සලමොන් වනාහි පාරාවෝගේ දුව දාවිත්ගේ නුවරින් කැඳවාගෙන විත්, ඇය සඳහා ගොඩනැඟුවා වූ මාලිගාවට ඇය ගෙනාවේ ය. මන්ද, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පැමිණි ස්ථාන ශුද්ධ බැවින් මාගේ භාර්යාවක ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ මාලිගාවෙහි නොවිසිය යුතු ය”යි ඔහු කීවේ ය.
නික්මයාම 25:10 - Sinhala New Revised Version 2018 “තවද, ඔවුන් ෂිටිම් ලීයෙන් සෙන්ටිමීටර් එකසිය දහයක් දිග, සෙන්ටිමීටර් හැටහයක් පළල, සෙන්ටිමීටර් හැටහයක් උස කරඬුව සෑදිය යුතු ය. Sinhala New Revised Version “තවද, ඔවුන් ෂිටිම් ලීයෙන් සෙන්ටිමීටර් එකසිය දහයක් දිග, සෙන්ටිමීටර් හැටහයක් පළල, සෙන්ටිමීටර් හැටහයක් උස කරඬුව සෑදිය යුතු ය. Sinhala Revised Old Version ඔව්හු ෂිටිම් ලීවලින් පෙට්ටියක් සාදත්වා. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද වියයුතුය. |
සලමොන් වනාහි පාරාවෝගේ දුව දාවිත්ගේ නුවරින් කැඳවාගෙන විත්, ඇය සඳහා ගොඩනැඟුවා වූ මාලිගාවට ඇය ගෙනාවේ ය. මන්ද, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පැමිණි ස්ථාන ශුද්ධ බැවින් මාගේ භාර්යාවක ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ මාලිගාවෙහි නොවිසිය යුතු ය”යි ඔහු කීවේ ය.
නුඹට සෑදීමට අණ කළ ඒවා නම් සම්මුඛ මණ්ඩපය, ගිවිසුම් කරඬුව, එය මත ඇති කරුණාසනය, මණ්ඩපයේ සියලු බඩු බාහිරාදිය,
මෙලෙස ජනතාවගේ සම්මුඛ මණ්ඩපයේ වැඩ සියල්ල නිම කරන ලදී. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල කළහ.
මොවුන් හට පහත දක්වන ඒවා භාර විය යුතු ය. එනම්, ගිවිසුම් කරඬුව සහ මේසය ද, පහන් රුක ද පූජාසනය සහ සේවාවට ගන්නා ශුද්ධස්ථානයේ සියලු බඩු භාණ්ඩ ද, කඩතුරාව සහ මේවා සම්බන්ධ සේවාවන් සියල්ල ද වේ.
“කඳවුරේ කූඩාරම් ගලවා ඉදිරියට යා යුතු අවස්ථාව පැමිණි විට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විත් ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරය ගලවා, එයින් ගිවිසුම් කරඬුව වැසිය යුතු ය.
ඉන්පසු පදම් කළ සම් ආවරණය එය මත දමා, මේ සියල්ල මත නිල් පාට රෙද්දක් ඇතිරිය යුතු ය. මෙසේ කළ පසු එය උසුලාගෙන යන හරස් පොලු ඊට දැමිය යුතු වේ.
එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුව ද තිබුණේ ය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය.
එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේ ය. උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුළ පෙනුණේ ය. එවිට විදුලි කෙටීම් ද ශබ්ද ද ගිගුරුම් ද භූමිකම්පාවක් ද, මහ ගල් වර්ෂාවක් ද විය.