Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 3:31 - Sinhala New Revised Version 2018

31 මොවුන් හට පහත දක්වන ඒවා භාර විය යුතු ය. එනම්, ගිවිසුම් ‍‍කරඬුව සහ මේසය ද, පහන් රුක ද පූජාසනය සහ සේවාවට ගන්නා ශුද්ධස්ථානයේ සියලු බඩු භාණ්ඩ ද, කඩතුරාව සහ මේවා සම්බන්ධ සේවාවන් සියල්ල ද වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 මොවුන් හට පහත දක්වන ඒවා භාර විය යුතු ය. එනම්, ගිවිසුම් ‍‍කරඬුව සහ මේසය ද, පහන් රුක ද පූජාසනය සහ සේවාවට ගන්නා ශුද්ධස්ථානයේ සියලු බඩු භාණ්ඩ ද, කඩතුරාව සහ මේවා සම්බන්ධ සේවාවන් සියල්ල ද වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 ඔවුන්ගේ භාරය නම් පෙට්ටියද මේසයද පහන්රුකද පූජාසනද ශුද්ධස්ථානයෙහි සේවයට ගන්නා භාජනද කඩතුරාවද ඊට අයිති සියලු වැඩද බලාගැනීමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:31
15 හුවමාරු යොමු  

බෙශලෙල් ද ෂිටිම් ලීයෙන් ගිවිසුම් කරඬුව සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් එකසිය දහයක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද උස සෙන්ටිමීටර් හැටහයක් ද විය.


සම්මුඛ මණ්ඩපයත්, පූජාසනයත් අතර ඔහු වතුර භාජනය තබා, පවිත්‍ර කරගන්නා පිණිස එහි වතුර වත් කෙළේ ය.


තවද, මොවුන්ගේ ප්‍රධානියා උශ්ශියෙල්ගේ පුත් එලිශාපාන් ය.


පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්, ලෙවීවරුන්ගේ ප්‍රධානියා වේ. ශුද්ධස්ථානයේ සේවාවන් ඉටු කරන්නන් පිළිබඳ වගකීම ඔහු සතු ය.


මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි.


එකල සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යනු සඳහා ද උන් වහන්සේ ඉදිරියෙහි සේවය කිරීමට ද සිය නාමයෙන් ආශීර්වාදය පැවසීමට ද අද දක්වා ම පැවත එන පරිදි ලෙවීගේ ගෝත්‍රයේ ජනයා පත් කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්