“මාගේ දෙවියන් වහන්ස, ඔවුන් පූජක තනතුර ද පූජකකමේත්, ලෙවීවරුන්ගේත් ගිවිසුම ද අපිරිසිදු කළ හැටි සිහි කළ මැනව.”
මලාකි 2:10 - Sinhala New Revised Version 2018 අප සියල්ලන්ට ඇත්තේ එක ම පියාණන් වහන්සේ නොවේ ද? අප මැව්වේ එක ම දෙවියන් වහන්සේ නොවේ ද? එසේ නම්, එකිනෙකාට දෝහිකම් කරමින්, අපේ මුතුන්මිත්තන් සමඟ දෙවියන් වහන්සේ කළ ගිවිසුම අප කෙලසන්නේ මන් ද? Sinhala New Revised Version අප සියල්ලන්ට ඇත්තේ එක ම පියාණන් වහන්සේ නොවේ ද? අප මැව්වේ එක ම දෙවියන් වහන්සේ නොවේ ද? එසේ නම්, එකිනෙකාට දෝහිකම් කරමින්, අපේ මුතුන්මිත්තන් සමඟ දෙවියන් වහන්සේ කළ ගිවිසුම අප කෙලසන්නේ මන් ද? Sinhala Revised Old Version අප සියල්ලන්ට ඇත්තේ එක පියා නොවේද? අප මැවුවේ එක දෙවියන්වහන්සේ නොවේද? අපේ පියවරුන්ගේ ගිවිසුම කෙලසන හැටියට අපි එකිනෙකාට විරුද්ධව මක්නිසා ද්‍රෝහිකම්කරමුද? |
“මාගේ දෙවියන් වහන්ස, ඔවුන් පූජක තනතුර ද පූජකකමේත්, ලෙවීවරුන්ගේත් ගිවිසුම ද අපිරිසිදු කළ හැටි සිහි කළ මැනව.”
කුසෙහි මා මැවූ දෙවිඳාණෝ ඔවුනුත් නොමැවූ සේක් ද? මවු ගැබෙහි අප මැව්වේ එක ම දෙවි තුමාණෝ නොවන සේක් ද?
සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමාණෝ ය; අපි එතුමාණන්ගේ ය, එතුමාණන්ගේ සෙනඟ ය. එතුමාණන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
‘මා මිසර වැසියන්ට කළ දේ ද, මා නුඹලා රාජාලියෙකුගේ පියාපත් උඩ ගෙනෙන මෙන් මා වෙත නුඹලා උසුලාගෙන පැමිණි අයුරු ද නුඹලා දුටුවහු ය.
එබැවින් දැන් ඉතින් නුඹලා සැබැවින් ම මාගේ හඬට කීකරු වන්නහු නම්, මාගේ ගිවිසුම පිළිපදින්නහු නම්, සියලු සෙනඟ අතුරින් නුඹලා මට ම අයිති සම්පත වන්නහු ය. මන්ද, මුළු මහ පොළොව මා සතු ය.
මෝසෙස් ද ඇවිත් සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනඟට දැන්වී ය. සියලු සෙනඟ ද එක හඬින් උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල ම අපි ඉටු කරන්නෙමු”යි කී හ.
පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනඟට ඇසෙන ලෙස එය කියවී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ.
එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් වංශයෙනි, නුඹ නිර්මාණය කොට, මවා වදාළ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “බිය නොවන්න; මම නුඹලා මුදාගතිමි. නුඹලාගේ නම කියා මම හඬගැසීමි. නුඹලා මාගේ ය.
මම සමිඳාණන් වහන්සේ ය; නුඹලාගේ සුවිශුද්ධ දෙවිඳාණෝ ය; ඉශ්රායෙල්වරුනි, නුඹලා මැව්වේ මම ය. මම නුඹලාගේ රජාණෝ ය.”
නුඹලා මැවූ සමිඳාණන් වහන්සේ මම ය. උපන් දා සිට ම මම නුඹලාට උපකාර කෙළෙමි. බිය නොවන්න. නුඹලා මාගේ සේවකයෝ ය. මා තෝරාගත්, මා ප්‍රේම කරන, මාගේ සෙනඟ ය.
නුඹලාගේ ආදි පිය වූ ආබ්‍රහම් ද නුඹලා ප්‍රසූත කළ සාරා ද ගැන සිතා බලන්න. මා ආබ්‍රහම් කැඳෙවු විට ඔහුට දරු සම්පතක් නො වී ය. එහෙත්, මම ඔහුට ආශීර්වාද කර දරු පරපුරක් දිනිමි.
ඔබ අපේ පියාණෝ ය; ආබ්‍රහම් අප නොදන්න නමුත්, ඉශ්රායෙල් අප නාඳුනන නමුත්, සමිඳාණෙනි, ඔබ අපේ පියාණෝ ය, අපේ මිදුම්කාරයාණෝ ය. එය අතීතයේ සිට ඔබේ නාමය වේ.
ඔබට යාච්ඤා කරන කිසිවෙක් නැත. ඔබේ පිහිට සොයන කිසිවෙක් නැත; මන්ද, ඔබේ වත සඟවාගෙන අපේ පව් නිසා අපට අපරාධයන්ට ගොදුරු වීමට ඔබ ඉඩ හැර ඇත.
එහෙත් සමිඳුනි, ඔබ අපේ පියාණෝ ය. අපි මැටි ය; ඔබ අපේ කුඹල්කාරයාණෝ ය. ඔබ අප නිර්මාණය කළ සේක.
ඔවුන් අඬමින් ද කන්නලව් කරමින් ද ගිය නමුත්, මම ඔවුන් සනසමින් ආපසු ගෙනෙන්නෙමි. දිය ඔයවල් අසලින්, නොපැකිළෙන, ඇද නැති මාවත් ඔස්සේ ඔවුන් ගෙන යන්නෙමි. මම ඉශ්රායෙල්වරුන්ගේ පියා වෙමි; එප්‍රායිම් මාගේ කුළුඳුල් පුත්‍රයා වන්නේ ය.
“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් දේශයෙහි තිබෙන ඒ පාළු ඉඩම්වල වසන්නෝ කතා කොට, ‘ආබ්‍රහම් එක් කෙනෙකු ව සිටි නමුත්, ඔහුට දේශය උරුම විය. අපි වනාහි බොහෝ දෙනෙක් ය; දේශය ද උරුමයක් කොට අපට දී තිබේ ය’යි කියති.
“පුත්‍රයා තමාගේ පියාටත්, මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරව කරති. මා නුඹලාගේ පියා නම්, නුඹලා මට ගෞරව නොකරන්නේ මන් ද? මා නුඹලාගේ ස්වාමියා නම් මට ගරුබුහුමන් නොදෙන්නේ මන්ද කියා අවමන් කරන පූජකවරුන්ගෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ අසන සේක. ‘අප ඔබට අවමන් කෙළේ කෙසේ දැ’යි නුඹලා අසන්නහු ය.
ජුදාහි සෙනඟ දෙවියන් වහන්සේට ඔවුන් දුන් පොරොන්දුව කඩ කර, ඉශ්රායෙල්හි ද ජෙරුසලමේ ද භයානක පිළිකුල් ක්‍රියා කර ඇත. දෙවියන් වහන්සේ ප්‍රේම කරන ශුද්ධස්ථාන පූජා කෙලෙසා ඇත. ඔව්හු විදේශීය දෙවිවරුන්ට නමස්කාර කරන ස්ත්‍රීන් සරණ පාවාගෙන සිටිති.
“එහෙත්, පූජකයන් වන නුඹලා හරි මාර්ගයෙන් පිට ගොස් ඇත. නුඹලාගේ ඉගැන්වීම් නිසා බොහෝ දෙනෙකු වරදට වැටී ඇත. ලෙවී සමඟ මා කළ ගිවිසුම නුඹලා කඩ කර ඇත.
“තවද, සහෝදරයා තම සහෝදරයා ද පියා තම දරුවා ද මරණයට පාවා දෙන්නෝ ය. දරුවෝ ද මවුපියන්ට විරුද්ධ ව නැඟී සිට ඔවුන් මරණයට පත් කරවන්නෝ ය.
ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමන්ගේ ගෝලයන් උන් වහන්සේ වෙත යැවූ හ. ඔව්හු කතා කොට, “ගුරුදේවයෙනි, ඔබ අවංක කෙනෙකු බවත්, දෙවියන් වහන්සේගේ මාර්ගය හරි ලෙස උගන්වන බවත්, මිනිසුන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොතකන බවත් අපි දනිමු.
‘ආබ්‍රහම් අපගේ පියාණෝ ය’යි කියාගන්නට නොසිතන්න. ඒ මන්ද, මේ ගල්වලින් වුව ද ආබ්‍රහම්ට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි.
එබැවින් ආබ්‍රහම් අපේ පියාණෝ යයි සිතින් කියාගන්න පටන් නොගෙන පසුතැවී සිත් හරවා ගත් බව දැක්වෙන ලෙස හැසිරෙන්න; මන්ද, මේ ගල්වලින් ආබ්‍රහම්ට දරු පරපුරක් උපදවා දෙන්නට දෙවියන් වහන්සේට හැකි යයි මම ඔබට කියමි.
“අපේ පියාණෝ ආබ්‍රහම් ය”යි ඔව්හු උන් වහන්සේට පිළිතුරු දුන්හ. උන් වහන්සේ ද, “ඔබ ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම් කළ ක්‍රියා ඔබත් කරනු ඇත.
ඔබ කරන්නේ ඔබේ පියාගේ ක්‍රියා ය”යි වදාළ සේක. එවිට ඔව්හු; “අපි අවජාතක දරුවෝ නොවෙමු. අපට ඇත්තේ එක ම පියෙකි; එනම්, දෙවියන් වහන්සේ ම ය”යි කී හ.
මියගියා වූ අපේ පිය වූ ආබ්‍රහම්ට වඩා ඔබ උතුම් ද? දිවැසිවරයෝ පවා මියගියහ. ඔබ කවරෙකු කියා සිතන්නෙහි දැ”යි ඇසූ හ.
ඔබේ පිය වූ ආබ්‍රහම් මාගේ පැමිණීමේ දවස දැකීමට පුල පුලා සිටියේ ය. ඔහු එය දැක ප්‍රීති වී ය”යි වදාළ සේක.
ලෝකය ද එහි සියල්ල ද මවා වදාළ දෙවියන් වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් ව සිටින බැවින්, උන් වහන්සේ මිනිස් අතින් සාදන ලද මාලිගාවල නොවසන සේක.
උදව්උපකාරයෙන් යැපෙන අයෙකු සේ උන් වහන්සේ මිනිස් අත්වලින් උපස්ථාන නොලබන සේක. මන්ද, සියල්ලන්ට ජීවිතය ද හුස්ම ද අන් සියලු දේ ද දෙන්නේ උන් වහන්සේ ය.
උන් වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළ සේක. මිහි පිට වාසය කරන පිණිස නියමිත කාලයන් ද වාසස්ථානවල සීමා ද නියම කළ සේක.
ස්තේපන් මෙසේ පිළිතුරු දුනි: “සහෝදරවරුනි, පියවරුනි, සවන් දෙන්න. අපගේ පිය වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වන්නට පෙර මෙසොපොතේමියාවේ සිටි කාලයෙහි, මහිමාන්විත දෙවියන් වහන්සේ ඔහුට පෙනී,
පසුවදා ඉශ්රායෙල්වරුන් දෙදෙනෙකු දබර කරනු දැක, ඔවුන් සමඟි කිරීමේ අදහසින් ඉදිරිපත් වී, ‘මිත්‍රවරුනි, ඔබ සහෝදරයෝ ය; එකිනෙකාට අයුතුකම් කරන්නේ මන්දැ’යි ඇසී ය.
එසේ නම්, අපේ ජාතියේ පියා වූ ආබ්‍රහම් ගැන අපි කුමක් කියමු ද? ඔහු දමිටු බවට පමුණුවනු ලැබුවේ කෙසේ ද?
අපට ඇත්තේ එක ම දෙවි වන පියාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේ උන් වහන්සේ ය. අප ජීවත් වන්නේත් උන් වහන්සේ උදෙසා ය. තවද, අපට ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් නම් එක ම සමිඳාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේත්, අප ජීවත් වන්නේත් උන් වහන්සේ කරණකොටගෙන ය.
එබැවින් බොරු කීම අත්හැරදමා, අසල්වාසි එකිනෙකා සමඟ සත්‍යය කතා කරන්න. මන්ද, අපි එකිනෙකා අන්‍යොන්‍ය අවයවයෝ වෙමු.
සියල්ලන්ට ඉහළින් සිටින, සියල්ලන් තුළින් ක්‍රියා කරන, සියල්ලන් තුළ වැඩවසන එක ම දෙවි පියාණන් වහන්සේත් ය.
මේ කාරණයේ දී කිසිවෙකු තම සහෝදරයා රවටා, වාසියක් නොගත යුතු ය. මන්ද, අප ඔබට කලින් කියා තදින් අවවාද කළ ලෙස, මෙබඳු අයට සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක.
තවද අප හික්ම වූ මාංසික පියවරුන්ට අපි ගරුබුහුමන් කරමු නම් ඊට බොහෝ වැඩියෙන් අප ආත්මික පියාණන් වහන්සේට අවනත ව ජීවත් විය යුතු නොවේ ද?
මම ඒ ගංගාව එතෙරින් නුඹලාගේ පිය වූ ආබ්‍රහම් කැඳවාගෙන කානාන් දේශය මුළුල්ලෙහි ගෙන ගොස්, ඔහුගේ වංශය වැඩි කෙළෙමි. මම ඔහුට ඊසාක් දුනිමි.