Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 24:3 - Sinhala New Revised Version 2018

3 මෝසෙස් ද ඇවිත් සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනඟට දැන්වී ය. සියලු සෙනඟ ද එක හඬින් උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල ම අපි ඉටු කරන්නෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 මෝසෙස් ද ඇවිත් සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනඟට දැන්වී ය. සියලු සෙනඟ ද එක හඬින් උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල ම අපි ඉටු කරන්නෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 මෝසෙස් අවුත් ස්වාමීන්වහන්සේගේ සියලු වචනද විනිශ්චයයන්ද සෙනඟට කියා දුන්නේය. මුළු සෙනඟ එක හඬින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරන්නෙමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 24:3
23 හුවමාරු යොමු  

ඔව්හු මහා හඬ ද ඝෝෂා හඬ ද හොරණෑවලත්, නළාවලත් ශබ්දය ද ඇති ව සමිඳාණන් වහන්සේට දිවුරුම දුන්නෝ ය.


සියලු ජුදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීති වූ හ. මන්ද, ඔවුන් තමන්ගේ මුළු සිතින් දිවුරා, තමන්ගේ මුළු කැමැත්තෙන් උන් වහන්සේ සෙවූ බැවිනි. සමිඳාණන් වහන්සේ ද ඔවුන්ට තමන් වහන්සේ සොයා ගැන්මට ඉඩ දුන් සේක. උන් වහන්සේ ඔවුන්ට හාත්පසින් ම සාමය ලබා දුන් සේක.


“පුද පූජා ඇති ව මා සමඟ ගිවිසුමක් කළ මාගේ සැදැහැවතුන් මා වෙත රැස් කරන්නැ”යි එතුමාණෝ වදාළ සේක.


එවිට මුළු සෙනඟ ද එක්සත් ව පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ. ඉන්පසු මෝසෙස් සෙනඟ කී දේ සමිඳාණන් වහන්සේට සැළ කෙළේ ය.


මෝසෙස් පමණක් මට ළං විය යුතු ය. සෙස්සෝ ළං නොවිය යුත්තාහ. සෙනඟ ද කන්දට නොනැංග යුතු ය”යි වදාළ සේක.


පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනඟට ඇසෙන ලෙස එය කියවී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ.


මා ඔවුන්ගේ පියවරුන්, යකඩ ගිනි උදුනක් වැනි මිසර දේශයෙන් පිටත ගෙනා කල, ඔවුන් සමඟ කළ ගිවිසුම මෙය වේ. ‘මාගේ වචනයට කීකරු වී මා අණ කරන සියල්ල ඉටු කරන්න; එවිට නුඹලා මාගේ සෙනඟ වන්නහු ය. මම නුඹලාගේ දෙවියන් වහන්සේ ද වන්නෙමි’යි මම ඔවුන්ට කීවෙමි.


“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹේ ආදි පියවරුන් වහල්කමින් නිදහස් කර, මිසර දේශයෙන් ගෙනා විට මම ඔවුන් සමඟ ගිවිසුමක් කෙළෙමි.


නුඹලා මිසරයෙන් පිට වී ආ කල මම නුඹලා සමඟ නිරන්තරයෙන් සිටින බවට පොරොන්දු දුන් ප්‍රකාරයට මාගේ ආත්මානුභාවය තවමත්, නුඹලා සමඟ ය. ඒ නිසා බිය නොවන්න.


අප සියල්ලන්ට ඇත්තේ එක ම පියාණන් වහන්සේ නොවේ ද? අප මැව්වේ එක ම දෙවියන් වහන්සේ නොවේ ද? එසේ නම්, එකිනෙකාට දෝහිකම් කරමින්, අපේ මුතුන්මිත්තන් සමඟ දෙවියන් වහන්සේ කළ ගිවිසුම අප කෙලසන්නේ මන් ද?


“ඔබ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, නිතර ම උන් වහන්සේගේ අනුශාසනා ද නීති නියෝග සහ අණපනත් ද පිළිපැදිය යුතු ය.


මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: “ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න.


ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ආ පසු මෝසෙස් දුන් ශික්ෂා පද ද, නීති හා නියෝග ද, අණපනත් ද මේවා ය.


“මාගේ දෙවි සමිඳාණන් වහන්සේ මට අණ කළ පරිදි මම ඔබ හට නීති හා නියෝග ඉගැන්වීමි. ඔබ අයිති කරගන්නට යන රටට ඔබ ගිය පසු ඒවා පිළිපැදිය යුතු ය.


මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනයා කැඳවා ඔවුන්ට මෙසේ කී ය: “ඉශ්රායෙල්වරුනි, මෙදින මා ඔබට කියන්නට යන නීති හා නියෝගවලට සවන් දෙන්න. ඔබ ඒවා ඉගෙනගෙන, ආරක්ෂා කරමින් පිළිපැදිය යුතු ය.


එහෙත්, නුඹ මෙහි මා ළඟ සිටින්න. මා ඔවුන්ට අයිති කොට දෙන්නට යන දේශයෙහි ඔවුන් පිළිපදින පිණිස ඔවුන්ට ඔබ උගැන්විය යුතු සියලු අණපනත් ද, නීති හා නියෝගයන් ද මම ඔබට දන්වන්නෙමි.’


“ඔබ අයිති කරගන්නට යන දේශයෙහි පිළිපැදිය යුතු, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ඉගැන්වීමට අණ කළ, අණපනත් ද නීති හා නියෝග ද මේවා ය.


සෙනඟ ද පිළිතුරු දෙමින්, “නැත. අප වැඳුම්පිදුම් කරන්නේ සමිඳාණන් වහන්සේට ම ය”යි ජෝෂුවාට කීවෝ ය.


ජෝෂුවා කතා කරමින්, “සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ උන් වහන්සේ තෝරාගත් බවට ඔබට විරුද්ධ ව ඔබ ම සාක්ෂිකාරයෝ ය”යි සෙනඟට කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “අපි සාක්ෂිකාරයෝ වමු”යි කීවෝ ය.


“අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳ පුදා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නෙමු”යි සෙනඟ ද, ජෝෂුවාට පිළිතුරු දුන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්