Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 2:22 - Sinhala New Revised Version 2018

22 “කාමමිථ්‍යාචාරය නොකරන්නැ”යි ඔබ කියන්නහු ය; එහෙත් ඔබ ම කාමමිථ්‍යාචාරය කරන්නහු ද? ඔබ රූප නමස්කාරය පිළිකුල් කරන්නහු ය; එහෙත්, ඔබ ම දේවගෘහයන් කොල්ල කන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 “කාමමිථ්‍යාචාරය නොකරන්නැ”යි ඔබ කියන්නහු ය; එහෙත් ඔබ ම කාමමිථ්‍යාචාරය කරන්නහු ද? ඔබ රූප නමස්කාරය පිළිකුල් කරන්නහු ය; එහෙත්, ඔබ ම දේවගෘහයන් කොල්ල කන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 කිසිවකුත් පරදාර සේවනයේ ගැලිය යුතු නැතැයි කියන ඔබ පරදාර සේවනයේ යෙදෙනවා ද? පිළිම වන්දනාව පිළිකුල් කරන ඔබ, දේවාල කොල්ලකනවා ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 කාමමිථ්‍යාචාරය නොකළ යුතුයයි කියන්නාවූ නුඹ කාමමිථ්‍යාචාරය කරනවාද? දේවරූපවලට පිළිකුල්කරන්නාවූ නුඹ දේවගෘහයන් කොල්ලකනවාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 2:22
14 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන් ද? මම නුඹලාගෙන් අසමි. එසේ කිරීම යුතු නැති වුවත් නුඹලා මා රවටන්නහු ය. නුඹලා මා රවටන්නේ දසයෙන් කොටස හා පූජාවන් පිදීමෙහි දී ය.


උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “හාස්කමක් සොයන්නේ අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවකි. එහෙත්, ජෝනා දිවැසිවරයා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ලැබේ.


අවිශ්වාසී ජනයෙනි, ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද් ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය.


මන්ද ඔබ මෙහි ගෙනා මේ මනුෂ්‍යයෝ දේවාලවලින් සොරකම් කරන්නෝ වත්, මේ දේවතාවියට අපහාස කරන්නෝ වත් නොවෙති.


උන් වහන්සේ ඔවුන්ට උගන්වමින්, “ ‘මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයකැ’යි කියනු ලබන බව ලියා නැද් ද? එහෙත් ඔබ එය හොරුන්ගේ ගුහාවක් කර ඇතැ”යි වදාළ සේක.


අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවක් හාස්කමක් සොයන්නේ ය. එහෙත්, දිවැසිවර ජෝනා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් නොදක්වනු ලැබේ ය”යි කියා ඔවුන් අත්හැර නික්ම ගිය සේක.


මා හට පූජා කරන්න පොරොන්දු වූ හොඳ සතුන් රැළේ සිටිය දී, වැදගැම්මක් නැති සතෙකු මට පූජා කරන ප්‍රයෝගකාරයාට වන විපතක මහත! මන්ද, මම ශ්‍රේෂ්ඨ රජෙක්මි. සියලු රටවල සෙනඟ මාගේ නාමයට ගරුබිය දක්වති”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.


‘මට පූජා කරන පිණිස නුඹලා අන්ධ සතෙකු ගෙන ඒම හරි ද? කොර සතෙකු හෝ ලෙඩ සතෙකු හෝ ඔප්පු කිරීම හරි ද? එවැනි සතෙකු නුඹලාගේ ආණ්ඩුකාරයාට දී බලන්න. ඔහු ඒ ගැන ප්‍රසන්න වෙයි ද? නුඹලාට උදව් උපකාර දෙයි දැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


ඇතැමෙක් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ දුරාචාරයෙහි යෙදුණාහ. අනිකෙක් තමාගේ ලේලී සල්ලාලකමින් අපවිත්‍ර කළහ. තවත් කෙනෙක් තම පියාගේ දුව වූ තමාගේ සහෝදරියට අතවර කළහ.


අහෝ! මාගේ සෙනඟ අත්හැර මා ඔවුන්ගෙන් ඈත් වී සිටින්නට මට පාළුකරයෙහි වාසස්ථානයක් ඇත්නම්! මාගේ සෙනඟ කාමමිථ්‍යාචාරිකයෝ ය; ද්‍රෝහිකාර පිරිසක් ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මා නුඹට කමා වන්නේ කෙසේ ද? නුඹේ දරුවෝ මා අත්හැර, බොරු දෙවිවරුන්ගේ නමින් දිවුළෝ ය. මා ඔවුන්ට කන්නට දී තෘප්තියට පැමිණෙවූ පසුත් ඔව්හු කාමමිථ්‍යාචාරය කළෝ ය. ඔව්හු රංචු ගැසී වේශ්‍යාවන්ගේ ගෙවලට ඇතුළු වුණෝ ය.


මන්ද, නුඹ මාගේ අවවාදය නුරුස්සන්නෙහි ය; මාගේ වචනවලට පිටුපා යන්නෙහි ය.


ප්‍රේමය අවංක වේ වා. නපුර පිළිකුල් කොට, යහපතට ඇලුම් වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්