අසරුවන් එක්දහස් හත්සියයක් ද පාබළ සෙනඟ විසිදහසක් ද ඔහුගෙන් අල්ලාගෙන, එයින් රථ සියයකට අසුන් ඉතිරි කරගෙන අනික් සියලු අශ්වයන්ගේ කුදිකපා අබලන් කෙළේ ය.
ද්විතීය නීතිය 17:16 - Sinhala New Revised Version 2018 රජු සිය ප්‍රයෝජනයට බොහෝ අශ්වයන් සපයා නොගත යුතු ය. බොහෝ අශ්වයන් සපයාගැනීම සඳහා සෙනඟ ද මිසරයට නොයැවිය යුතු ය. මන්ද, ‘ඔබ හැම ඒ මාර්ගයෙන් ආපසු නොයා යුතු ය’යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. Sinhala New Revised Version රජු සිය ප්‍රයෝජනයට බොහෝ අශ්වයන් සපයා නොගත යුතු ය. බොහෝ අශ්වයන් සපයාගැනීම සඳහා සෙනඟ ද මිසරයට නොයැවිය යුතු ය. මන්ද, ‘ඔබ හැම ඒ මාර්ගයෙන් ආපසු නොයා යුතු ය’යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. Sinhala Revised Old Version බොහෝ අශ්වයන් ඔහු විසින් සපයා නොගත යුතුය, බොහෝ අශ්වයන් සපයාගන්න පිණිස සෙනඟ මිසරයට හැරීයන්ට නොසැලැස්විය යුතුය. මක්නිසාද: නැවත මේ මාර්ගයෙන් තවත් හැරී නොයන්නැයි ස්වාමීන්වහන්සේ නුඹලාට කීසේක. |
අසරුවන් එක්දහස් හත්සියයක් ද පාබළ සෙනඟ විසිදහසක් ද ඔහුගෙන් අල්ලාගෙන, එයින් රථ සියයකට අසුන් ඉතිරි කරගෙන අනික් සියලු අශ්වයන්ගේ කුදිකපා අබලන් කෙළේ ය.
එකල හග්ගිත්ගේ පුත් අදොනියා, “මම රජ වෙමි”යි තමා ම උසස් කරගෙන රථ ද අසරුවන් ද තමාට පෙරටුවෙන් දුවන පිණිස මිනිසුන් පනස්දෙනෙකු ද සපයාගත්තේ ය.
එබැවින් ලෙබනොන් දේශයෙන් කිහිරි ගස් කපා මට දෙන්න අණ කළ මැනව. මාගේ වැඩකාරයෝ ඔබේ වැඩකාරයන් සමඟ සිටින්නෝ ය. ඔබේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයට ඔබට දෙන්නෙමි. මන්ද, සීදොන් නගරවාසීන් මෙන් ලී කපන්න දන්න අය අප අතර නැති බව ඔබ දන්නෙහි ය”යි කියා යැවී ය.
සලමොන්ට සිටි අශ්වයෝ මිසර හා කූවේ දේශයෙන් ගෙනෙන ලද්දෝ ය. රජුගේ වෙළෙන්දෝ උන් රැළක් රැළක් වශයෙන් නියමිත මිලකට ලබාගත්හ.
සලමොන් රජුට අශ්වයන් සහ රථ සඳහා ගාල් හාරදහසක් තිබිණි. අසරුවෝ දොළොස්දහසකුත් සිටියෝ ය. රජ ඒවා රථ නවත්වන නගරවල ද තමා ළඟ ජෙරුසලමෙහි ද තැබුවේ ය.
සමහරු යුද රිය කෙරෙහි ද ඔවුන්ගේ අශ්වයන් කෙරෙහි ද විශ්වාසය තබති. එහෙත්, අපි නම් දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබමු.
පාරාවෝ සෙනඟට යන්න අවසර දුන් විට, පිලිස්තිවරුන්ගේ දේශය මැදින් වූ මාර්ගය ඉතා කිට්ටු වූ නමුත් එය දිගේ දෙවියන් වහන්සේ ඔවුන් ගෙන නොගිය සේක. මන්ද, ‘සටන් කිරීමට වන බව ඔවුන් දකින කල ඇතැම් විට ඔවුන් සිත වෙනස් කරගෙන මිසරයට ආපසු යත හැකි ය’ කියා උන් වහන්සේ සිතූ බැවිනි.
එහෙයින් උන් වහන්සේ පාළුකරය ඔස්සේ වටවංගු මාර්ගයකින් රතු මුහුද දෙසට ඔවුන් ගෙන ගිය සේක. ඉශ්රායෙල් සෙනඟ ද සන්නාහ සන්නද්ධ ව මිසර දේශයෙන් නික්ම ගියහ.
මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය.
ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී ඇත. වස්තුවට නිමක් නැත. ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී ඇත. ඒ රථවාහනවල නිමක් නැත.
ජෙරමියා තවදුරටත් කතා කරමින් මෙසේ කී ය: “ජුදාහි ඉතිරි ව සිටින ජනයෙනි මිසරයට නොයන්නැ යි සමිඳාණන් වහන්සේ ඔබ හැමට කියා ඇත. මා අද ඔබට අවවාද කළ බව හොඳට සිතට ගන්න.
එහෙත්, ජුදාවේ රජ කැරලිගසා අශ්වයන් සහ බොහෝ සෙනඟ ලබාගන්න පිණිස තමාගේ තානාපතියන් මිසරයට යැව්වේ ය. ඔහු ජය ගනීවි ද? මෙබඳු දේ කරන්නාට ගැළවෙන්න පුළුවන් ද? ගිවිසුම කඩ කළායින් පසුත් ඔහුට ගැළවෙන්න හැකි වේ ද?
“ඔවුන් මා වෙත හැරී එන්නට අකමැති නිසා ඔවුන්ට මිසරයට ආපසු යන්න සිදු වේ. අසිරියා රජු ඔවුන් පාලනය කරනු ඇත.
අප ගළවන්න අසිරියාවට නොහැකි ය: යුද්ධ රථ වාහනවලට අප ආරක්ෂා කළ නොහැකි ය. මින්පසු කිසි කලෙක අතින් තැනූ දේව රූප අමතා, ‘ඔබ අපේ දෙවියෝ ය’යි නොකියමු. ස්වාමීනි, අනාථ අයට ඔබ වහන්සේ දයානුකම්පාව දක්වන සේක.”
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම නුඹලාගේ අශ්වයන් පහකොට නුඹලාගේ රථ විනාශ කරන්නෙමි.
ඔබ මිසර දේශය නැවත නොදකින්නෙහි යයි මා කී නමුත් සමිඳාණන් වහන්සේ ගොඩින් සහ මුහුදින් ඔබ මිසර දේශයට නැවත යවන සේක. එහි දී ඔබ වහල් දැසිදසුන් මෙන් ඔබේ සතුරන්ට විකුණනු ලබන්නහු ය. එහෙත් කිසිවෙකු ඔබ මිලට නොගනු ඇත.”
ඔහු ඔවුන්ට මෙසේ කීවේ ය: “ඔබ කෙරෙහි රජකම් කරන රජ මෙවැන්නෙක් වන්නේ ය. ඔහු ඔබේ පුත්‍රයන් ගෙන තමාගේ රියැදුරන් හා අසරුවන් වශයෙන් ද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිස ද පත් කරගන්නේ ය.