ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 26:36 - Sinhala New Revised Version 2018

මණ්ඩපයේ දොරටුවට නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද මල්වැඩ දැමූ කඩතුරාවක් සෑදිය යුතු යි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මණ්ඩපයේ දොරටුවට නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද මල්වැඩ දැමූ කඩතුරාවක් සෑදිය යුතු යි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කූඩාරමේ දොරටුවට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් මල් වැඩ කළ කඩතුරාවක් සාදන්න.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 26:36
19 හුවමාරු යොමු  

‘මාගේ වාසස්ථානය සඳහා මට මාලිගාවක් ගොඩනඟන්නට යන්නේ නුඹ ද? මම ඉශ්රායෙල් සෙනඟ මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දක්වා ගෘහයක වාසය නො‍කොට කූඩාරමක ද මණ්ඩපයක ද වාසය කෙළෙමි.


එතුමාණෝ ෂිලෝහි වාසභවනය අත්හළ සේක; මිනිසුන් අතර පිහිටෙවු කූඩාරම හැර ගිය සේක.


“නුඹ නිල් පාට, දම් පාට හා තද රතු පාට ලොම්වලින් හා සිහින් ව කටින ලද හණ පිළියෙන් තිරයක් සෑදිය යුතු ය. එහි ද කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කොට තිබිය යුතු වේ.


තවද, දොරටුව සඳහා නිල් පාට, දම් පාට, ලා රතු සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද වැඩදමා ගෙතූ, මීටර් නවයක් දිග තිරයක් විය යුතු ය. ඊට කණු හතරක් හා තවු හතරක් ද තිබිය යුතු ය.


“තවද, ඒපොද් නම් සැට්ටයේ කලාවට සම වන පරිදි විනිශ්චයේ ළය වැස්ම ද ගෙත්තම් කොට සෑදිය යුතු ය. එය රනින් ද නිල්, දම් සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද සෑදිය යුතු ය.


“සිහින් හණ නූලින් සැදි කබාය ගෙත්තම් කොට, මකුටය ද සිහින් හණ නූලින් සාදා, බඳපටිය ද ගෙත්තම් කොට සෑදිය යුතු ය.


එනම් මණ්ඩපය සහ එහි කූඩාරම, ඊට ආවරණය, කොකු සහ ලෑලි, හරස් පොලු සහ කණු, කෙවෙණි;


දුම් පූජාසනය හා එහි පොලු, ආලේප තෛලය, සුවඳ දුම්, මණ්ඩපයට ඇතුළු වන දොරටුවේ කඩතුරාව;


පසුව ඔහු මණ්ඩපයේ දොරටුවට, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද මල් වැඩ දැමූ කඩතුරාවක් ගෙතී ය.


මළුවට ඇතුළු වන දොරටුවේ තිර ගෙත්තම් කොට මල් වැඩ දැමූ, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද විය. ඒවායේ දිග මීටර් නවයකි, උස මීටර් දෙකකි. ඒවා මළුවේ තිර හා සමාන විය.


සිහින් ව කටින ලද හණවලින් හා නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ගොතන ලද බඳපටියක් ද සෑදූ හ. මේ සියල්ල ම සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ඉටු කළහ.


ඉන්පසු ඔව්හු මෝසෙස් වෙත මණ්ඩපය ද කූඩාරම හා එහි බඩු බාහිරාදිය සියල්ල ද කොකු හා ලෑලි ද හරස් ලී හා කුලුණු ද ඒවායේ තවු ද


දුම් දවන රන් පූජාසනය ද ගිවිසුම් කරඬුව ඉදිරිපිට තබා කූඩාරම් දොරටුවට කඩතුරාව දැමිය යුතු ය.


විසිතුරු වැඩදැමූ වස්ත්‍ර මම නුඹට පළඳවා, කදිම හම් පාවහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් වසා පට රෙදිවලින් නුඹ සැරසුවෙමි.


මොවුන්ට සම්මුඛ මණ්ඩපයේ පහත දක්වන කොටස් භාර විය. එනම්, මළුවේ තිර ද, මණ්ඩපය ද, එහි වැස්ම ද කඩතුරාව ද


මණ්ඩපය ඉදි කළ දවසේ දී, වලාකුළක් විත් සම්මුඛ මණ්ඩපය වසා ගත්තේ ය. සවස පටන් උදය දක්වා ගින්න වැනි පෙනුමක් එහි තිබිණි.


දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේ ය.


ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය.