මහා බාහු බලයෙන් මිසර දේශයෙන් නුඹලා ගෙනා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වා, උන් වහන්සේට ම නමස්කාර කොට උන් වහන්සේට ම පූජා කරන්න.
ද්විතීය නීතිය 6:12 - Sinhala New Revised Version 2018 වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ අමතක නොකරන්නට වගබලාගන්න. Sinhala New Revised Version වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ අමතක නොකරන්නට වගබලාගන්න. Sinhala Revised Old Version මිසර දේශය වන වහල්කමේ ගෙයින් නුඹ පිටතට ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැති නොකරන්ට බලාගන්න. |
මහා බාහු බලයෙන් මිසර දේශයෙන් නුඹලා ගෙනා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වා, උන් වහන්සේට ම නමස්කාර කොට උන් වහන්සේට ම පූජා කරන්න.
දෙවිඳුන් අමතක කරන කොයි මිනිසාගේත් ඉරණම එසේ ම වේ. දෙවිඳුන් නොහඳුනන්නාගේ පැතීම ද එසේ ම වැනසී යන්නේ ය.
මේ සියල්ල අපට පැමිණි බව ඇත්ත ය; එහෙත් අපි, ඔබ අමතක නොකෙළෙමු; ඔබ සමඟ කළ අපේ ගිවිසුම කඩ නොකෙළෙමු.
අහෝ දෙවිඳුනි! මා සෙනඟ නොපැකිළෙන පිණිස සතුරන් නොනැසුව මැනව; ඔබේ බලයෙන් ඔවුන් සලිත කොට පහතට හෙළුව මැනව. සමිඳාණෝ අපේ පලිහ වන සේක.
මෙසේ ඔව්හු දෙවිඳුන් තුළ බලාපොරොත්තුව තබා, එතුමාණන්ගේ ක්‍රියා කවදා වත් අමතක නොකරන්නෝ ය. එතුමාණන්ගේ අණපනත් සදහට ම පිළිපදින්නෝ ය.
‘මේ කුමක් ද’ කියා මතු දවස ඔබේ පුත්‍රයා ඔබෙන් අසන විට ඔබ ද ඔහුට කතා කොට, ‘සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් වහල්කමේ නිවාසය වන මිසරයෙන් අප පිටතට ගෙනා සේක.
මෝසෙස් සෙනඟට කතා කොට මෙසේ කී ය: “ඔබ, වහල්කමේ නිවාසය වූ මිසරයෙන් පිටතට පැමිණි මේ දවස සිහි කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් ඔබ එතැනින් පිටතට ගෙනා හෙයිනි. එබැවින් ඔබ මුහුන් පූප නො කෑ යුතු ය.
එබැවින් නුඹ ඉශ්රායෙල් ජනතාවට කතා කොට, ‘මම වනාහි සමිඳාණන් වහන්සේ ය. මිසර වාසීන් නුඹලා පිට පටවා ඇති බරපතල වැඩවලින් නුඹලා මුදා, ඔවුන්ගේ වහල් සේවයෙන් නිදහස් කොට, මාගේ හස්තය දිගු කොට දරුණු ලෙස ඔවුන්ට දඬුවම් දෙමින් මම නුඹලා ගළවාගන්නෙමි.
එසේ දිය යුත්තේ, මා සැප සම්පතින් පිරී, ඔබ හැරදමා, “ඔය කියන සමිඳාණෝ කවරෙක් දැ”යි නොකියන පිණිසත්, මා දිළිඳෙකු වී, සොරකමට වැටී, දෙවිඳුන්ගේ නාමයට අගෞරව නොකරන පිණිසත් ය.
ඉශ්රායෙල්වරුනි, ඔබේ විමුක්තිය හා රැකවරණය වන, පර්වතය මෙන් වැඩ සිටින දෙවිඳුන් අමතක කර, ඔබ අඩොනිස් දෙවියාට ද අන්‍ය දෙවිවරුන්ට ද වෘක්ෂාරාම කැප කළහු ය.
අහස විහිදුවා පොළොවේ අත්තිවාරම දැමූ නුඹලාගේ මැවුම්කාරයා අමතක කළහු ද? නුඹලා විනාශ කිරීමට අරමුණු කරගත් පීඩා කරන්නන්ගේ කෝපය නිසා නුඹලා දවස මුළුල්ලේ ම වෙවුළන්නේ කුමට ද? පීඩා කරන්නන්ගේ කෝපයෙන් නුඹලාට කිසි හානියක් නොවන්නේ ය.
“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹේ ආදි පියවරුන් වහල්කමින් නිදහස් කර, මිසර දේශයෙන් ගෙනා විට මම ඔවුන් සමඟ ගිවිසුමක් කෙළෙමි.
ඈ කනකර අබරණ පළඳිමින්, පෙම්වතුන් පසුපස දුවමින්, බාල් දේවතාවන්ට සුවඳ දුම් පුදමින් මා අමතක කළ බැවින් මම ඈට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ සමිඳාණන් ය.”
නුඹලාට මේ දාවලු පෙනෙන විට, සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල සිහි කොට ඒවා පිළිපැදීමට සිතට ගත යුතු ය. එවිට නුඹලා මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගත් මෙන්, නුඹලාගේ නෙත් සිත් ඇදී යන පරිදි එසේ නොකළ යුතු ය.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ කරගත් ගිවිසුම අමතක නොකරන ලෙසටත්, උන් වහන්සේ ඔබට තහනම් කළ නෙළූ පිළිමයක් හෝ වෙන කිසිවකට සමාන රූපයක් හෝ නොසාදන ලෙසටත් ප්‍රවේසම් වන්න.
පරෙස්සම් වන්න! ඔබේ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිසත්, දිවි ඇති තාක් ඒවා ඔබේ සිතින් පහ වී නොයන පිණිසත්, ඒවා මැනවින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න.
ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වූ පසු, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් සරුසාර රට උදෙසා උන් වහන්සේට ස්තුති පිදිය යුතු ය.”
ක්‍රිස්තුන් වහන්සේගෙන් නොවන, මිනිස් සම්ප්‍රදායයන් හා ලෝක භූතාධිපතීන් පදනම්කොටගත් දර්ශනවාදවලින් හා සම්ප්‍රලාපවලින් උගුල් අටවන අයගෙන් පරිස්සම් වන්න.
ඔව්හු තමන්ගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අතහැර, අන් දෙවිවරුන් එනම්, තමන් අවට සිටි මනුෂ්‍ය ජාතීන්ගේ දෙවිවරුන් අනුව ගොස් ඔවුන්ට නමස්කාර කළෝ ය. එසේ කිරීමෙන් ඔව්හු සමිඳාණන් වහන්සේ කෝප කළෝ ය.