එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනවුත්, ඔහුගේ හිස පිට ඔටුන්න තබා ව්‍යවස්ථාව ඔහුට දුන්නේ ය. ඔව්හු රජකමට ඔහු අභිෂේක කොට අත්පොළසන් දී, “රජතුමා සැරදේ වා”යි කීවෝ ය.
නික්මයාම 31:18 - Sinhala New Revised Version 2018 උන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කොට නිම කළ පසු, දේව ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු වන ගිවිසුම් පුවරු දෙක ඔහුට දුන් සේක. Sinhala New Revised Version උන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කොට නිම කළ පසු, දේව ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු වන ගිවිසුම් පුවරු දෙක ඔහුට දුන් සේක. Sinhala Revised Old Version උන්වහන්සේ සීනයි කන්ද පිටදී මෝසෙස් සමඟ කථාකර කෙළවරවූ කල දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලිවූ සාක්ෂියේ ලෑලි දෙක ඔහුට දුන්සේක. |
එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනවුත්, ඔහුගේ හිස පිට ඔටුන්න තබා ව්‍යවස්ථාව ඔහුට දුන්නේ ය. ඔව්හු රජකමට ඔහු අභිෂේක කොට අත්පොළසන් දී, “රජතුමා සැරදේ වා”යි කීවෝ ය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “කන්දට නැඟ මා වෙත පැමිණ මෙහි නැවතී සිටින්න. නුඹ සෙනඟට උගන්වන පිණිස මා ලියූ ආඥා හා අණපනත් අඩංගු ගල් පුවරු මම නුඹට දෙමි”යි වදාළ සේක.
මෝසෙස් ද වලාකුළ මැදට ගොස් කන්දට නැංගේ ය. ඔහු දවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කන්දෙහි සිටියේ ය.
ඉන්ද්‍රජාලිකයන් පාරාවෝට කතා කොට, “මෙය දෙවියන් වහන්සේගේ ක්‍රියාවකි”යි කී නමුත් සමිඳාණන් වහන්සේ වදාළ පරිදි ඔහු තම සිත දැඩි කරගෙන ඔවුන් කී දේ සැලකුවේ නැත.
එහෙත්, ඒ කාලය පැමිණි විට, ඉශ්රායෙල් සෙනඟ සමඟ මා කරන ගිවිසුම මෙය වේ. මම මාගේ අණපනත් ඔවුන් තුළ පිහිටුවා එය ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
එහෙත්, මම දෙවියන් වහන්සේගේ ආත්මයාණන් අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කෙරෙම් නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඒකාන්තයෙන් ම ඔබ කෙරේ උදා වී තිබේ.
එහෙත් මම දෙවියන් වහන්සේගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, සැබැවින් ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙහි උදා වී ඇත.
ඔබ වනාහි අප විසින් එවන ලද ‘ක්‍රිස්තුන් වහන්සේගේ ලිපිය’ බව පැහැදිලි ය. එය ලියා ඇත්තේ තීන්තෙන් නොව, ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන ය. ගල් පුවරුවල නොව, මිනිස් සිත් නමැති පුවරුවල ය.
එවිට උන් වහන්සේ රැස්වීම පැවැත්වූ දින ගින්න මැද සිට කන්දේ දී ඔබට සමිඳාණන් වහන්සේ වදාළ දස පනත කලින් ලියූ පරිදි ගල් පුවරු මත ලියූ සේක. මෙසේ ලියා මට දුන් පසු
ඔබට පිළිපැදීමට උන් වහන්සේ නියම කළ උන් වහන්සේගේ ගිවිසුම වන දස පනත ඔබ හට ප්‍රකාශ කළ සේක; ගල් පුවරු දෙකක ඒවා ලියා දුන් සේක.
“කන්දේ දී ගින්න ද වලා පටලය ද ඝනාන්ධකාරය ද මැද වැඩ සිට මුළු ජනතාව අමතා, මහා හඬකින් සමිඳාණන් වහන්සේ වදාළ වචන මේවා ය. ඒවාට අමතර ව කිසිවක් එකතු නොකොට, ගල් පුවරු දෙකක උන් වහන්සේ ඒවා ලියා මට භාර දුන් සේක.”
එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුව ද තිබුණේ ය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය.