නික්මයාම 25:9 - Sinhala New Revised Version 2018 මා නුඹට පෙන්වන සැලැස්ම අනුව මණ්ඩපය ද එහි සියලු උපකරණ ද සෑදිය යුතු ය.” Sinhala New Revised Version මා නුඹට පෙන්වන සැලැස්ම අනුව මණ්ඩපය ද එහි සියලු උපකරණ ද සෑදිය යුතු ය.” Sinhala Revised Old Version මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න. |
මෙලෙස ජනතාවගේ සම්මුඛ මණ්ඩපයේ වැඩ සියල්ල නිම කරන ලදී. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල කළහ.
මෝසෙස් කර්මාන්ත සියල්ල නැරඹුව විට සමිඳාණන් වහන්සේ අණ කළ ප්‍රකාර ම ඔවුන් සියල්ල ම ඉටු කර තිබෙන බව දැක ඔහු ඔවුන්ට ආශීර්වාද කෙළේ ය.
තවද, ශුද්ධස්ථානයේ සේවාවට භාවිත කෙරෙන බඳුන් සියල්ල ගෙන, ඒවා නිල්වන් රෙදි කඩකින් ඔතා, පදම් කළ සම් ආවරණයක් එය මත අතුරා, මේ සියල්ල මැස්ස උඩ තැබිය යුතු ය.
තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට පෙන්නූ සැලැස්ම අනුව, ඔහු විසින් එය සාදා තිබිණි. එය තැළූ රනින් නිම කළ එකක් විය. එය මුදුන සිට අඩිය දක්වා තැළූ රනින් සාදා තිබිණි.
“අපේ පියවරුන්ට කාන්තාරයෙහි සාක්ෂි මණ්ඩපය තිබුණේ ය. එය සාදන ලද්දේ, දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට පෙන්වන ලද සැලැස්ම අනුව, ඔහු සමඟ කතා කළ තැනැන් වහන්සේ නියම කළ ලෙසට ය.
මනුෂ්‍යයා විසින් නොව සමිඳාණන් වහන්සේ විසින් සාදන ලද ශුද්ධස්ථානය වන සැබෑ මණ්ඩපයේ සේවය කරන සේක.
මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල: “කන්දේ දී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලාගනින්නැ”යි දෙවියන් වහන්සේ ආඥා කළ සේක. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක් ව තිබෙන දේවලට සේවය කරති.
එතැන මණ්ඩපයක් ඉදි කරන ලදී. එහි පළමු වන කොටසෙහි පහන් රුක ද මේසය ද පිදුම් පූපද තිබුණේ ය. එය ශුද්ධස්ථානය නම් විය.
මේ සියල්ල වර්තමාන තත්ත්වය හඟවන සංකේතයකි. එහි නියම කර ඇති පඬුරු හා පූජා ඒවා ඔප්පු කරන්නා හට අභ්‍යන්තර පරිපූර්ණත්වයක් ගෙන නොදෙයි.