ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 7:17 - Sinhala New Revised Version 2018

එබැවින් මෙන්න, සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: මා සමිඳාණන් වහන්සේ බව ඔබ මේ ලකුණින් දැන ගන්නෙහි ය. එනම්, බලන්න, ගඟේ දියට මා අතේ ඇති සැරයටියෙන් ගසමි. එවිට එහි වතුර ලේ වන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එබැවින් මෙන්න, සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: මා සමිඳාණන් වහන්සේ බව ඔබ මේ ලකුණින් දැන ගන්නෙහි ය. එනම්, බලන්න, ගඟේ දියට මා අතේ ඇති සැරයටියෙන් ගසමි. එවිට එහි වතුර ලේ වන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙයින් මා ස්වාමීන්වහන්සේ බව ඔබ දැනගන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක. මෙන්න, මා අත තිබෙන සැරයටියෙන් ගංගාවේ තිබෙන සියලුම වතුරවලට ගසන්නෙමි, ඒවා ලේ වන්නේය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 7:17
30 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළං වී ඉශ්රායෙල් රජුට කතා කොට, “ ‘සමිඳාණන් වහන්සේ කඳුවල දෙවි කෙනෙකු මිස, මිටියාවතේ දෙවි කෙනෙක් නොවන සේකැ’යි සිරියාවේ වැසියන් කී නිසා, ‘මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහා සමූහය නුඹ අතට පාවා දෙන්නෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.


එබැවින් අපේ දෙවියන් වහන්ස, ඔබ ම, ඔබ පමණක් ම, ස්වාමීන් වන දෙවියන් වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍ය දැනගන්න පිණිස ඔහුගේ අතින් අප ගැළෙව්ව මැනව”යි කී ය.


එතුමාණෝ ඔවුන්ගේ ගංගා ලේ බවට හැරෙවු සේක; එහි විසූ සියලු මසුන් මැරූ සේක.


එතුමාණෝ ඔවුන්ගේ ගංගා ජලය ලේ බවට හැරෙවු සේක; පානය කිරීමට නොහැකි වන ලෙස දියකඳ ලේ බවට හැරෙවු සේක.


ඔබ වහන්සේගේ නාමය පමණක් ‘සමිඳාණෝ’ බව ද මිහි පිට ඔබ පමණක් ‘අති උත්තමයාණෝ’ බව ද ඔව්හු දැනගනිත් වා!


සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක. කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති.


එවිට පාරාවෝ මුළු සෙනඟ අමතා, “හෙබ්‍රෙව්වරුන්ට උපදින හැම පිරිමි ළමයෙකු ම නයිල් ගඟට විසි කළ යුතු ය; සෑම දුවකට ජීවත් වන්න ඉඩ දිය යුතු ය”යි අණ කෙළේ ය.


ඇරත් මිසරයට මා සමච්චල් කළ සැටි ද ඔවුන් මැද මා සිදු කළ හාස්කම් ද නුඹ නුඹේ පුතුන්ටත්, පුතුන්ගේ පුතුන්ටත් කියන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා සැම දැනගන්නහු ය”යි වදාළ සේක.


ඔව්හු මේ හාස්කම් දෙක ම විශ්වාස නොකරත් නම්, නුඹ ගංගාවෙන් වතුර රැගෙන වියළි පොළොවට වත් කරන්න; එවිට නුඹ ගංගාවෙන් ගත් වතුර වියළි පොළොව මත ලේවලට හැරෙන්නේ ය”යි වදාළ සේක.


පාරාවෝ පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ නම් කවරෙක් ද? ඉශ්රායෙල් ජනයාට යන්න අවසර දීමට මා ඒ හඬට අවනත විය යුත්තේ මන් ද? මම සමිඳාණන් වහන්සේ නාඳුනමි. ඉශ්රායෙල් ජනයාට යන්න මා අවසර දෙන්නේ නැතැ”යි කී ය.


තවද, මාගේ ම සෙනඟ මෙන් නුඹලා භාරගෙන, මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මිසර වාසීන්ගේ බර වැඩවලින් නුඹලා මුදන, නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මා බව නුඹලා එවිට දැනගන්නහු ය.


මෝසෙස් සහ ආරොන් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කළහ. පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරිපිට ඔහු සැරයටියෙන් ගඟේ ජලයට ගැසී ය. ගඟේ ජලය සියල්ල ද ලේවලට හැරිණි.


මිසරයට විරුද්ධ ව මාගේ හස්තය දිගු කොට ඔවුන් අතුරින් ඉශ්රායෙල් ජනයා පිටත ගෙනෙන විට මා සමිඳාණන් වහන්සේ බව මිසර දේශ වාසීහු දැන ගන්නෝ ය.”


කෝප සහිත තර්ජනවලින් ඔවුන්ගෙන් බොහෝ සෙයින් පළිගන්නෙමි. එසේ ඔවුන්ගෙන් පළිගන්න කල මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය.’ ”


මිසර දේශය නාස්ති වී, පාළු වනු ඇත. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය. මක්නිසා ද, නයිල් ගඟ මාගේ ය; මම එය සදාගතිමි යි නුඹ කී බැවිනි.


මෙසේ මම මිසරයට දඬුවම් පමුණුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”


මා මිසරයෙහි ගින්නක් දල්වා ඇගේ සියලු ආධාරකරුවන් විනාශ වී ගිය කල, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.


මා මිසර දේශය නිර්ජන කර, එහි ඇති සියලු දේශ නැති කර, එහි සියලු වැසියන්ට මා පහර දෙන කල ද මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.


නුඹේ ලේ කඳු දක්වා ගලා ගොස් දිය ඇලවල් එයින් පිරෙනු ඇත.


මෙසේ මම ශ්‍රේෂ්ඨත්වය ද විශුද්ධත්වය ද පෙන්වා, මා සමිඳාණන් වහන්සේ බව බොහෝ විජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශ වන්නෙමි.”


ඔවුන් විප්‍රවාසීන් මෙන් විජාතීන් අතර විසුරුවා, මා ඔවුන්ගෙන් කිසිවෙකු තවත් එහි අත්නෑර ඔවුන්ගේ රටට ඔවුන් රැස් කරන කල මා ඔවුන්ගේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.


තමන් දිවැස් වැකි පවසන කාලයේ දී වැසි නොවසින ලෙස අහස් තලය වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත්, සියලු වසංගතවලින් පොළොවට කැමැති විටක පහර දීමටත් ඔවුන්ට බලය ඇත.


දෙවැන්නා ද හොරණෑව පිම්බේ ය. එවිට ගින්නෙන් ඇවිලෙන මහා කන්දක් වැනි දෙයක් මුහුදේ හෙළනු ලැබී ය. මුහුදින් තුනෙන් කොටසක් ලේ විය.