මොහුගේ ප්‍රඥාව පෙරදිග රටවල සියලු ජනතාවගේ ප්‍රඥාවත්, මිසරවැසියන්ගේ සියලු ප්‍රඥාවත් ඉක්මවා ගියේ ය.
යෙසායා 19:11 - Sinhala New Revised Version 2018 ශොවන් නගරයේ අධිපතීහු අන්ත මෝඩයෝ ය. මිසරයේ නැණවත් උපදේශකයෝ අමන උපදෙස් දෙති. පුරාණ පණ්ඩිතයන්ගෙන් ද රජවරුන්ගෙන් ද තමන් පැවත එති යි ඔවුන් රජතුමාට කියන්නේ කෙසේ ද? Sinhala New Revised Version ශොවන් නගරයේ අධිපතීහු අන්ත මෝඩයෝ ය. මිසරයේ නැණවත් උපදේශකයෝ අමන උපදෙස් දෙති. පුරාණ පණ්ඩිතයන්ගෙන් ද රජවරුන්ගෙන් ද තමන් පැවත එති යි ඔවුන් රජතුමාට කියන්නේ කෙසේ ද? Sinhala Revised Old Version ශොවන්හි අධිපතීහු මහා අඥානයෝය; ඵාරාවෝගේ ඉතා ප්‍රඥාවන්ත මන්ත්‍රීන්ගේ මන්ත්‍රණය මෝඩවී තිබේ. මම ප්‍රඥාවන්තයන්ගේ පුත්‍රයෙක්ව පුරාතන රජවරුන්ගේ පුත්‍රයෙක්ව සිටිමියි නුඹලා ඵාරාවෝට කියන්නේ කොහොමද? |
මොහුගේ ප්‍රඥාව පෙරදිග රටවල සියලු ජනතාවගේ ප්‍රඥාවත්, මිසරවැසියන්ගේ සියලු ප්‍රඥාවත් ඉක්මවා ගියේ ය.
හිමිතුමාණෝ ජාතීන්ගේ සැලසුම් නිෂ්ප්‍රභා කරන සේක; මනුෂ්‍යය ජාතීන්ගේ සිතුවිලි ව්‍යර්ථ කරන සේක.
ඔවුන්ගේ පියවරුන් අබියස එතුමාණෝ හාස්කම් පෑ සේක. මිසර දේශයෙහි ද ශොවන් මිටියාවතෙහි ද එලෙස කළ සේක.
එතුමාණන් මිසරයේ දී කළ හාස්කම්වත්, ශෝවන් මිටියාවතේ දී කළ අසිරිමත් ක්‍රියාවන්වත් ඔව්හු සිහි නොකළෝ ය.
තවද, උන් ඔබේ ඇඟටත්, ඔබේ ජනතාවගේ හා සියලු නිලධාරීන්ගේ ඇඟටත් පනිනු ඇත’ කියා කියන්නැ”යි වදාළ සේක.
ශොවන් හා මෙම්පිස් නගරවල අධිපතියෝ අඥානයෝ ය. තමන් ජාතියට මඟ පෙන්වනු ඇතැ යි සිතූ ඔවුන් ජාතිය නොමඟ යවා ඇත.
මිසර වැසියන්ගේ උපායයන් මම ව්‍යර්ථ කරන්නෙමි; ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳදමන්නෙමි. ඔවුන් දේවතා රූපවලින් උපකාර ඉල්ලනු ඇත; මතුරන්නන්ගෙන් ද කට්ටඩියන්ගෙන් ද අනවිනකාරයන්ගෙන් ද ආත්මබන්ධනකාරයන්ගෙන් ද ගුරුකම් සොයනු ඇත.
එබැවින් ඔවුන් නොපැතූ අරුමපුදුම දේ මම කරන්නෙමි; ඔවුන්ගේ ඥානවන්තයන්ගේ තේරුම්ගැනීමේ ශක්තිය නැති වී යන්නේ ය; ඔවුන්ගේ උගත්තු නූගත්තු වන්නෝ ය.”
ශාස්ත්‍රකාරයන් මෝඩයන් කරවන්නේත්, පේන කියන්නන් උමතු කරවන්නේත් මම ය. පණ්ඩිතයන්ගේ වදන් ප්‍රතික්ෂේප කරන්නේත්, ඔවුන්ගේ දැනුම මෝඩකම බව පෙන්වා දෙන්නේත් මම ය.
මේ නිසා සියලු මනුෂ්‍යයෝ අනුවණ මෝඩයෝ වෙති. සියලු රන්කරුවෝ තමන් නෙළූ රූප නිසා ලජ්ජාවට පැමිණ සිටිති. ඒවා පණ නැති හිස් පිළිම වන බැවිනි.
ජෙරමියා පිළිතුරු දෙමින් මෙසේ කී ය: “ඔබේ නායකයෝ මෝඩයෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගෙන් කරුණු නොවිමසති. ඔවුන් දියුණු නොවුණේ එබැවිනි. ඔවුන්ගේ බාරයේ සිටි සෙනඟ ද විසිර ගොස් ඇත.
ඒදොම් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි නැණනුවණ තවත් නැද් ද? දැනුමැතිකම් දීමේ ශක්තිය නැණවතුන්ට තවත් නැද් ද? ප්‍රඥාව ඔවුන්ගෙන් පහ ව ගොස් ඇද් ද?
නුඹලාගේ ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට පැමිණ අසු වී කැළඹී සිටිති. ඔව්හු මාගේ වචන එපා කළෝ ය. ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක් ද?
නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟු ව තිබේ. නුඹේ කීර්තිය නිසා නුඹේ ප්‍රඥාව කෙලෙසා ගත්තෙහි ය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් නුඹ දැක ප්‍රීති වන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි හෙළි කෙළෙමි.
විපත පිට විපත ද අසුබ ආරංචියක් පිට අසුබ ආරංචියක් ද පැමිණෙන්නේ ය; ඔවුන් දිවැසිවරුන්ගේ දර්ශනයක් සොයනු ඇත; එහෙත්, පූජකයන්ගෙන් ව්‍යවස්ථාව ද ප්‍රජා මූලිකයන්ගෙන් අවවාද ද පහවන්නේ ය.
නුඹ සමඟ ගිවිසුම් කරගත් අය නුඹ රවටා, දේශ සීමාව දක්වා නුඹ පන්නාදමා ඇත. නුඹ සමඟ සාමදානයෙන් සිටි අය දැන් නුඹ පරාජය කර ඇත. නුඹේ හිත-මිතුරන් නුඹට උගුල් අටවා, ‘ඔහුට ඒ ගැන තේරුමක් නැතැ’යි කියනු ඇත.”
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම ඒදොමෙන් පැණවතුන් ද ඒසව්ගේ කඳුකරයෙන් ඥානය ද නැති නොකරම් ද?
ඉන්පසු ඔව්හු දකුණට ගොස් හෙබ්‍රොන් නම් ස්ථානයට පැමිණියහ. එහි අනාක්ගේ පරම්පරාවන් වූ අහීමන්, ෂේෂයි සහ තල්මයි යන අයගේ ගෝත්‍රිකයෝ සිටියහ. තවද, හෙබ්‍රොන් නුවර ගොඩනඟන ලද්දේ මිසරයේ ශොවන් නුවරට සත් අවුරුද්දකට ප්‍රථමයෙනි.
මෝසෙස් මිසරයන්ගේ සකල සිප්සතරෙහි පුහුණු කරනු ලැබ, කතාවෙහි ද ක්‍රියාවෙහි ද දක්ෂපක්ෂ තැනැත්තෙක් විය.