Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 8:24 - Sinhala Revised Old Version

24 ස්වාමීන්වහන්සේ එසේ කළසේක; භයානක මැසි රංචු ඵාරාවෝගේ ගෙටත් ඔහුගේ සේවකයන්ගේ ගෙවලටත් ආවෝය. මුළු මිසර දේශය මැසි රංචු නිසා නාස්තිවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 සමිඳාණන් වහන්සේ එලෙස ම කළ සේක. පාරාවෝගේ මාලිගාවට ද ඔහුගේ නිලධාරීන්ගේ ගෙවලට ද මුළු මිසර දේශය හැම තැනට ද මැස්සෝ විශාල රංචු රංචු පිටින් පැමිණියහ. රට ද මැසි රංචු නිසා නාස්ති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 සමිඳාණන් වහන්සේ එලෙස ම කළ සේක. පාරාවෝගේ මාලිගාවට ද ඔහුගේ නිලධාරීන්ගේ ගෙවලට ද මුළු මිසර දේශය හැම තැනට ද මැස්සෝ විශාල රංචු රංචු පිටින් පැමිණියහ. රට ද මැසි රංචු නිසා නාස්ති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 8:24
6 හුවමාරු යොමු  

උන්වහන්සේ කථාකළසේක, එවිට මැසිරංචුද ඔවුන්ගේ රට මුළුල්ලෙහි කිනිතුල්ලෝද පිරුණෝය.


උන්වහන්සේ ඔවුන් අතරට නාස්ති කරන මැසි රංචුද විනාශකරන මැඩියන්ද යැවූසේක.


නැතහොත්, මාගේ සෙනඟ නාරින්නෙහි නම්, මම නුඹ පිටටත් නුඹේ සේවකයන් පිටටත් නුඹේ සෙනඟ පිටටත් නුඹේ ගෙවලටත් මැසි රංචු එවන්නෙමි. මිසරවරුන්ගේ ගෙවල්ද ඔවුන් සිටින භූමියද මැසි රංචුවලින් පිරීයන්නේය.


මාගේ සෙනඟ හා නුඹේ සෙනඟ අතරේ වෙනසක් කරන්නෙමි. හෙට දවසේ මේ ලකුණවන්නේය කියා කියවයි කීසේක.


මැඩියෝ නුඹ සහ නුඹේ සෙනඟ පිටටත් නුඹේ සියලු මෙහෙකරුවන් පිටටත් නගින්නෝයයි කියවයි කීසේක.


ඔව්හු උන් එකතුකොට ගොඩවල් ගැසුවෝය. දේශයද දුර්ගන්ධවිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්