ඔව්හු යන්න ගියෝ ය. එහෙත් ඔවුන් අවට තිබූ නගරවල වැසියන් බියෙන් තැතිගත් බැවින් කිසිවෙක් ජාකොබ්ගේ පුත්‍රයන් ලුහුබැඳ නොගියෝ ය.
ද්විතීය නීතිය 2:25 - Sinhala New Revised Version 2018 මම අද දින මුළු පොළෝ තලයෙහි සිටින සියලු ජාතීන් තුළ නුඹ නිසා තැති ගැන්ම සහ භීතිය ඇති කරමි. නුඹ ගැන ඇසූ විට, ඔව්හු බියෙන් ඇළලී කැළඹෙන්නෝ ය’යි වදාළ සේක.” Sinhala New Revised Version මම අද දින මුළු පොළෝ තලයෙහි සිටින සියලු ජාතීන් තුළ නුඹ නිසා තැති ගැන්ම සහ භීතිය ඇති කරමි. නුඹ ගැන ඇසූ විට, ඔව්හු බියෙන් ඇළලී කැළඹෙන්නෝ ය’යි වදාළ සේක.” Sinhala Revised Old Version මුළු අහසින් යට සිටින සෙනඟවල් පිටට නුඹ නිසා තැතිගැන්ම හා භය පමුණුවන්ට අද දවසේ පටන්ගනිමි, ඔව්හු නුඹේ ප්‍රවෘත්තිය අසා නුඹ නිසා වෙවුලමින් අතිශයින් කැලඹෙන්නෝයයි කීසේක. |
ඔව්හු යන්න ගියෝ ය. එහෙත් ඔවුන් අවට තිබූ නගරවල වැසියන් බියෙන් තැතිගත් බැවින් කිසිවෙක් ජාකොබ්ගේ පුත්‍රයන් ලුහුබැඳ නොගියෝ ය.
දාවිත්ගේ කීර්තිය සියලු රටවල පතළ වී ගියේ ය. සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් තුළ ඔහු කෙරෙහි භයක් ඇති කළ සේක.
ඔවුන් පිටත් ව ගිය කල මිසර වැසියෝ සතුටු වූ හ. මන්ද, ඔව්හු ඉශ්රායෙල් සෙනඟට බියෙන් සිටියහ.
“මම නුඹලාට පෙරටුව භීතිය හට ගන්වා, නුඹලාට මුණගැසෙන සියලු සෙනඟ වියවුල් කරවන්නෙමි, නුඹලාගේ සියලු සතුරන් නුඹලාට පිටුපා දුවන්නට සලසමි.
මා විසින් ඔවුන්ට කරනු ලබන සියලු යහපත ගැන අසන පොළොවේ සියලු ජාතීන් අතරේ, මේ නගරය මට ප්‍රීතියක් ද ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන්නේ ය; මා ඊට කර දෙන සියලු යහපත හා සමගිය නිසා ඔව්හු බිය වී වෙවුළන්නෝ ය.”
ඉශ්රායෙල් සෙනඟ බොහෝ වූ බැවින් මෝවබ්හි වැසියෝ ඔවුන්ට අතිශයින් බියපත් වී ඔවුන් නිසා කැළඹුණාහ.
ඔබට විරුද්ධ ව කිසිවෙකුට නැඟිට සිටීමට හැකි නොවනු ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට වදාළ ලෙස ඔබ පස් පාගන සෑම රටක් පිට ම ඔබ ගැන භීතිය සහ සන්ත්‍රාසය එවනු ඇත.
ගිබියොන් රාජකීය නගරයක් මෙන් විශාල නගරයක් ව තිබුණ නිසා ද එය ආයි නගරයටත් වඩා විශාල නිසා ද එහි වැසියන් සියලු දෙනා බලසම්පන්න නිසා ද ජෙරුසලම් වැසියෝ බියපත් වූවෝ ය.
ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, “මුළු දේශය ඔබ හැමට දෙන්නටත්, ඔබ හැම ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශ කරදමන්නටත්, ඔබ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු මෝසෙස්ට අණ කළ බව අපට දැනගන්නට ලැබුණ බැවින්, ඔබ විසින් මරනු ලබනු ඇත යන බියෙන් අපි මෙසේ කෙළෙමු.
බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි.