Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 29:9 - Sinhala New Revised Version 2018

9 මිසර දේශය නාස්ති වී, පාළු වනු ඇත. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය. මක්නිසා ද, නයිල් ගඟ මාගේ ය; මම එය සදාගතිමි යි නුඹ කී බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මිසර දේශය නාස්ති වී, පාළු වනු ඇත. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය. මක්නිසා ද, නයිල් ගඟ මාගේ ය; මම එය සදාගතිමි යි නුඹ කී බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 මිසර දේශය නාස්තියක්ද පාළුවක්ද වන්නේය; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය. මක්නිසාද: ගංගාව මාගේය, මම ඒක සාදාගතිමියි ඔහු කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 29:9
12 හුවමාරු යොමු  

නුඹ කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නයිල් ගඟ මැද ලගින, නයිල් ගඟ මාගේ ම ය කියාත්, මම ම ඒක සාදාගත්තෙමි කියාත් කියන මහ කිඹුලා වන මිසරයේ පාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධ වෙමි.


විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.


විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.


අහංකාරය මිනිසෙකුගේ පරිහානියට හේතු වේ; එහෙත් නිහතමානී තැනැත්තා ගරු බුහුමන් ලබයි.


මම නයිල් ගඟ වියළවා දේශය දුෂ්ටයන්ගේ අතට විකුණා දේශය ද එහි ඇති සියල්ල ද විදේශිකයන් ලවා පාළු කරවන්නෙමි. ස්වාමීන් වන මම මෙසේ වදාරන්නෙමි.”


“මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි තීර්ගේ අධිපතියාට කියන්න. නුඹ දෙවි කෙනෙකු නොව, මනුෂ්‍යයෙකු වන නමුත්, නුඹේ සිත උඩඟු වී, මම දෙවි කෙනෙක්මි. මුහුද මැද මම දෙවි කෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමි යි කියමින්, නුඹ දෙවිඳුන්ට සමාන ය යි සිතන්නෙහි ය.


මොන කැකිරි ගෙඩියක් ගැන ඔබ ජය ඝෝෂා කරන්නහු ද? “අප ජයගත්තේ අපේ ම බලයෙන් නොවේ දැ”යි ඔබ කියන්නහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්