු අයට පසු ව දැහැමි සාමකාමී ජීවිතයක පල අත් වේ.