Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 3:25 - Sinhala New Revised Version 2018

25 මොවුන්ට සම්මුඛ මණ්ඩපයේ පහත දක්වන කොටස් භාර විය. එනම්, මළුවේ තිර ද, මණ්ඩපය ද, එහි වැස්ම ද කඩතුරාව ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 මොවුන්ට සම්මුඛ මණ්ඩපයේ පහත දක්වන කොටස් භාර විය. එනම්, මළුවේ තිර ද, මණ්ඩපය ද, එහි වැස්ම ද කඩතුරාව ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 සම්මුඛවීමේ කූඩාරමෙහි ගේර්ෂොන් පුත්‍රයන්ගේ භාරයනම් මණ්ඩපය සහ කූඩාරමද ඒකේ වැස්ම සහ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ කඩතුරාවද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:25
23 හුවමාරු යොමු  

මා නුඹට පෙන්වන සැලැස්ම අනුව මණ්ඩපය ද එහි සියලු උපකරණ ද සෑදිය යුතු ය.”


තිමෝතියස්, මාගේ පුත්‍රය, ඔබ ගැන කලින් කියන ලද දිවැස් වැකි අනුව මේ වගකීම ඔබට භාර දෙමි.


“සමිඳාණන් වහන්සේ ඔබට පැවරූ සේවය සම්පූර්ණ කිරීමට වගබලාගන්නැ”යි අර්කිපස්ට කියන්න.


ඒ වනාහි සිය දාසයන්ට බලය ද එකිනෙකාට තම තමන්ගේ වැඩ ද පවරා, ‘අවදි ව ඉන්නැ’යි දොරටු පාලයාට අණ දී සිය නිවෙසින් පිට වී ගමනක යෙදෙන මනුෂ්‍යයෙකුගේ ආපසු පැමිණීම හා සමාන ය.


හෙසකියා දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කරන්නත්, සමිඳාණන් වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්නත්, ස්තුති ප්‍රශංසා කරන්නත්, පූජකයන්ගේත්, ලෙවීවරුන්ගේත් කාණ්ඩවල ප්‍රකාරයට, පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ කාණ්ඩ නියම කෙළේ ය.


සම්මුඛ මණ්ඩපයේ වත්පිළිවෙත් ද ශුද්ධස්ථානයේ වත්පිළිවෙත් ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් තම සහෝදරයන් වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ වත්පිළිවෙත් ද බලාගැනීමත් ය.


එවිට මණ්ඩපය බාන ලදින්, ගේර්ෂොන්ගේ හා මෙරාරීගේ දරුපරපුර එය උසුලාගෙන පිටත් ව ගියහ.


ගේර්ෂොන්ගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් දෙකක් සහ ගොනුන් හතරදෙනෙකු ද


මණ්ඩපයේ සේවාවන්ට අදාළ ව, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ආරොන් සහ මුළු ජනතාව පිළිබඳ වගකීම් ඔවුන් බාරගත යුතු ය.


මණ්ඩපයේ දොරකඩ කඩතුරාව ද එල්ලී ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස ඔහු මණ්ඩපය මතුපිටින් කූඩාරම අතුරා ඊට උඩින් කූඩාරම් ආවරණය තැබී ය.


තවද, නුඹ ගිවිසුම් කරඬුව තබා ඇති මණ්ඩපය ද එහි ඇති සියලු බඳුන් හා භාණ්ඩ ද පිළිබඳ ව වගකීම ඔවුන්ට බාර දිය යුතු ය. මණ්ඩපයත්, එහි ඇති බඳුන් සියල්ලත් උසුලාගෙන යා යුත්තෝ ඔව්හු ය. ඔවුන් එය තුළ පූජක සේවාව ඉටු කරමින්, එය වටේට කඳවුරු බැඳිය යුතු ය.


තවද, මොවුන්ගේ ප්‍රධානියා, ලායෙල්ගේ පුත් එලියාසාප් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්