මලාකි 3:8 - Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන් ද? මම නුඹලාගෙන් අසමි. එසේ කිරීම යුතු නැති වුවත් නුඹලා මා රවටන්නහු ය. නුඹලා මා රවටන්නේ දසයෙන් කොටස හා පූජාවන් පිදීමෙහි දී ය. Sinhala New Revised Version දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන් ද? මම නුඹලාගෙන් අසමි. එසේ කිරීම යුතු නැති වුවත් නුඹලා මා රවටන්නහු ය. නුඹලා මා රවටන්නේ දසයෙන් කොටස හා පූජාවන් පිදීමෙහි දී ය. Sinhala Revised Old Version මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් කොල්ලකනවා ඇද්ද? නුඹලා නම් මාගෙන් කොල්ලකන්නහුය. එහෙත්: අපි කෙසේ ඔබවහන්සේගෙන් කොල්ලකෑවෙමුදැයි නුඹලා අසන්නහුය. ඔතුවලින් සහ එසවීම් පූජාවලිනුත්ය. |
කෙනෙක් අත මිට දිගහැර දෙතත් පොහොසත් වෙති; තව කෙනෙක් දැඩි මසුරුකමින් දෙතත් දිළිඳු වෙති.
නුඹලා දවන යාග පූජා පිණිස බැටළුවන් මා වෙත ගෙනාවේ වත්, නුඹලාගේ යාගවලින් මට ගෞරව කෙළේ වත් නැත. මා ආහාර පූජා ඉල්ලා නුඹලා පිට බරක් තැබුවේ වත්, සුවඳ දුම් පූජා ඉල්ලා, නුඹලා වෙහෙසුවේ වත් නැත.
එහෙත්, පස් වන අවුරුද්දේ එහි පලදාව නුඹලාට කන්නට පුළුවන. මෙසේ කළොත්, එහි පලදාව ද වර්ධනය වනු ඇත. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.
එවිට ඔහු මෙසේ කීවේ ය: “මුළු දේශය පුරා පැතිරී යන සාපය මෙය වේ. එක පැත්තක සොරකම් කරන සියල්ලෝ නෙරපනු ලබන්නෝ ය කියා ද අනෙක් පැත්තේ බොරුවට දිවුරන්නෝ නෙරපනු ලබන්නෝ ය කියා ද මෙහි ලියා ඇත.
‘මේ මොන කරදරයක් දැ’යි කියමින් නුඹලා මට අවමන් කරන්නහු ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. “සොරාගත්තා වූ නොහොත් කොර වූ හෝ ලෙඩ වූ හෝ සතුන් පූජාවන් වශයෙන් නුඹලා ගෙනෙන්නහු ය. නුඹලාගේ අතින් මා ඒවා පිළිගන්නවා ඇතැ යි නුඹලා සිතන්නහු ද?
‘මට පූජා කරන පිණිස නුඹලා අන්ධ සතෙකු ගෙන ඒම හරි ද? කොර සතෙකු හෝ ලෙඩ සතෙකු හෝ ඔප්පු කිරීම හරි ද? එවැනි සතෙකු නුඹලාගේ ආණ්ඩුකාරයාට දී බලන්න. ඔහු ඒ ගැන ප්‍රසන්න වෙයි ද? නුඹලාට උදව් උපකාර දෙයි දැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
“සීසර් අධිරාජයාගේ ය”යි ඔව්හු කී හ. එවිට උන් වහන්සේ, “එසේ නම් රජුගේ දේ රජුටත්, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නැ”යි වදාළ සේක.
එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “රජුගේ දේ රජුට ද දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට ද දෙන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ඔව්හු උන් වහන්සේ ගැන අතිශයින් පුදුම වූ හ.
“එසේ නම් සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නැ”යි ඔවුන්ට වදාළ සේක.
එබැවින් හැමට ම දිය යුතු දෙය දෙන්න; වරිපනම්, ගෙවිය යුත්තාට වරිපනම් ද අයබදු ගෙවිය යුත්තාට අයබදු ද දෙන්න. පිදිය යුත්තාට පුදන්න, ගරු කළ යුත්තාට ගරු කරන්න.
“කාමමිථ්‍යාචාරය නොකරන්නැ”යි ඔබ කියන්නහු ය; එහෙත් ඔබ ම කාමමිථ්‍යාචාරය කරන්නහු ද? ඔබ රූප නමස්කාරය පිළිකුල් කරන්නහු ය; එහෙත්, ඔබ ම දේවගෘහයන් කොල්ල කන්නහු ද?
ඉශ්රායෙල්වරුන් පව් කර ඇත; එසේ ය, මා ඔවුන්ට අණ කළ මාගේ ගිවිසුම ඔවුන් කඩ කර තිබේ. ඔවුන් මට කැප කරන ලද දෙයින් රැගෙන සොරකම් කර, ඒවා සඟවා, ඒවා තමන්ගේ ම බඩු අතරේ තබා තිබේ.