Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 2:25 - Sinhala Revised Old Version

25 මුළු අහසින් යට සිටින සෙනඟවල් පිටට නුඹ නිසා තැතිගැන්ම හා භය පමුණුවන්ට අද දවසේ පටන්ගනිමි, ඔව්හු නුඹේ ප්‍රවෘත්තිය අසා නුඹ නිසා වෙවුලමින් අතිශයින් කැලඹෙන්නෝයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 මම අද දින මුළු පොළෝ තලයෙහි සිටින සියලු ජාතීන් තුළ නුඹ නිසා තැති ගැන්ම සහ භීතිය ඇති කරමි. නුඹ ගැන ඇසූ විට, ඔව්හු බියෙන් ඇළලී කැළඹෙන්නෝ ය’යි වදාළ සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 මම අද දින මුළු පොළෝ තලයෙහි සිටින සියලු ජාතීන් තුළ නුඹ නිසා තැති ගැන්ම සහ භීතිය ඇති කරමි. නුඹ ගැන ඇසූ විට, ඔව්හු බියෙන් ඇළලී කැළඹෙන්නෝ ය’යි වදාළ සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 2:25
14 හුවමාරු යොමු  

නුඹලාට විරුද්ධව සිටින්ට කිසිවෙකුට නොහැකි වන්නේය. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට කී හැටියට නුඹලා නිසා ඇතිවන්නාවූ භයද තැතිගැන්මද උන්වහන්සේ නුඹලා පය තබන මුළු දේශය පිට තබනවා ඇත.


ස්වාමීන්වහන්සේගේ නාමය නුඹ කෙරෙහි තබා තිබෙන බව පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයෝ දැක නුඹට භයවන්නෝය.


මාගේ භයංකරකම නුඹට පෙරටුව යවා නුඹ පැමිණෙන තැන්වල මුළු සෙනඟ වියවුල්කොට නුඹේ සියලු සතුරන් නුඹට පිටුපාන්ට සලස්වන්නෙමි.


බලව, යුදෙව්වරුව නොසිට තුමූ යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම නුඹට ප්‍රේමකළ බව දැනගන්ටත් සලස්වන්නෙමි.


ඔවුන් පිටත්ව ගිය කල මිසරය සන්තෝෂවූවාය; මක්නිසාද එහි වැසියන්ට ඔවුන් ගැන භයක් පැමිණ තිබුණේය.


ඔව්හු යෝෂුවාට උත්තරදෙමින්: මුළු දේශය නුඹවහන්සේලාට දෙන්ටත් නුඹවහන්සේලා ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශකරදමන්ටත් නුඹවහන්සේලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස්ට අණකළ බව ඔබගේ දාසයන්ට සැබවින් දන්වන්ට යෙදුණේය; එබැවින් අපි නුඹවහන්සේලා නිසා අපේ ප්‍රාණ ගැන ඉතා භයව මේ දේ කෙළෙමුව.


මා විසින් ඔවුන්ට කරන මුළු යහපත ගැන අසන්නාවූ පොළොවේ සියලු ජාතීන් අතරේ මේ නුවර මට ප්‍රීතිමත් නමක්ද ප්‍රශංසාවක්ද ගෞරවයක්ද වන්නේය, මා විසින් ඊට කරදෙන මුළු යහපත නිසාත් සමාදානය නිසාත් ඔව්හු භයව වෙවුලන්නෝය.


ඔව්හු ගමන්කළෝය. ඔවුන් අවට තිබුණු නුවරවල් කෙරෙහි මහත් භයක් පැමුණුණු බැවින් ඔව්හු යාකොබ්ගේ පුත්‍රයන් ලුහු නොබැන්දෝය.


දාවිත්ගේ කීර්තිය සියලු රටවල පතළවී ගියේය; ස්වාමීන්වහන්සේ සියලු ජාතීන් පිටට ඔහු කෙරෙහි භයක් පැමිණෙවුසේක.


සෙනඟ බොහෝවූ බැවින් මෝවබ්වරු ඔවුන් ගැන අතිශයෙන් භයපත්වුණෝය. එසේ මෝවබ් ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා කැලඹී,


ඔව්හු ඉතා භයවූවෝය, මක්නිසාද ගිබියොන් රාජකීය නුවරක් මෙන් මහත් නුවරක්ව තිබුණේය; ඒක හායිට වඩා මහත් විය, එහි සියලු මනුෂ්‍යයෝද බලවන්තයෝ වූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්