නික්මයාම 24:12 - Sinhala New Revised Version 201812 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “කන්දට නැඟ මා වෙත පැමිණ මෙහි නැවතී සිටින්න. නුඹ සෙනඟට උගන්වන පිණිස මා ලියූ ආඥා හා අණපනත් අඩංගු ගල් පුවරු මම නුඹට දෙමි”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “කන්දට නැඟ මා වෙත පැමිණ මෙහි නැවතී සිටින්න. නුඹ සෙනඟට උගන්වන පිණිස මා ලියූ ආඥා හා අණපණත් අඩංගු ගල් පුවරු මම නුඹට දෙමි”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: මා ළඟට කන්දට නැගී ඇවිත් මෙහි සිටින්න. නුඹ ඔවුන්ට උගන්වන පිණිස මා ලියූ ගල්ලෑලිද ව්‍යවස්ථාවද ආඥාවද නුඹට දෙන්නෙමියි කීසේක. පරිච්ඡේදය බලන්න |
උන් වහන්සේ කතා කොට, “පිටතට අවුත් කන්ද උඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නැ”යි වදාළ සේක. එවිට සමිඳාණන් වහන්සේ ඒ ළඟින් ගිය සේක. උන් වහන්සේට පෙරටුවෙන් මහා බලවත් හුළඟක් කඳු දෙදරවා, පර්වත බිඳගෙන ගියේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සුළඟෙහි නොවූ සේක. සුළඟට පසු පොළෝ කම්පාවක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ පොළෝ කම්පාවෙහි නොවූ සේක.