Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 8:9 - Sinhala New Revised Version 2018

9 නුඹලාගේ ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට පැමිණ අසු වී කැළඹී සිටිති. ඔව්හු මාගේ වචන එපා කළෝ ය. ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 නුඹලාගේ ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට පැමිණ අසු වී කැළඹී සිටිති. ඔව්හු මාගේ වචන එපා කළෝ ය. ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට පැමිණ කැලඹී අසුවුණෝය. මෙන්න, ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනය එපාකළෝය; ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 8:9
21 හුවමාරු යොමු  

ඔවුන් කළ පිළිකුල් දේ ගැන ඔව්හු ලජ්ජා වූවෝ ද? නැත. ඔවුන්ට කොහෙත් ම ලජ්ජාවක් හෝ නින්දාවක් හෝ දැනුණේ වත් නැත. එබැවින්, වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනු ඇත. මා ඔවුන්ට දඬුවම් කරන කාලයෙහි ඔව්හු නැත්තට ම නැති වන්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


එතුමාණෝ කපටින්ගේ උපා වළකන සේක; ඔවුන්ගේ හැම ප්‍රයෝග ව්‍යර්ථ කරන සේක.


එම්බා පොළොව! සවන් දෙන්න. මේ සෙනඟ මාගේ වචනවලට කීකරු නොවී, මාගේ ආඥා ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුන්ගේ උපායවලට නියම විපාකය වන විපත්තිය ඔවුන් පිට පමුණුවන්නෙමි.


ශොවන් නගරයේ අධිපතීහු අන්ත මෝඩයෝ ය. මිසරයේ නැණවත් උපදේශකයෝ අමන උපදෙස් දෙති. පුරාණ පණ්ඩිතයන්ගෙන් ද රජවරුන්ගෙන් ද තමන් පැවත එති යි ඔවුන් රජතුමාට කියන්නේ කෙසේ ද?


සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව පරිසමාප්ත ය; ජීවිතය පණ ගන්වන්නේ ය. සමිඳුන්ගේ නීතිය සත්‍යවාදී ය; අනුවණයන්ට නුවණ දෙන්නේ ය.


ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියෙහි ඔබේ පැණවත්කමත්, නැණවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැළ වන විට, ‘මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනඟ කෙතරම් පැණවත් ද නැණවත් ද’ කියා ඔවුන් විස්මපත් වනු ඇත.


ළමාවියේ සිට ඔබ ශුද්ධ ලියවිලි දැනගත් බව ද අමතක නොකරන්න. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත්, ගැළවීමේ මාර්ගයත්, ඒවායින් ඉගෙනගත හැකි ය.


විපත පිට විපත ද අසුබ ආරංචියක් පිට අසුබ ආරංචියක් ද පැමිණෙන්නේ ය; ඔවුන් දිවැසිවරුන්ගේ දර්ශනයක් සොයනු ඇත; එහෙත්, පූජකයන්ගෙන් ව්‍යවස්ථාව ද ප්‍රජා මූලිකයන්ගෙන් අවවාද ද පහවන්නේ ය.


ඒදොම් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි නැණනුවණ තවත් නැද් ද? දැනුමැතිකම් දීමේ ශක්තිය නැණවතුන්ට තවත් නැද් ද? ප්‍රඥාව ඔවුන්ගෙන් පහ ව ගොස් ඇද් ද?


එහෙත්, නුඹලා මෙසේ පිළිතුරු දිය යුතු ය: “සමිඳාණන් වහන්සේ නුඹලාට උගන්වන දේට සවන් දෙන්න, අනවිනකාරයන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන දෙයින් කිසි යහපතක් සිදු නොවේ.”


උන් වහන්සේගේ පනත් ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම ද ඔවුන්ට උන් වහන්සේ දුන් උන් වහන්සේගේ අවවාද ද එපා කර, වැදගැම්මක් නැති නිෂ්ඵල රූපවලට නමස්කාර කොට, වැදගැම්මක් නැති අය වෙමින් ඔවුන් වටකර සිටි විජාතීන් මෙන් නොකරන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ නමුත්, ඒ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව හැසුරුණෝ ය.


එබැවින් ඔවුන් නොපැතූ අරුමපුදුම දේ මම කරන්නෙමි; ඔවුන්ගේ ඥානවන්තයන්ගේ තේරුම්ගැනීමේ ශක්තිය නැති වී යන්නේ ය; ඔවුන්ගේ උගත්තු නූගත්තු වන්නෝ ය.”


නුඹලා මා ප්‍රතික්ෂේප කර මට පිටුපා ගොස් ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය. ලතැවීමෙන් මා වෙහෙසට පත් වී සිටින බැවින් මම මාගේ අත නුඹලාට විරුද්ධ ව ඔසවා නුඹලා විනාශ කෙළෙමි.


මේ ස්ථානයේ දී මම ජුදාහි හා ජෙරුසලමේ වැසියන්ගේ යෝජනා කඩාකප්පල් කර දමා, ඔවුන්ගේ සතුරන් ඉදිරියෙහි කඩුවෙන් ද ඔවුන්ගේ දිවි නසන්නට සොයන්නන්ගේ අත්වලින් ද ඔවුන් විනාශ වන්නට සලස්වා, ඔවුන්ගේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු කොට දෙන්නෙමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජුදා වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව එපා කොට, උන් වහන්සේගේ අණපනත් නොපැවැත්වූ නිසා, මම ඔවුන්ට සත්තකින් ම දඬුවම් කරමි. ඔවුන්ගේ පියවරුන් වැඳ පිදූ දෙවිවරුන්, ඔවුන් නොමඟ ගෙන ගොස් ඇත,


ඒ කාලයේ දී සෑම දිවැසිවරයෙක් තමා දකින දර්ශන ගැන ලජ්ජා වන්නේ ය; දිවැසිවරයෙකු සේ අඳින්නේ වත්, තමා දිවැසිවරයෙකු යයි කියාගන්නේ වත් නැත.


කපටින් ඔවුන්ගේ ම උපාවලින් අසුකරගන්න සේක; ශූරයින්ගේ කුමන්ත්‍රණ සැණෙකින් බිඳ දමන සේක.


නුඹලාගේ මුල් පියා පව් කෙළේ ය; නුඹලාගේ නායකයෝ ද මට විරුද්ධ ව පව් කළෝ ය.


පූජකයෝ, ‘සමිඳාණන් වහන්සේ කොහි දැ’යි කිසි විටක නොඇසූ හ. ව්‍යවස්ථාව සම්බන්ධ කටයුතුවල යෙදී සිටින්නෝ මා නොහැඳින සිටියෝ ය. පාලකයෝ ද මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. දිවැසිවරු බාල්ගේ නමින් කතා කරමින් වැඩක් නැති දේව රූපවලට නමස්කාර කළහ.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්