Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 5:22 - Sinhala New Revised Version 2018

22 “කන්දේ දී ගින්න ද වලා පටලය ද ඝනාන්ධකාරය ද මැද වැඩ සිට මුළු ජනතාව අමතා, මහා හඬකින් සමිඳාණන් වහන්සේ වදාළ වචන මේවා ය. ඒවාට අමතර ව කිසිවක් එකතු නොකොට, ගල් පුවරු දෙකක උන් වහන්සේ ඒවා ලියා මට භාර දුන් සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 “කන්දේ දී ගින්න ද වලා පටලය ද ඝනාන්ධකාරය ද මැද වැඩ සිට මුළු ජනතාව අමතා, මහා හඬකින් සමිඳාණන් වහන්සේ වදාළ වචන මේවා ය. ඒවාට අමතර ව කිසිවක් එකතු නොකොට, ගල් පුවරු දෙකක උන් වහන්සේ ඒවා ලියා මට භාර දුන් සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 මේ වචන ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්නද වලාකුළද කළුවරද මැද සිට නුඹලාගේ මුළු සභාවට මහත් හඬකින් කීසේක. උන්වහන්සේ තවත් නොකියා ඒවා ගල්ලෑලි දෙකක ලියා මට දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 5:22
11 හුවමාරු යොමු  

උන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කොට නිම කළ පසු, දේව ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු වන ගිවිසුම් පුවරු දෙක ඔහුට දුන් සේක.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “කන්දට නැඟ මා වෙත පැමිණ මෙහි නැවතී සිටින්න. නුඹ සෙනඟට උගන්වන පිණිස මා ලියූ ආඥා හා අණපනත් අඩංගු ගල් පුවරු මම නුඹට දෙමි”යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ ගින්න මැද සිට කන්දේ දී මුහුණට මුහුණ ලා ඔබ සමඟ කතා කළ සේක.


උන් වහන්සේ ඔබට උපදෙස් දෙනු සඳහා සිය හඬ ස්වර්ගයෙන් ඇසෙන්නට සැලැසූ සේක; මිහි පිට තම මහා ගින්න ඔබට දැක්වූ සේක. ගින්න මැද සිට උන් වහන්සේගේ කට හඬ ඔබට ඇසිණි.


ඔබ පැමිණ සිටින්නේ, ස්පර්ශ කළ හැකි ගිනි ජාලාවකට වත්, කළුවරට වත්, ඝන අන්ධකාරයට වත්, චණ්ඩ මාරුතයට වත්,


එහෙත්, සෙනඟ ඈතින් ම සිටගත් කල මෝසෙස් දෙවියන් වහන්සේ වැඩසිටි අඳුරු වලාකුළට සමීප විය.


“කන්ද ගින්නෙන් දැවෙමින් තිබිය දී, අඳුර මැදින් ඔබට කටහඬ ඇසුණු විට, ඔබේ ගෝත්‍රවල ප්‍රධානීන් සියල්ලෝ ද ප්‍රජා මූලිකයෝ ද මා සමීපයට පැමිණ,


ගින්න මැද සිට කතා කළ දෙවියන් වහන්සේට ඔබ සවන් දුන්නාක් මෙන් කිසියම් සෙනඟක් උන් වහන්සේගේ හඬට සවන් දී ජීවත් ව සිටිත් ද?


අන් දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොපවත්වා, උන් වහන්සේ ලියා දුන් නියෝග ද පනත් ද ව්‍යවස්ථා ද ආඥා ද සෑම කල්හි ම පවත්වන්නට බලාගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්