ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 8:24 - Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේ එලෙස ම කළ සේක. පාරාවෝගේ මාලිගාවට ද ඔහුගේ නිලධාරීන්ගේ ගෙවලට ද මුළු මිසර දේශය හැම තැනට ද මැස්සෝ විශාල රංචු රංචු පිටින් පැමිණියහ. රට ද මැසි රංචු නිසා නාස්ති විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳාණන් වහන්සේ එලෙස ම කළ සේක. පාරාවෝගේ මාලිගාවට ද ඔහුගේ නිලධාරීන්ගේ ගෙවලට ද මුළු මිසර දේශය හැම තැනට ද මැස්සෝ විශාල රංචු රංචු පිටින් පැමිණියහ. රට ද මැසි රංචු නිසා නාස්ති විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ එසේ කළසේක; භයානක මැසි රංචු ඵාරාවෝගේ ගෙටත් ඔහුගේ සේවකයන්ගේ ගෙවලටත් ආවෝය. මුළු මිසර දේශය මැසි රංචු නිසා නාස්තිවිය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 8:24
6 හුවමාරු යොමු  

එතුමාණෝ අණ කළ විට මුළු දේශය මැස්සන්ගෙන් හා කිනිතුල්ලන්ගෙන් පිරී ගියේ ය.


ඔවුන්ට හිරිහැර කිරීමට එතුමාණෝ මැසි කැල එවූ සේක; ඔවුන්ගේ රට වනසාලීමට මැඩියන් එවූ සේක.


උන් එකතු කොට ගොඩගැසූ කල මුළු රට ම දුගඳ විය.


මාගේ සෙනඟට යන්න ඔබ අවසර නොදෙන්නෙහි නම් බලන්න, මම මැසි රංචු රංචු ඔබ පිට ද ඔබේ නිලධාරීන් හා ජනයා පිට ද ගෙවලට ද එවන්නෙමි. එවිට මිසර වාසීන්ගේ ගෙවල් ද ඔවුන් සිටින භූමිය ද මැසි රංචුවලින් පිරී යනු ඇත.


තවද, මාගේ සෙනඟ හා ඔබේ සෙනඟ අතර වෙනසක් කරමි. මේ හාස්කම හෙට සිදු වන්නේ ය’ ”යි වදාළ සේක.


තවද, උන් ඔබේ ඇඟටත්, ඔබේ ජනතාවගේ හා සියලු නිලධාරීන්ගේ ඇඟටත් පනිනු ඇත’ කියා කියන්නැ”යි වදාළ සේක.